පොහොට්ටු මන්ත‍්‍රීන් තුනක් විරුද්ද වෙයි.. අයවැය පරදී…

November 12, 2021 at 10:02 pm | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රීන් තුනක් විරුද්ද වෙයි.. අයවැය පරදී…

වාරියපොල ප‍්‍රාදේශීය සභාව 2022 වසර සඳහා ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද 3 කින් පරාජයට පත්වී තිබේ.

එම ප්‍රාදේශීය සභාවේ බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මත මෙම තත්ත්වය ඇති විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 18 විරුද්ධව ඡන්ද 21 ක් ලැබී තිබිණි.

එම සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 23ක් එක්සත් ජාතික පක්ෂයේ 12ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනක් සහ වෙනත් පක්ෂවල තුන් දෙනෙකු නියෝජනය කරති.

113,596 views

3 Comments to “පොහොට්ටු මන්ත‍්‍රීන් තුනක් විරුද්ද වෙයි.. අයවැය පරදී…”

  1. MD says:

    කිසිම අයවැයක් ඵහි අන්තර්ගත කරුණු සම්බන්ධව ජයක් හෝ පරාජයක් ලබා නැත යන්න මගේ අදහසයි.සියලු ජය පරාජයන් දේශපාලනය හසුරුවනවා ඇත.ඵය ඵදත් අදත් එලෙසමයි.

  2. Kumudu says:

    හොරුන් අතරේ සොරකමට තරගයක්.

  3. Kumudu says:

    හොරුන් අතරේ සොරකමට තරගයක්.