පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර..

October 13, 2020 at 4:40 pm | lanka C news
පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා දුක්මහන්සියෙන් බිහිකොට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් කර, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කර රජයක් බිහි කළේ හිරගෙවල් වල ලැග දුක්විද බව මහරගම ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සංවිධාය කාන්ති කොඩිකාර මහත්මිය ප්‍රකාශ කරයි.

පවතින රජය බිහි කිරිමේදි පසුගිය වසර ගණනක් අපි දුක් වින්දේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්න මිස, විජේදාස වැනි පුද්ගලයන් අපේ පක්ෂයෙන් තරඟකොට පාර්ලිමේන්තුවට ගෙනත් රජය විවේචනය කිරීමට නොව, මෙවැනි තත්වයන් යටතේ මහන්සියෙන් බිහි කළ රජය අපහසුතාවය පත් කිරීම වැරදි බව කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකොට මනාප ලැයිස්තුවේ ඊළගට සිටින මොරටුව සංවිධායක හිටපු නගාරාධිපති සමන්ලාල් මහතා ප්‍රකාශකලේය.

එමෙන්ම, මනාප ලැයිස්තුවේ සමන්ලාල්ට මහතාට පසුව සිටින පොදුජන පෙරමුණු අවිස්සාවෙල්ල සංවිධායක නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වු අතර ඔහු ප්‍රකාශ කළ සිටියේ අපේ ඡන්ද අරං අපේ මන්ත්‍රීධුර අරං පක්ෂයට ව්රුද්ධව වැඩකිරීම යුක්තිසහගත නොවන ක්‍රියාවක් බවයි.

ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාව අද දින බත්තරමුල්ල  නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කිරීමේ පුරෝගාමියකු ලෙස සිටින බව ප්‍රකාශ කරමින් එම පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධව විජේදාස රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා ලංකාදීප පුවතට කළ ප්‍රකාශ සම්බන්ධයෙනි.

– repoter

පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර..

Gepostet von Lanka C news am Dienstag, 13. Oktober 2020

105,661 views

17 Comments to “පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර..”

  1. උඩවත්ත - ලන්ඩන් says:

    අප විසින් මේ රජය පත්කලේ උගත් මිනිස්සුන්ට රට කරවීමට ඉඩ දීමට මිස වට්ටි අම්මලා රජ කරවීමට නොවේ.
    මේ රජය ගැන අප කලකිරෙන්නේ මෙවැනි කතා නිසායි

  2. Priyantha says:

    කියන පුද්ගලයා වැදගත් නැත….ව්‍යවස්ථා සංශෝධනයේ අගතිගාමී යෝජනා ඇති බවට තර්කයක් මතුවෙමින් පවතී….එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කර සම්මත කර ගැනීමයි වඩාත් සුදුසු….මිනිසුන් ඡන්දය දුන්නේ ජනපති පිළිබද පූර්ණ විශ්වාසයෙනි….අවැඩදායක කිසිම දෙයකට ඉඩක් නොලැබෙන බවත් මහජන මතයට කන් දෙනවාය යන විශ්වාසයත් මතයි එතුමා ජනපති කලේ….පක්ෂය තුල ඉදන් හෝ වැරදි නිවැරදි කිරීමට ඉදිරිපත්වීම මහජන නියෝජිතයෙක්ගේ වගකීමක් නොවන්නේද…?..ජන්දෙන්….. පක්ෂයෙන් තේරුණා කියලා කරන සියලු දෙය අනුමත කල යුතු නැත….ගෝඨාභය ජනපතිදුන්ට ජන්දය දුන් අපේ මතයත් එයයි……

  3. Do Not Foget says:

    Wher wa Basil when Mahida Sulaga started at Nugegoda. Who orgnised that?

  4. kuamara says:

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා
    හන්දුනාගත්ත ද දාස කුරුල්ලා

  5. kkuruwita says:

    කුහක කමින් වෛරයෙන් තොරව කවුරු කලත් සාධාරණ විවේචන තිබිය යුතුයි. හොඳ දේ, හරි දේ මතුකර ගන්න හැකි වන්නේ එවිටයි. කොහොම වුනත් කොටි සල්ලි , ජිහාඩ් සල්ලි වලට අලෙවි වන මංත්‍රීලා ඉන්න පාර්ලිමේන්තුවට වඩා නියම බලයක් ලබා දිය යුත්තේ රටේම චන්දෙන් පත් වන තනි ජනාධිපති කෙනෙකුටයි. මොකද එයා විකිනෙනවා නම් ජනතාවට එය හොඳට පෙනෙන නිසයි.

  6. Kalana says:

    විජේදාසට , විමල් ට ගහල වැඩක් නැහැ, හරි දේ කරන්නෙ නැතිව. රට කනවා. අන්තවදියගේ සැලසුම් අඳුර ගන්න දන්නේ නැහැ. බලාපොරොත්තුවක් තිබ්බ ගෝට කරයි කියල, දැන් බලපුවහම ඔක්කොම වතුරේ. එකෙකුටවත් මොලයක් නැති පිස්සෝ ටිකක්.

  7. Rasika says:

    Api PPF ekata chandhe Dhunne ubalaa nisaa nemei. Api chandhe dhunne, Gotaabaya, Wimal weerawnsa, wijedaasa Rajapaksha saha thawa keepa denek nisaa. Egollo nethiwa anith paara illala dhinala balapanko.

  8. Walpita says:

    අනේ බොල නරියනේ අපට වැදගත් වෙන්නෙ කියපු එකා නොවෙයි කරපු ප්‍රකාශය W.R. කියන්නෙ ඇත්ත කියල තොපිට තේරෙන්න්නනෙ නැත්තෙ ඇයි .අහිකුන්ටිකයිනේ තොපි හැසිරෙන්න්නනෙ මෙහෙම නම් ලබන සැරෙත් තොපිට සලකන්නම් ගෙදරට ම වෙලා ඉන්න.එහෙම හොදයි නේ.

  9. මොලයක් නැති පිස්සෝ ටිකක්....!!! says:

    තිබ්බ බලාපොරොත්තුව ගෝට කරයි කියල..,
    දැන් බලපුවහම ඔක්කොම වතුරේ… !!
    මොලයක් නැති පිස්සෝ ටිකක්….!!!

  10. saman says:

    මේ සියල්ලම කරන්නේ ජනතාවගෙ උවමනාව නිසාමයි. ඔබතුමියට ජය වේවා.

Main News