පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබයි.. යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රෝහල්ගත කරයි..

December 9, 2019 at 9:20 am | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබයි.. යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රෝහල්ගත කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්ව කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන හිටපු යුද හමුදා සෙබලෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙක් මෙසේ තුවාල ලබා ඇත.

හිටපු මන්ත‍්‍රීවරයාගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ පහරදී ඇති බවද වාර්තාවෙයි.

පහරදීම නිසා හිටපු හමුදා සෙබළාගේ පාදය තැන් දෙපොළකින් අස්ථි බිදීමක් සිදුව ඇත.

තුවාල ලත් පුද්ගලයා පවසන්නේ හිටපු මන්ත්‍රීවරයා විසින් වෙඩි කිහිපයක්ද තැබූ බවයි.

ඔහු සමග තවත් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් පහර දීමට පැමිණි බවද ඔහු කියයි.

හිටපු මන්ත‍්‍රී අහසට වෙඩි තබා තමනට යකඩ පොල්ලකින් පහර දුන් බවද හිටපු හමුදා පැමිණිලි කර ඇත.

ඔහු මේ වන විට කුරුණෑගල රෝහලේ වාට්ටු අංක 47 ප්‍රතිකාර ලබමින් සිටි.

මූලාශ‍්‍රය – මවුබිම පුවත්පත

130 views

32 Comments to “පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබයි.. යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රෝහල්ගත කරයි..”

  1. අංකූරා says:

    පොහොට්ටුවේ ඉදන් පොහොට්ටුව කන ඔය දළඹුවන් අයින් කලේ නැත්නම් පොහොට්ටුව ඉවරෙටම ඉවරයි !!!. ජනාධිපති තුමනි, අපි තුමනි මේ ඔබගේ අවධානය පිණිසයි !!!!.

    • "බුලට්-කටා" says:

      හා..හා… ඔන්න මම මේකට හවුලුත් නැහැ… දැක්කෙත් නැහැ…! රාජිත මුමුනමින් CID එකට කියයි..

      • සිංහල බන්ඩා says:

        ඕක තමා බන් පොහොට්ටුවෙ අනන්‍යතාවය. වෙඩි තියනවා කකුල් කඩනවා.

        • Wijebahu says:

          උඹේ අනන්‍යතාවය මොකක්ද?

          කොටින්ට කඩේ යනවා, බේගල් දෙසා බානවා!

          • sithmal says:

            මොකාට කඩේ ගියත් වැරැද්දට වැරැද්ද කියන්න පුරුදුවෙයන්.. කොන්ද පණනැති උන් වගේ කතාකරන්නෙ නැතිව.

  2. අංකූරා says:

    පොහොට්ටුවේ ඉදන් පොහොට්ටුව කන ඔය දළඹුවන් අයින් කලේ නැත්නම් පොහොට්ටුව ඉවරෙටම ඉවරයි !!!. ජනාධිපති තුමනි, අගමැති තුමනි මේ ඔබගේ අවධානය පිණිසයි !!!!.

  3. හාවා says:

    පොහොට්ටුව පිපෙන කොට හිතපු තරම් සුවඳ නැතුවා වාගෙයි .

    • ඩපයා says:

      මොකෝ බොලයී පක්ෂේ ඉන්නේ ඔක්කොම බෝදිසත්වයෝද? ඕනෑම පක්ෂෙක මේ වගේ අපතයෝ ඉන්න පුළුවන්. තොගේ ගොන් කම ලෝකෙට නොපෙන්වා ඉන්දහන්. කොටින්ම කිව්වොත් පුතාට කෙලවපු රටටම එපා වුනු මර්වින් ඉන්නෙත් බොලගේ පත්තෙනේ.

      • catseye says:

        ඉතින් dapayo ඌ මැරකම් කර කර හිටියේ උඹලගේ පැත්තෙනේ ….ඒ කාලේ උඹලගේ වීරයනේ ….ලොං හැලිලා එලොපුවම අනිත් පැත්තට වෙලා අගුවක ඉන්නවනේ දැන් ….උඹටත් අමතක වීම ද අර අහවලාට වගේ ….නැත්නම් මැරිලා ඉපදිලද

        • kiribatha says:

          sampurna aththa

        • ඩපයා says:

          උගේ ලෝන් හැලුවේ තෝද? ඇයී මෙර්වියා බොලයී පැත්තට ගියේ? මොකෝ ඕකා ගොට එක්ක ඔච්චර තරහ? පුතා බලු වැඩ කොරන්න ගිහින් අම්බානෙක ගුටිකාපු නිසාද?

    • ගිගිරි says:

      අපොයි මෙන්න රටම සුවඳවත් කල කපුරු හාමියෙක්!. නිකං පල ඩෝ යන්න.
      ————————
      මේ යකාට වහා නීතිය ක්‍රියාත්මක කරන්න. නාම යෝජනා දෙන්න එපා කිසිම මැතිවරණෙකදි.

  4. ruwan says:

    පැතූ වෙනස සිදුවෙමින් පවතී. ජය ශ්‍රී.

  5. Sepalikata horen kotana orwin says:

    Wow. Dan sapada????

  6. රටට හිතවත් says:

    මේ බල්ලන් කාගේ ගෙදර කාගේ යටතේ, කාගෙ කටු කා ඇති දැඩි වී ඇතත් රටේ යහපත, රටේ මිනිසුන්ගේ යහපත වෙනුවන් වහාම බැඳ දැමිය යුතුයි..තවද මේ බල්ලන් මෙලෙස පහරන්නේ, රටේ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුව වී සිටින ගෝටාභය ජනාධිපති තුමාගේ පිරිසිදු දෑත මතයි….

  7. බන්ඩා says:

    තගාල, මැරයො සහ කුඩ්ඩො මට්ටු කිරීම ගෝඨාභය රජයේ ප්‍රධාන කාරියක් විය යුතු බව ජනතා අපේක්ෂාවය්.

  8. lanka says:

    common SLLP REMOVE HIM straightway .

  9. George says:

    Sack him immediately. GR promised new constitution. Should rip there civil rights. Don’t let anybody ruined your policy.

  10. Gonsun says:

    Nuugathunta deshapalaayata piviseemata hodama awasthawaawasthawa Pradeshiiya Sabhaya,

    Itsvwada sulu adyaanayakethi ayata, Palath Sabha.

    O LEVEL, A LEVEL., DEGREE ETHI AYATA PAWULE PARLIMENTHUWA PAMANAI

Main News