පොහොට්ටු මන්ත‍්‍රී කොලපතක තබා ඇදගෙන සභාවට එයි..

October 16, 2018 at 4:40 pm | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රී කොලපතක තබා ඇදගෙන සභාවට එයි..

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම තෙල් මිල වැඩිවීම සහ මිල සූත්‍රයට විරෝධය දක්වමින් ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට  සහභාගී වූයේ පාපැදියෙනි.

ඉන්දන මිල අද ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය යෙදී තිබුනි. ඒ අනුව පසුගියදා  ඉන්දන මිල දිගින් දිගටම ඉහල යෑම සහ මිල සූත්‍රය ජනතාවට පෙන්වන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය දැක්වීය.

ඇඹිලිපිටිය කදුරුගස්ආර මංසන්දියට පොහොට්ටුවේ මන්ත්‍රීන් සියලු දෙනාම එක්විය.ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල් මහතාද මෙම විරෝධතාවයට එක් විය.

මේ අවස්ථාවේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුද දක්නට වූ අතර ඒ පිරිස විරෝධතාවයට එක් නොවීය.එක්රැස්වූ මන්ත්‍රී කණ්ඩායම පාපැදිවල නැගී ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ තුංකම පිහිටි ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය සදහා ගමන් කරන ලදී.

මෙහිදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ගයාන් මේනක දිසානායක දිසානක මහතා කොලපොතක නැගී තවත් කෙනෙකු ඇදගෙන මාසික සභාවාරයට පැමැණ තම විරෝධය ප්‍රකාශකරන ලදී.

– ප්‍රගීත් ජනක

189 views
Main News