පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. සරත් වීරසේකරට විරෝධය..

September 23, 2020 at 3:50 pm | lanka C news
පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. සරත් වීරසේකරට විරෝධය..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් සභා සංසදය පළාත් සභා මැතිවරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යනු ලබන රැස්වීම් මාලාවේ තවත් එක් මාධ්‍ය හමුවක් අද දින (23) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැත්විනි.

මෙම මාධ්‍ය හමුව සදහා බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් මොරිස් විඡේරත්න මහතා සහ ලලිත් වර්ණ කුමාර මහතා එක් වූ අතර, වයඹ පළාත් සභාව නියෝජනය කරමින් රෙවින් ප්‍රනෑන්ඩු මහතා සහභාගි විය.

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් සහභාගි වූ මොරිස් විඡේරත්න මහතා

මෑත කාලයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ පාර්ලිමේන්තුවේ තිබුන බලය විමද්‍යගත කිරිමට ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුමක්. පාර්ලිමේන්තුවේ බලතල පළාත් සභා හරහා ක්‍රියාත්මක කරමින් රටේ ජනතාව වෙනුවෙන් පළාත් සභා මගින් විශාල වැඩකොටසක් කරගෙන ගියා. බැසිල් රාජපක්ෂ නායකතුමා යටතේ අපි පොදුජන පෙරමුණ හැටියට පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ලෙස මැතිවරණ 03 ක් ජයග්‍රහණය කළා. මේ මැතිවරණ 03 ම එනකොට පළාත් සභා ගැන කථා කළේ නැහැ. අපේ නව රජය පත් වෙලා කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය ඇමැතිවරුන් පත් කරන විට නරියට කුකුලා බාර දුන්නා වගේ ප්‍රශ්ණයක් අපිට වුනේ. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය ලැබුනේ මෙම ක්‍රමයට මුල ඉදලම විරුද්ද වුන අයට. ගමේ ජනතාවගේ ප්‍රශ්ණ වලට විසදුම් දෙන්න පළාත් සභා මන්ත්‍රීවරු විශාල වැඩකොටසක් කළා. මෙම මැතිවරණය ගැන රජය තවම තීන්දුවක් අරගෙන නැහැ. එක එක මැති අමැතිවරු මේ පිළිබද කථා කිරිම තුල මෙය ලොකු මාතෘකාවක් බවට පත්වෙලා තිබෙනවා. පළාත් සභා සුදු අලියෙක් ද නැද්ද කියන එක සදළු තලයේ ඉදලා තීරණය නොකළ යුතුයි. මන්ත්‍රීවරු 104 ක් පාලනය කළ පළාත් සභාව අද එක ආණ්ඩුකාරවරයෙක් පාලනය කරනවා. මෙය සාර්ථක වැඩපිළිවෙලක් නොවෙයි. අද ජනතාව මේ තුල විශාල පීඩාවකට පත්ව තිබෙනවා එබැවින් මැතිවරණ පැවැත්වීම සදහා අවශ්‍ය වාතාවරණය සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

වයඹ පළාත් සභාව නියෝජනය කරමින් සහභාගි වූ රෙවින් ප්‍රනෑන්ඩු මහතා

පසුගිය යහපාලන රජය අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තු පනතක් මගින් මැතිවරණය කල් දමා තිබෙනවා. ජනතා අයිතිය යට කර තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය යට කරන්න ගිහින් අවසානයේ ඔවුන්ට අත් වූ ඉරණම රනිල් මහත්තයා ගෙදර ගියා, ඒකට සම්බද්ධ වූ එක්සත් ජාතික පක්ෂ අතුගෑවෙලා ගියා. අද දුරකථනය 53 කට බැහැලා තිබෙනවා. ඒකට උඩගෙඩි දුන්න අනුර කුමාරලා 03 බැහැලා තිබෙනවා. ඡන්ද කල් දාපු සියළුම පක්ෂ නැති භංග වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වූවා. පළාත් සභා මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ග්‍රාමීය සංවර්ධනය ඇතුලු සියළු ක්ෂේත්‍ර සදහා විශාල වැඩකොටසක් සිදු කළා. පළාත් සභා අහෝසි කිරීමට රජයක් හැටියට තවම තීරණය කරලා නැහැ. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තිබෙන කම් පළාත් සභා අහෝසි කරන්න බැහැ.

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් සහභාගී ලලිත් වර්ණ කුමාර මහතා

පළාත් සභා පැවැති පසුගිය කාලය තුල ම පොලිස් බලතල, ඉඩම් බලතල පළාත් සභාවට තිබුනා. පැවැති හැම රජයක්ම එය පරිහරණය කළා. ඒ තුලින් කිසිම ගැටුමක් ගැටළුක් මහ ආණ්ඩුව සමග ඇති වුණේ නැහැ. ජනතා සේවාව නියම පරිදි සිදු වූවා. සංවර්ධනය සිදු වුනා. වර්තමාන රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික මතයක් තමයි ප්‍රකාශ කර තිබෙන්නේ. පළාත් සභා හොද නැත්නම් ගෙනාවා වගේම ඉවත් කිරීමටත් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තුල කටයුතු කළ යුතු වෙනවා. නමුත් පළාත් 09 හිම මුදල් පරිහරණය එක් එක් ආණ්ඩුකාරවරයා යටතේ පාලනය වීම වැරදියි. මේක වැරදි පුර්වාදර්ශයක්. එම වැරදි පුර්වාදර්ශය නැති කළ යුතුයි. ගොඩ දෙනෙක් සුදු අලි සුදු අලි කීවාට මෙහි යථාර්ථය දන්නේ නැහැ. පළාත් සභා මගින් සිදු වන සේවාව දන්නේ නැහැ.

