පලමුව රටයි.. සේසස දෙවනුවයි.. පොහොට්ටු මන්ත‍්‍රී පේ‍්‍රමානාත් දොලවත්ත ඊයේ පිටකෝට්ටේ සමුළුවේ..

October 30, 2021 at 12:02 am | lanka C news
පලමුව රටයි.. සේසස දෙවනුවයි.. පොහොට්ටු මන්ත‍්‍රී පේ‍්‍රමානාත් දොලවත්ත ඊයේ පිටකෝට්ටේ සමුළුවේ..

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව විද්වත් වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලාසනයෙන් (29) පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී සිය මංගල සැසිය පැවැත්වීමට මහජන මන්ත්‍රණ සභාව කටයුතු යොදා තිබිණි.

පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීම නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ සිදු කළහ. මහජන මන්ත්‍රණ සභාව වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ විධායක සභික, විදුලි ඉංජිනේරු අතුල වන්නිආරච්චි සහ ජීව බල විදුලි සංගමයේ විදුලි ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ යන විද්වත්හු කෙටි දෙසුම් පැවැත්වූහ.

මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වෙනුවෙන් විජය ධරණී සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.

එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, යුතුකම සංවිධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මූලාසන මණ්ඩලය නියෝජනය කළහ.

මෙම අවස්ථාවට ඕමාරේ කස්සප නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු විද්වත්හු ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලේවත්ත මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය අංශය,
මහජන මන්ත්‍රණ සභාව

59,588 views

19 Comments to “පලමුව රටයි.. සේසස දෙවනුවයි.. පොහොට්ටු මන්ත‍්‍රී පේ‍්‍රමානාත් දොලවත්ත ඊයේ පිටකෝට්ටේ සමුළුවේ..”

  1. D.Nimal says:

    We are compelled take right side of People of Sri Lankan and the right side of history which representatives of Nation economic sovereignty by which is that of whole national wealth belongs NOT a family members but for all Islands citizens of Sri lanka.
    Govt went on Gas project interest of few family interest not the looking for country wealth and assets cannot sold -out any Big -power of US by back door politics .

    • Amaris says:

      මේ තක්කඩි කුහක කාළකන්ණි දේශපාලුවෝ මේ කරන්නේ රටට ආදරයට මේ ගිවිසුම් වලට විරුද්ධවෙනවා නොව මුන්න්ගේ තව තවත් බඩ වඩා ගැනීමේ උපක්‍රමයක්. ලබන මාසයේ අයවැය චන්ද විමසීම ඉලක්කකරගෙන තමා මේ සියල්ලම කරන්නේ .දැන් කරන්නේ රජය දිගටම ගෙනයාම සදහා මේ හොරතක්කඩි ඉල්ලන හැම දෙයක්ම ලබාදීම. දැනට මේ හොර තක්කඩින්ගේ වරප්‍රසාද බොහොමයක් ජනාධිපති විසින් කප්පදු කර තිබෙන්නේ. දැන් මේ තක්කඩි රැලට V 8 වලට අමතරව රිසිසේ හොරා කෑමේ අවස්තාව සලසා දෙනවා. මේවාට මරිමෝඩ ටොයියෝ බයියෝ මේ ගිවිසුම් වලට විරුද්ධවන තක්කඩින්ව ජාතික වීරයො කර හුරේ දානව .මුන්ට ලෝක දේශපාලනය ගැන කිසිම අවබොඉධයක් නෑ .ලෝකයේ දියුණුවේ හිණිපෙත්තේම සිටුන ජපානය ඇමෙරිකාව සමග මීට වඩා අභිබවා ගිය ප්‍රභල ගිවිසුම් වලට අත්සන් කර තිබෙනවා. ඒවා මොනතරම් ප්‍රභලද කියනවානම් ඇමරිකාවේ අවසරයකින් තොරව අදටත් ජපානයට නව්කාවක් රටට ඇතුලු කරගන්ඩ බෑ .ජපානයට මොකද වෙලා තිබෙන්නේ ? ජපානයේ දියුණුව හැර ඒ රටේ වෙන දෙයක් සිදුවී නෑ .ඇමරිකාව ඇවිත් ජපානයේ දේපොල කොල්ලකන්ඩ ගියේ නෑ .මේ වගේ ගිවිසුම් බොහොමයක් දකුණු කොරියාව පිලිපීනය සහ තවත් බොහෝමයක් සමග ඇතිකරගෙන තිබෙනවා. ඒ රටවල් දිනෙන් දින දියුණු වෙනවා හැර වෙන දෙයක් සිදුවන්නේ නෑ. එදා සිටම මේවාට විරුද්ධ උන නිස තමා අද මේ රට ලෝකයේම දුප්පත්ම රටවල් අතරට වැටී තිබෙන්නේ. රටක් දුප්පත් උනවිට තමා තක්කඩි දේශපාලුවන්ට හොරාකෑමේ අවස්තාව වැඩිවෙන්නේ. මේක මේ මෝඩ හරක්ට නොතේරෙන රටේ අවාසනාව. මුන්ට අවස්‍ය තක්කඩි දේශපාලුවෝ පෝෂණය කිරීම .

