පොහොට්ටු මාධ්‍ය හමුවක්.. විමල්ට යලිත් ප‍්‍රහාරයක්.. තීන්දුවක් ගන්නැයි ජනපතිට කියයි…

August 23, 2021 at 3:50 pm | lanka C news
පොහොට්ටු මාධ්‍ය හමුවක්.. විමල්ට යලිත් ප‍්‍රහාරයක්.. තීන්දුවක් ගන්නැයි ජනපතිට කියයි…

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂවල කණ්ඩායම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක බලල අතක් ලෙස කටයුතු කරන්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරයි.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ කැබිනට් මණ්ඩලයේදී රට වසා දමන්නැයි කිසිදු යෝජනාවක් නොකර එළියට විත් රට වසා දමන්නැයි ජනාධිපතිවරයාට ලිපි යැවීම පිළිගත නොහැකි බවයි.

එම මාධ්‍ය හමුවේ දී අදහස් පළකරමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ මෙම කණ්ඩායම මේ ආකාරයේ ක්‍රියාවක් කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් යළිත් එවන් කටයුතු නොකරන ලෙස දැඩි තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් ය.

මෙම පිරිස සන්ධාන රජයේ කැබිනට් ඇමති ධුර දරමින් විවිධ වරප්‍රසාද ලබමින් ජනතාව හමුවේ බොරු වීරයන් වීමට උත්සාහ දරන බව ද ඔහු චෝදනා කළේය.

114,686 views

48 Comments to “පොහොට්ටු මාධ්‍ය හමුවක්.. විමල්ට යලිත් ප‍්‍රහාරයක්.. තීන්දුවක් ගන්නැයි ජනපතිට කියයි…”

  1. පියරත්න ගමගේ says:

    ජනාධිපති ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සෙ ගහන් ඉඳලා එලියට ඇවිත් සිංහ වෙස් ගන්නවා

    • පස්වන සරත් (විශ්‍රාමික) ජ. න්. ගි says:

      කැටගොඩ දැක්කම ඔය සිංහයෝ නිකම්ම බලු වෙනවා

    • supun says:

      ME SAKKLI BALLA RAJAYAI. POHOTTUWAI WINAASA KARALA,ANTHMATA ,PAD SAJIYAGE SJB
      EKEN CHANDE ILLANAWA.
      MR,,GR. MAHATHWARUNI. OBA DEDENATA MU KARANA APRAADHYA PENNE NADDA.

  2. Sujith says:

    ඔයා මොන කබ්බෙක්ද? වීරවන්සල ගම්මන්පිලල කෑගහල ගෙනාපු ආන්ඩුවෙ එල්ලීගෙන එක්තරා පුද්ගලයෙග්ගෙ කටු සූප්පු කරල උබල පොරවල් වෙලා වගේ. උබල එනපාර චන්දෙ ඉල්ලල බලපන්කො…

    • Sujithට පිස්සු නැත්තං හොඳයි says:

      කෑගහල මහන්සිවෙලා වෙන එවුන් ගේන්නේ පුලුවන්නම් වීරවන්සල ගම්මන්පිලලටම එන්ට තිබුනනේ.

    • Sonali says:

      මේ දෙපොල විශාල දායකත්වයෙන් දුන්නා නමුත් මහින්ද සුලගත් සමග කල සටනින් පසුව තිබ්බ 2015 මහා මැතිවරණයෙන් සන්ධානය පරාදයි නේ. ඉන් පස්සෙ පොහොට්ටුව හදාගෙන තනියෙන් තරග කර 2018 ප්‍රාදේශීය සභා මැතිවරණය දින්නා. ඒක තමා ආරම්භය. ඇයි 2017 අයිතිහාසික ගෝල් ෆේස් මැයි දිනය.

      • විමුක්ති says:

        මතකනේ මැතිවරණයෙන් පසුදාම අමෙරිකාවට පැන්න ගොයියා. එයා ආයෙත් ඒ විධියටම මේ සැරෙත් පනිනවා. කබ්බො දාල බොරු ශෝ. සැබෑ කුමන්ත්‍රණ කාරයෝ තමයි මේ වන්දිභට්ට රැළ.

  3. MD says:

    69 ලක්ෂයක ඡන්දයක් ලබාගන්නට විමල් ගම්මන්පිල දෙපල දක්වපු දායකත්වය අති විශිෂ්ටයි.නමුත් මොන කරුමෙට ද මන්දා මේ දෙපල මොනයම් හෝ ග්‍රහදෝශයකට අපලයකටද මන්දා මැතකාලයක පටන් තේරුම් ගන්න බැරි හොරා පොලිස් සෙල්ලමක් කරනවනේ.කොටින්ම මේ ලිපියට අත්සන යෙදීම(කැබිනට් ඇමතිවරු ලෙස සිට)බරපතල වරදක්

    • MDටත් පිස්සු නැත්තන් හොඳයි says:

      මොන ග්‍රහදෝශයක් අපලයක්වත් නෑ මුන් දෙන්න තමයි තියෙන මාරකම අපලේ. වාසුවත් එක්කම

  4. Amda says:

    දැන් එතකොට රට වහන්න කියල කියන්නෙ රටට හතුරුකම් කරන්නද ….නැත්නම් රටේ මිනිස්සු ටික බේරගන්නද???
    විමල් සහ ගමයා මේ රජය බලයට ගේන්න ලොකුවටම දරදිය ඇද්ද දෙන්නා…ප්‍රශ්නයක් නම් ඇතුලෙම බේරගන්න..කුනුරෙදි එලියෙ හෝදන්නෙ නැතුව.

  5. පුට්ටුව හතරගාතේ says:

    තොපි සැට් එකම එකට තියලා චුත කරන දිනය වැඩි ඈතක නැහැ

  6. රැවටෙනු එපා...! says:

    මේ ලේකම් ගොබිලා මොකෙක්ද ?

  7. NAK says:

    මේ ලේකමා කෑ ගහන්නෙ හරියට මහා ලොකු කෙජ්ජක් කරපු එකෙක් වගේනෙ. වැරැද්දක් වෙලා තියෙනවනම් නිවැරදි කරගන්න නිකන් බෙ‍ාරැවට බෙරිහන් දෙන්නෙ නැතුව.

  8. එක්නැලිගොඩ says:

    එහෙමනම් ජනාධිපතිවරයාත් කැබිනෙට්ටුවේදී රට වහන්නැතුව ඉන්න කතා කරලා පසුව තීරණය වෙනස් කරලනේ. එයා රට වැහුවනේ. එතකොට ජනාධිපතිත් සාමූහික වගකීම් කඩ කරල නේද? සාගර ගහනව අයිසේ ජනාධිපතිටත් ලිවුමක් වහාම ඉල්ලා අස්වෙන්න කියලා.

  9. Gamaya says:

    Api chance dunne wimalla, gammanpilala weni aya me pakshe inna nisa. Me kohedo idala awa gobilayekuta nemei.

Main News