පොහොට්ටු යෝජනා දෙකකට විරෝධය.. ශ‍්‍රීලනිපය විකල්ප වැඩපිලිවෙලකට සූදානම් බව කියයි… මහ ලේකම් මාධ්‍ය හමුවක…

April 27, 2021 at 3:50 pm | lanka C news
පොහොට්ටු යෝජනා දෙකකට විරෝධය.. ශ‍්‍රීලනිපය විකල්ප වැඩපිලිවෙලකට සූදානම් බව කියයි… මහ ලේකම් මාධ්‍ය හමුවක…

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තුන්දෙනෙක් නම් කිරීමට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්‍ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ප‍්‍රසාද ආසන බෙදීමේ ක්‍රමය පිළිබඳවද තම පක්ෂයේ විරෝධතාවයක් ඇති බවයි.

එනිසා විකල්ප වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසිදායක වන කිසිදු තීරණයට එළඹෙන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

34,300 views

8 Comments to “පොහොට්ටු යෝජනා දෙකකට විරෝධය.. ශ‍්‍රීලනිපය විකල්ප වැඩපිලිවෙලකට සූදානම් බව කියයි… මහ ලේකම් මාධ්‍ය හමුවක…”

  1. ALS says:

    Actions of SLFP will depend on whether this fellow will get a ministerial post or not

  2. Sura says:

    පොහොට්ටුවේ සෙවනැල්ල නැතිව කොහොම ද, නේද.

  3. විගඩමා says:

    බූරු පුතානෝ අනික් පැත්තේ ඉන්න තුරු ඔය පොහොට්ටු ආන්ඩුව පරාජය කිරීමට බැහැ.ඒක නිසා උඩ පනින්නට ගිහින් අඩු කඩා ගන්න එපා.

  4. Duminda says:

    තමුන්නාන්සේලාට මේවා මහා ලොකු ප්‍රශ්න උනාට මහජනතාවට තියෙන්නෙ වෙනම ප්‍රශ්න ඒක තේරුම් ගන්ඩ බැරි කිසිදු හරකෙක් දේශපාලනයට සුදුසු නෑ

  5. RAW Agent says:

    Put your whole effort to unite the small 11 parties.
    Then you can show the real power of unity and, at the same time tame that swollen headed useless fellow forever.

  6. Aurora says:

    පොහොට්ටුව ලෙස එකට සිටීම තමයි හොදම. ඒ අතරම 20% හොරාගේ මල්ලේ ලුණු කන උන් සොයා එළිදරව් කිරීමත් කලයුතුයි. පොහොට්ටුවේ පරිවාර පක්ෂ සියල්ලම එකට සිටිය යුතුයි. ඒ සමගම තමුන් පිරිසිදුව සිටිමින් රටට වැඩ කරන්න.

  7. Theeraka says:

    Do what you like, but the voters will decide what they want, ok my friend!

  8. Simba says:

    ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන Lanka Transformers හී UD ජයවර්ධන , මරික්කාර් , පිටිගල ඇතුළු පාලකයන් හොරා කාපු සල්ලි මල්ල හොලවයි.
    වග කිවයුතු ඇමතිවරු , බලධරයින් නිහඩයි.
    ලෝකෙන් උතුම් රටනේ

Main News