– විරාජ් අබේසිංහ

62,626 views

31 Comments to “පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. සරත් වීරසේකරට විරෝධය..”

  1. Kovid -19 says:

    පළාත් සභාවලට රිංගල මහජන මුදල් ගසාකන්න, හොරුන්ට ඉල්ලමක් වෙලා පලාත් සභා නවයම, කඳ පනුවෝ වගේ කාගෙන හිටපු උන් සියලුදෙනාටම පළාත් සභා චන්දෙට මනාප නොදෙමු!

  2. Sarath Karunanayake says:

    කාලකන්නි හැත්ත. මල මිනිය කන්න ඉන්න ඉහඳ පනුවෝ වගේ. පළාත් සභා යනු රට කෑලි වලට කැඩීමට ගෙන ඉන්දියානු උගුලක. අහෝසි කලා යුතුයි. අනේ මුන්ගේ දේශපාලන දැනුම.

  3. Sunil says:

    හොරා කෑමේ රස රහස් පිළිබඳ වැඩමුළු. රටේ උං මෙච්චර ගොංද?

  4. දේශප්රේමී ජනතාව says:

    රටේ සල්ලි කන, පුටුවට ලක්ෂ 6.5ක්, දොරට කෝටි ගනනක් බදුගෙවන්නන්ගේ මුදල් මාටියාගැසූ පලාත් සභා අහෝසිකර, හොරුන්ගෙන් බදුගෙවන අපිව බේරාගන්න ඇමති සරත් වීරසේකරට සකල ශ්රී ලංකාවාසී අපගේ සහය.
    පලාත් සභා නැතුව වර්ෂ 2 ක් පමණ රට ලස්සනට ගියා. රුපියල් කෝටි 4000 ක් පමණ රටට ඉතුරු වුනා. ලංකාව කුඩා රටක්. පලාත් සභා ඕන නෑ. ඉන්දියාව බලෙන් දාපු එකක් නිසා ඕනෙම නෑ. රටේ බහුතරයක් පලාත් සභා වලට කැමති නෑ. සල්ලි වියදම් වීමයි, වැඩ පරක්කු වීමයි විතරයි. පළාත් සභා මගින් ජනතාවයට කල සේවයක් නැහැ මුන් කලේ මහජන මුදල් වලින් රට සංචාරය කල එක පමණයි. රටේ නියම දේශප්රේමී ජනතාව ඔක්කොම සරත් වීරසේකර මහතා සමගයි.

  5. siri says:

    pala babalagen ratata kisima wadak nathibawa mahajanathawa dannawa, Sarath amathi rata wenuwen misaka badawenuwen nemei, Basil mahaththoyo obe avadanayata.

  6. බෙර හඬ says:

    බළල්ලු ලව්වා කොස් ඇට බාවන ඉන්දියානු අවශ්‍යතාවය නොතේරෙන අපේ මෝඩ දේශපාලකයින් මෙහි ඇති ගැඹුර අවබෝධ කොටගෙන නැතිබැව් පෙනේ. පළාත් සභා වලින් රජයට ප්‍රශ්ණයක් නොමැති බව දකුණේ ,බටහිර, සහ මධ්‍යම පළාත් වලින් ගම්‍ය කරගැණීමට උත්සාහ කල ද, උතුරු , නැගෙණහිර තත්වය වෙනස් වන්නේය, පොලිස් බලතල, ඉඩම් බලතල සහ මුදල් ආයෝජන බලතල ප්‍රධාන රජයෙන් ස්වායත්ත වූ විට එය වෙනම රටකට වඩා වෙනස් වන්නේ ප්‍රධාන භූමියෙන් වෙන් නොවී තිබීමන් පමණි. මෙහි තවත් තමිල්නාඩුවක් ආයාසයකින් තොරවම ඇතිවනු නොපෙනෙන්නේ දේශපාලන අන්ධයින්ට පමණි. කරුණාකර පටු ,දුර නොදක්නා නුවණින් කටයුතු නොකරන්නැයි උදක්ම බලාපොරොත්තුවෙමු.

  7. Sambo says:

    Dear Sir, I 1000% agree with you in provincial councils. Today they are a menace to the country and a burden to the government and people. This should be scrapped. Hooligans who represent these councils. We have seen on TV. They are uneducated thugs and responsible for felling trees and cutting into forests. Please scrap this .

  8. ලක්වැසියා says:

    නිල මැස්සන්ට අසූචි වල සම්පතකි. අසූචි ඉවත් කරනවාට නිල් මැස්සෝ කැමති නැත.

Main News