පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබයි.. යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රෝහල්ගත කරයි..

December 9, 2019 at 9:20 am | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබයි.. යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රෝහල්ගත කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්ව කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන හිටපු යුද හමුදා සෙබලෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙක් මෙසේ තුවාල ලබා ඇත.

හිටපු මන්ත‍්‍රීවරයාගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ පහරදී ඇති බවද වාර්තාවෙයි.

පහරදීම නිසා හිටපු හමුදා සෙබළාගේ පාදය තැන් දෙපොළකින් අස්ථි බිදීමක් සිදුව ඇත.

තුවාල ලත් පුද්ගලයා පවසන්නේ හිටපු මන්ත්‍රීවරයා විසින් වෙඩි කිහිපයක්ද තැබූ බවයි.

ඔහු සමග තවත් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් පහර දීමට පැමිණි බවද ඔහු කියයි.

හිටපු මන්ත‍්‍රී අහසට වෙඩි තබා තමනට යකඩ පොල්ලකින් පහර දුන් බවද හිටපු හමුදා පැමිණිලි කර ඇත.

ඔහු මේ වන විට කුරුණෑගල රෝහලේ වාට්ටු අංක 47 ප්‍රතිකාර ලබමින් සිටි.

මූලාශ‍්‍රය – මවුබිම පුවත්පත

62 views

32 Comments to “පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබයි.. යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රෝහල්ගත කරයි..”

  1. Anoosh says:

    Where is law and order. No justice.

  2. Hari says:

    VIYATHA MAGA Pattan gatha vetharai thawa thiyanawa

  3. Hari says:

    JAYAWEWA,,,,,,,,,!!! JAYAWEWA !!! POHOTTUWA PIPUNA

  4. Kakiyana Lea says:

    Meewage deewal lath tanama lop karala daanna. Mahinda Mahattayata uneth ookama tamaa.”Apee ekaa api rakinawa” kiyala katai pukai wahagena hitiya.Gamwala ballo pinum gahuwa.

  5. RS says:

    Apage yutukama itukara ata.dan atte rate yahapata ha hondanama wenuwen obatumanlage yutukama nobiyawa itukirimay.

  6. roshan says:

    තනිකර බොරුවක්… ඕකා තමන්ගේ ගෑනිවත් මරලා වැරදිකරු වෙලා හමුදාවෙන් එලවපු එකෙක්. පාරේ චිත්‍ර ඇද ඇද හිටපු සුමිත් මන්ත්‍රී තුමාගේ පුතාට ගහලා… ඒක බේරන්න ආව සුමිත් මන්ත්‍රී ට කඩුවෙන් ගහලා… මිනිස්සු ඊට පස්සේ මූට ගහලා… ඇත්ත බොරු කරලා ගහන්නේ මෛත්‍රීපාල ගේ ඔඩොක්කුවේ වාඩි වුනු දඹදෙණියේ බල්ලෙක්…

  7. Upul says:

    This is the future of SL when the “pohottuwa” starts to bloom. These thugs should be put in where they belong.

  8. Parakum says:

    To start with just practicing firing to the sky, next it will be to the body. MARAs YAMAPALANAYA is raising its ugly head.

  9. Bald Citizen says:

    It looks like Mongala’s Pacha Balakaaya has started it’s dirty mud slinging campaign even for a drop of a hat.

  10. Angoda Buva says:

    මොන්ගලයා විසින් සිය මඩ කරියන් සඳහා ලඟදී හොඳ බොන පාටියක් දී ඇත. එසේ කා බී මඩකරි කුලී ලියන්නන් කිහිප දෙනෙකුම ඊයෙ පෙරේදා සිට නැවතත් අලුගසා නැගිටමින් සිටී.

    සිංහල බණ්ඩා, saman, හාවා, sathya, Ruwan, Hari, යන නම් වලින් පෙනී සිටින ඔහුන් සියලු දෙනා UNP මොන්ගලයන් වෙනුවෙන් කඩේ යන උන්ගේ පුක් කොල්ලන් බව තේරුම් ගන්න. ඔහුන් එක එක වේෂයන්ගෙන් පෙනී සිටිමින් පල කරන Comments වලට රැවටෙන්න එපා.

Main News