පොහොට්ටු මන්ත‍්‍රී සතොස මැනේජර්ට පහර දේ..

September 4, 2021 at 6:20 am | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රී සතොස මැනේජර්ට පහර දේ..

හැටන් සතොස ශාඛාවේ කළමණාකාරවරයාට හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක මහතා (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) විසින් පහර දුන් බවට කලමණාකාරවරයා විසින් සතොස ඉහල කලමණාකාරිත්වය වෙත පැමිණිලි කර ඇත.

නාගරික මන්ත්‍රිවරයා (01) දින පස්වරු 2 ට පමණ තම ශාඛාව වෙත පැමිණ රතු පරිප්පු කිලෝ දෙකක් ඉල්ලු බවත්, එහිදි සේවකයන් විසින් තමන් වෙත සතොස ඉහල කලමණාකාරිත්වය විසින් ලබා දි ඇති උපදෙස් අනුව එක් පරිප්පු කිලෝවක් පමණක් ලබාදිමට හැකි බව එම සතොස ශාඛාවේ සේවකයින් විසින් නාගරික මන්ත්‍රිවරයාට පවසා ඇත.

එම අවස්තාවේ උරණ වු නාගරික මන්ත්‍රිවරයා සතොස ශාඛාවේ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන බැද කලහකාරි ලෙස හැසිරි පසුව එම ස්ථානයට පැමිණි එම ශාඛාවේ කලමණාකාරවරයා බැන තර්ජනය කර ප්‍රහාරයක් එල්ල කර ඇත.

පහර දෙන අවස්තාවේ  සතොස ශාඛාවේ සෙසු සේවකයින් නාගරික මන්ත්‍රිවරයා අල්ලාගෙන පසුව එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකල හැටන් පොලිස් නිලධාරියෙකුට පොලිස් නිලධාරිවරයාට භාර දි ඇත.

සතොස ශාඛාවේ ඉහල කලමණාකාරිත්වයේ උපදෙස් අනුව තමන්ට නාගරික මන්ත්‍රිවරයා පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරන බවද හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,509 views

11 Comments to “පොහොට්ටු මන්ත‍්‍රී සතොස මැනේජර්ට පහර දේ..”

  1. MD says:

    පහරදීම කලහකාරී ලෙස හැසිරෙමින් කටයුතු කිරීම වරදක්. නමුත් පරිප්පු කිලෝ ඵකක් පමණක් ලබාදෙන්න නියමය කොහෙන් ආපු ඵකක්ද?ඇත්තටම ඵහෙමද .සමහර කලමනාකාරීන් නියම ආකාරයෙන් භාණ්ඩ වේලාවට නොගැනීම මේ ප්‍රශ්ණකාරී කුමන්ත්‍රණකාරී දේවල් වන්නට බලපානවා.බලධාරීන්ගේ ඇස් ඇරේවා.

    • Boo says:

      ඇයි මේකෙ පැහැදිලිව කියලා තියෙන්නෙ ඉහල කලමනාකාරිත්වයෙන් ආපු උපදෙස් කියලා. කලමනාකාරවරැ ඉන්නෙ තීරන ගන්න තමයි. කිලෝ එකක් විතරක් දීම තහනම් කියලා මොන නීතියෙද තියෙන්නෙ?

  2. සවාධීන says:

    ඔබ හරි මන්ත්‍රී තුමා. බලය තියන කාලේ උපරිමයෙන් අනිත් අයට පෙන්නන්න. පස්සෙ වරෙව් ඡන්දේ ඉල්ලන්න.

  3. 3% ට බය බයියා. says:

    එකම රටක් එක නීතියක් .😝

  4. King Bull says:

    දියවන්නාවට යන්න පලපුරුද්දක් අවශ්‍ය වෙලා .

  5. Sura says:

    ජනාධිපතිතුමණි,
    මේ වගේ පිස්සු බල්ලන්ව නම් හනිකට

    බැද දැමිය යුතුමයි.

  6. Boo says:

    පොලිසියට බාරදෙන්න ඉස්සෙල්ලා ඕකව කඩේ පිටිපස්සට ඇදගෙන ගිහිං දත් දෙකක් කඩලා අසූචි බාල්දියක් ඔලුවෙ හලන්න කෙනෙක් හිටියෙ නැද්ද හැබෑට? ඇයි ඔය පර බල්ලන්ට ඔච්චර බය?

    • ජරාව ට වැඩ. says:

      පිස්සුද මල්ලි.? පොහොට්ටු පූප්පන්න මේ වගේ උත්තමයන් ලා රටට අවශ්‍යයි.

      • Boo says:

        ලොකු අයියෙ, පොහොට්ටුව පුප්පන්නවිරක් නෙමෙයි, අලින්ගෙ පිටේ යන්න, සීනු ගහන්න එහෙමත් මේ වගේ හරක් ඉන්නවා. ඒක ඒ ඒ තනි හරකගෙ වැඩ. අපි පක්ෂ වන්දනාවෙ යා යුතු නෑ.

  7. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ඊ ළග පාර වැඩිම මනාප ගනියි .

  8. Harsh says:

    Aulak ne yudde dinnane…

Main News