පොහොට්ටු මන්ත‍්‍රී භික්‍ෂූන්ට බැණ වැදී නාම පුවරුව කඩා දමයි..

October 2, 2020 at 12:02 am | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රී භික්‍ෂූන්ට බැණ වැදී නාම පුවරුව කඩා දමයි..

කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කල්පිටිය සමුද‍්‍ර පිරිවෙණේ සාමණේර හිමිවරුන්ට බැණ වැදී තර්ජනය කර එහි සුසාන භූමියෙන් නාම පුවරුව කඩා ඉවත් කර ඇතැයි චෝදනා එල්ල වෙයි.

ඊට විරෝධය පළ කරමින් එම පිරිවෙන ඉදිරිපිට ඊයේ දිනයේ විරෝධතාවයක් පැවැත්වී තිබේ.

ඒ සඳහා භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සම්බන්ධ වී සිටියහ.

විරෝධතා කරුවන් කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ ඔවුන් පසුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන නිසා බවයි.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නැයි පොලිසියට බල කර සිටින බවද ඔවුන් කියා සිටියහ.

පොලීසිය සඳහන් කරන්නේ මේ වනවිට සැකකරුවන් ප්‍රදේශය මගහැර ගොස් ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.

23,106 views

2 Comments to “පොහොට්ටු මන්ත‍්‍රී භික්‍ෂූන්ට බැණ වැදී නාම පුවරුව කඩා දමයි..”

  1. Alapaluwa says:

    කෝ බුද්දාගම වෙනුවෙන් මරාගෙන මැරෙන ගොන් බයියෝ 😀

  2. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    කසාවත් දරාගෙන ඉන්න හැමෝටම භික්ෂූන් කියන්න බැරි කාලයක් මේක. මම නම් වඳින්නේ බණක් දෙකක් අහලා … ඇත්තටම නිවන් දැකීමේ අරමුණෙන් පැවිදි වූ සහ ඒ නිවන් මඟ වඩින ස්වාමීන් වහන්සේ නමක් , මෙහෙණින් වහන්සේ නමක් කියලා මගේ දැනීමේ හැටියට මට ඒත්තු ගියායින් පසුවයි. හයියෙන් ලවුඩ්ස්පීකර් දාන , කවිබණ කියාගෙන සල්ලි ගරන, බොරු ධාතු පූජා තියන , අට විසි බෝධිපූජා මංගල්‍යය තියන , තුන්තිස් පැය ෆේස්බුක් ලගින, කඨින පිංකමේ නාමයෙන් දායකයන්ව සූරන්කන අයට කොහොමෙයි වඳින්නෙ ?