පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

October 20, 2021 at 3:11 am | lanka C news
පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත සිල්වා මහතා සඳහන් කරයි.

මහ පක්ෂය වන පොදු ජන පෙරමුණට වුවමනා විදියට වැඩ කටයුතු කළ නොහැකිනම් විමල් වීරවංශ මහතාගේ පක්‍ෂය වැනි සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් යා යුතු බව ඔහු පැවසීය.

කොත්මලේ ප්‍රදේශයේ සංවර්ධන කමිටුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටින්නේ බීමත් පිරිසක් කැඳවාගෙන පැමිණීම අදාළ මන්ත්‍රීවරයා තම කොට්ඨාසයට අයත් නොවන කොට්ඨාසයක ඇතුළු වී සභාවේ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන ලද බවයි.

24,862 views

14 Comments to “පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..”

  1. kamal says:

    තම කොට්ඨාසයට අයත් නොවන කොට්ඨාසයක ඇතුළු වී ………. මොකද්ද බං මේ හරුපෙ. මුං රට කෑලිවලට ලියාගෙනද?

  2. නිමල් පියතිස්ස කියන්නේ මුලු මද්‍යම පලාතටම කෘෂිකර්ම ඇමති විදහට වැඩක් කරලා පෙන්නපු, අදටත් ජනතාවගේ නොමද ආදරය දිනාගත්ත වාමාංශික නායකයෙක්! චාමර සුබාශිත සිල්වා කියන රස්තියාදුකාර, මැර අසික්කිතයෙක්! අඩුම වශයෙන් උඹ මහනුවර ජනතාව වෙනුවෙන් කරපු එක සේවයක් කියපන් බලන්න. අගුපිල් වල බිබී වල්කම් කර කර නටන අපත කාලකන්නියෙක්. වරකෝ චන්දෙට තොට කෙලවන හැටි පෙනෙයි!

  3. Darshana abayakoon says:

    අනේ ඉතින් දේශප්‍රෙමි විමලෙල ගම්මන්පිලල ඇමති කටුවක් නිසා කිච වෙන කිච විල්ලක්. අගුපිලේ ලගින බලු නට්ටා වගේ ගහල පැන්නුවත් ලැජ්ජ නැතුව නගුට වනාගෙන ආපහු එනව. හාමු කටුවක් දුන්නෙ නැත්තම් කන්න නෑ නෙ. ඔහොම දැන් බල්ලො වගේ හිටියට ආන්ඩුවෙ අන්තිම කාලෙ වෙනකොට අනිවා දත් විලිස්සගෙන කන්න පනිනවා මොකද හාමු බංකොලොත් වුනාම කන්න ඔනේ නම් වෙන ගෙදරක් හොයා ගන්න වෙනවා.

Main News