පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

November 3, 2021 at 3:00 pm | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 19 දෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මේ බව දැනුම් දෙමින් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වෙත ලිපියක් භාර දීමට සැලසුම් කර ඇතැයි මන්ත්‍රීවරුන් කියා සිටිති.

මෙලෙස සිය විරෝධය දක්වමින් ඉල්ලා අස්වන්නේ සභාවේ සභාපතිවරයාට විපක්ෂය විසින් එල්ල කර ඇති අසත්‍ය චෝදනා මත ආණ්ඩුකාරවරයා සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පවසමිනි.

එම ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසිතුන් දෙනකු සිටින අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් දහ නව දෙනෙකි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තවත් කිහිප දෙනෙකු ද සභාපතිවරයා ඉවත් කිරීමට සහාය පළ කර ඇති බවද වාර්තා වෙයි.

243,751 views

11 Comments to “පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..”

  1. saman says:

    මුන් ඉල්ලා අස් උනොත් ඉර පායන්නේ නෑ අයිත් කවදාවත්

    • Daya says:

      ඉර පායන්නේ වෙන ක්‍රමයකට.

      පොහොට්ටුව සම්බන්ධ නැහැ වහලෝ.

      • කැපුවත් පොහොට්ටුවට says:

        ඔය කවුරුවත් ඉල්ලා අස්වෙන්නෙ නෑ තාවකාලික කෝපයක්. පොහොට්ටුව සැමදා බබලනව.

    • උඔ ඔටෝ චූන් වෙලා නේද මිනිමරුවෝ. බලා හිටපං 3%න උඩ යනකම්

  2. aniwa says:

    This is good news. Let’s get the remaining Rajapakses under national list.
    We can do it sir, jaya wewa !

  3. Gamarala says:

    ඇයි 225න් නැත්තේ?

  4. Rambakumara says:

    Gon news. Catering for personal agenda as usual.

    Waste of time reading this.

  5. M.O.A.Careem says:

    Portfolio to portfolio drama..

  6. Osmand says:

    වැඩකට නැති ප්‍රාදේශීය සබා විසුරුවා හැරීම ඊට වඩා හොදයි. රට විනාශ කරන්නේ ඔවුන්. කිසිදු අධ්‍යාපනයක්ත නොමැති තක්කඩි කසිප්පු කාරයන් කරලියට එන්නේ ඔතනින්.

    • සම්පූර්ණයෙන්ම වැඩකට නැති සභාවක් තමයි පළාත් සභා කියන්නේ රාදේශීය සභා නම් යම් ප්‍රමාණයකට ප්‍රදේශයේ වැඩ කිරීම සඳහා ඉදිරියේ දී යොදා ගත හැකිය පළාත් සභා නම් හිවල්ලු ම තමයි

  7. Yaaluwa says:

    අස්වෙන උන්ට බැසිල් කුට්ටිය පෙන්නපු ගමන් ආයිත් ඇතුලේ. ආයිත් කොහේ යන්නද?