      • pkd says:

        meka liyapu eka basilge maskatu kana kunu ballek kiyala hodata penawa.rate balashakthiya palanaya karanna ape sathuru ratakata dena eka hodai kiyana mewage kalakanni ballo salli denawa nam muge ammath americawata vikunai (japaneth ehemai kiyala).

  2. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ හොර දේශප්‍රේමී සෙට් එක 69 ලක්ෂයට ආතල් දෙන සමුළුව .

    • ගජධීර says:

      තොපේ අනුර කුමාර දිසනායකයත් අනික් උන් වගේම කම්බ හොරෙක් කියල ජනතාව දන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ? හීන දකින ගොන් බූරු මූසලයා.

      • 3% ට බය බයියා. says:

        සර් මූට හොදටම කරලා වගේ .

        • අනේ ගොනෝ says:

          තොපේ අනුර කුමාර දිසනායකයත් අනික් උන් වගේම කම්බ හොරෙක් කියල ජනතාව දන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ? හීන දකින ගොන් බූරු මූසලයා.

  3. MahaJanaya says:

    පළමුව රට නන් කොහොමද රට කොරෝනාවෙන් වහල තියෙද්දී, සැප කාර් ගේන්ඩ කට්ටියගේ අත් ඉස්සුනේ. අපි අහලම නෑනේ ආණ්ඩු පක්ෂයේ විරුද්ධ වෙච්ච එක මන්ති කෙනෙක් ගැන. ඉතින් බයිලා කියන්ඩ කලින් ඉස්සෙල්ල රට ගැන හිතල කරපු වැඩක් කියන්ඩකෝ.
    උඹලටත් කුට්ටිය හම්බෙද්දී ආණ්ඩුව හොදයි. ඒක නැති වෙද්දී ආණ්ඩුව දුෂිතයි නේද? අනේ උඹලගේ දේශ ප්‍රේමය.

  4. මහජනතාව says:

    ශුභ පැතුම් ! අපි ඔබ සමගයි !!!

  5. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    නූතන නුගත් වහල්ලු ඕවාට රැවටුනාට බුද්ධිමත් ජනතාව අන්දවන්න බැහැ .රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න දේශප්‍රේමී සළුවෙන් වහලා චන්ද ගරානා පාරක් දාන්න යන්නේ .
    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .

  6. ගජධීර says:

    චන්දෙ දීල පත්කොරගත්තු ආණ්ඩුවත් තිත්තම වෙලා. පිළිගන්න පුළුවන් විකල්පයක් නැති විපක්ෂේත් තිත්තම වෙලා. මුන් දෙගොල්ලොම හවුල්වෙලා බොරු නාට්ටි පෙන්නලා ජනතාව මුලා කොරලා මේ රට සුද්දම කොරල ලැබෙන දේ බෙදා ගන්නවා. රටට සාපයක් වුනු තොපි දෙගොල්ලොටම වැහි නැති හෙන වැදිලා පන පිටින් කුණුවෙලා මැරිලා පලයල්ලා. මල පෙරේත ආත්ම වලම ඉපදියල්ලා. අවජාතක හොර හැත්ත.

  7. Reen says:

    ගොං ආතල් I. යකෝ නියම දේශප්‍රේමෙ නම් අත්සන් කරන්න කලින් විරුද්ද වෙන්න ඕන. එක ලේකම් කෙනෙක් කැබිනෙට් මණ්ඩලයටත් උඩින් ගිහින් කොහොමද මේ ගිවිසුම අත්සන් කලේ කියල හොයපල්ල. කියපල්ල. තොපි මේ නැගී එන අණ්ඩු විරෝදය හරවන්නයි යන්නෙ. ඒව වානා මේ සැරේ.

  8. සකු says:

    අනිවාර්යයෙන් ම කොලමබ මම දුන්න චන්ද්ද ගෙන මට දුක නෙත.
    විමල් වීරවංශ ,ගම්මන් පිල හා දොලවත්ත.
    සෙමදා රටට ආදරය කරන ඔබ සමගයි

  9. 69 MIN BAIYOO says:

    නූතන නුගත් වහල්ලු ඕවාට රැවටුනාට බුද්ධිමත් ජනතාව අන්දවන්න බැහැ .රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න දේශප්‍රේමී සළුවෙන් වහලා චන්ද ගරානා පාරක් දාන්න යන්නේ .
    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට!!! .
    රටට සාපයක් වුනු තොපිට වැහි නැති හෙන වැදිලා පන පිටින් කුණුවෙලා මැරිලා පලයල්ලා. මල පෙරේත ආත්ම වලම ඉපදියල්ලා. අවජාතක හොර හැත්ත. !!!

  10. 69 MIN BAIYOO says:

    ගොං ආතල් I. දොලවත්ත ,යකෝ නියම දේශප්‍රේමෙ නම් අත්සන් කරන්න කලින් විරුද්ද වෙන්න ඕන. එක ලේකම් කෙනෙක් කැබිනෙට් මණ්ඩලයටත් උඩින් ගිහින් කොහොමද මේ ගිවිසුම අත්සන් කලේ කියල හොයපල්ල. කියපල්ල. තොපි මේ නැගී එන අණ්ඩු විරෝදය හරවන්නයි යන්නෙ. ඒව වානා මේ සැරේ.

Main News