පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර..

October 13, 2020 at 4:40 pm | lanka C news
පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා දුක්මහන්සියෙන් බිහිකොට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් කර, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කර රජයක් බිහි කළේ හිරගෙවල් වල ලැග දුක්විද බව මහරගම ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සංවිධාය කාන්ති කොඩිකාර මහත්මිය ප්‍රකාශ කරයි.

පවතින රජය බිහි කිරිමේදි පසුගිය වසර ගණනක් අපි දුක් වින්දේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්න මිස, විජේදාස වැනි පුද්ගලයන් අපේ පක්ෂයෙන් තරඟකොට පාර්ලිමේන්තුවට ගෙනත් රජය විවේචනය කිරීමට නොව, මෙවැනි තත්වයන් යටතේ මහන්සියෙන් බිහි කළ රජය අපහසුතාවය පත් කිරීම වැරදි බව කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකොට මනාප ලැයිස්තුවේ ඊළගට සිටින මොරටුව සංවිධායක හිටපු නගාරාධිපති සමන්ලාල් මහතා ප්‍රකාශකලේය.

එමෙන්ම, මනාප ලැයිස්තුවේ සමන්ලාල්ට මහතාට පසුව සිටින පොදුජන පෙරමුණු අවිස්සාවෙල්ල සංවිධායක නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වු අතර ඔහු ප්‍රකාශ කළ සිටියේ අපේ ඡන්ද අරං අපේ මන්ත්‍රීධුර අරං පක්ෂයට ව්රුද්ධව වැඩකිරීම යුක්තිසහගත නොවන ක්‍රියාවක් බවයි.

ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාව අද දින බත්තරමුල්ල  නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කිරීමේ පුරෝගාමියකු ලෙස සිටින බව ප්‍රකාශ කරමින් එම පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධව විජේදාස රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා ලංකාදීප පුවතට කළ ප්‍රකාශ සම්බන්ධයෙනි.

– repoter

පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර..

Gepostet von Lanka C news am Dienstag, 13. Oktober 2020

99,448 views

17 Comments to “පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර..”

  1. කසුන් says:

    මේ එකක්වත් ඇත්ත නොවෙයි.මේ ඔක්කොම ඩ්‍රාමා… මුන් ඔක්කොම රටේ මිනිස්සු රවටන්න නාටක කර කර ඉන්නවා. මිනිස්සු රැවටිලා තාමත් මේවුන්ගේ කතාවල් අහන් උන් පස්සෙන් වැටිලා බලන් ඉන්නවා, අහිංසක මිනිස්සු මුළා කරමින් විවිධ පැතිවලින් වාසිගන්න ඔක්කොම ප්ලෑන් ගහන්නෙ.

    • විජේපාල says:

      දැන් එතකොට උඹ කියන්නේ ගෝටාට චන්දෙ දුන්න ඔක්කොටම වඩා උඹ නුවනක්කාරයෙක් කියලද? මොකාද බෝල බොට ඕක කිව්වේ? උම්බමද කියාගත්තේ? පලයන් පිටරටට පුප විකුණන් කන එන් ජී ඔ වෙසියෝ යන්න.

    • Super Man says:

      Hariyata hari. Me okkoma ragapam. Mun dannawa rate inna wadi hariyakma bath kana harak kiyala…

  2. Sam Fernando says:

    Wijedasa Rajapaksha has no permanent policies. He joined Pohottuwa with high expectation of an important portfolio. Now he is trying to make a mishap within the party. 2/3rd majority has been given for Gota to make the change.

  3. RED BULL says:

    පොහොට්ටු මූලස්ථානය වට්ටි අම්මලාගෙන් හා බෝක්කු මත රස්තියාදු කෙලින ගැලරි කාරයින්ගෙන් මුදවා ගමු.

  4. yvonne- chula says:

    this is how he keep his popularity – i did not vote for him knowing who he is

  5. Gaming Senanayake says:

    WIJEDASA is a hypocrite.But these trinity do not disclose whether 20th amendment is ensure the democracy, good governance, civil rights, check & balance theory and independent judiciary so on, of the country. They say only about party. People of this country voted to the party against the thing happened previously on above principals. The people asked to suspend 19th to ensure above principals.

Main News