පොහොට්ටු මන්ත‍්‍රී තම මවට-පියාට පහර දෙයි.. දෙදෙනාම රෝහලේ.. මව ICU

September 20, 2021 at 9:20 am | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රී තම මවට-පියාට පහර දෙයි.. දෙදෙනාම රෝහලේ.. මව ICU

වැලිගම ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රසාද් මිලින්ද තම මවට හා පියාට පහරදීමක් සිදුකර තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ මවුපියන් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී.

මෙම ආරවුල සිදුව ඇත්තේ කලක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මුල්කරගෙන වන අතර කුඹුරක් තම නමට ලියා නොදුන්නැයි පහරදීම සිදු කර තිබේ.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලද බව පොලිසිය තවදුරටත් කියා සිටියි.

74,290 views

15 Comments to “පොහොට්ටු මන්ත‍්‍රී තම මවට-පියාට පහර දෙයි.. දෙදෙනාම රෝහලේ.. මව ICU”

  1. Baමුනා says:

    මුන් ඔහොම තමා. හිරේ ඉන්න ඔනි පරාද කරයන් බජාර් එකක්අ තමා රට කරන්නෙ… මැරුනාට පස්සේ මහජන මුදලින් ලොකු හොහොන් කොත් හදයි…

  2. Sasrasi says:

    ආපෝ තාම අල්ලගන්න බැරි උනාද, ඒකට ඇල්ල ලග අයනම් .ටක් ගාලා ඇල්ලුවා.

  3. Love nature says:

    බඩ ගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
    මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
    ගන්දෝ නොගම්දෝ කියලා සිතුනි මට
    මැනලද ? පුතේ කිරි දුන්නේ මා නුඹට

Main News