පොහොට්ටු ලේකම්ගේ නිවේදනය වැරදියි.. ගම්මන්පිලගේ විශ්වාසභංගය පරදවනවා..

June 17, 2021 at 1:20 pm | lanka C news
පොහොට්ටු ලේකම්ගේ නිවේදනය වැරදියි.. ගම්මන්පිලගේ විශ්වාසභංගය පරදවනවා..

ජනප්‍රිය නොවන තීන්දු ගැනීමේ දී ආණ්ඩුවේ අමාත්‍යවරයකු අසරණ කිරීම සුදුසු නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල වැඩි කිරීම උදය ගම්මන්පිල මහතා තනිවම ගත් තීරණයක් නොව ආණ්ඩුවේ සාමූහික තීරණයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට විපක්ෂයේ විසින් ගෙන එන විස්වාසභංගය පරාජය කිරීමට සූදානම් බවද පැවසූ ඔහු විපක්ෂය උත්සාහ කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගැනීම බවද කියා සිටියේය.

ආණ්ඩුවට මන්ත්‍රීධූර 150 ක් පමණ ඇති බවත් එනිසා ඉතා පහසුවෙන් ගම්මන්පිල මහතාගේ විශ්වාසභංගය පරාජය කරන බවත් ඔහු සදහන් කලේය.

39,551 views

15 Comments to “පොහොට්ටු ලේකම්ගේ නිවේදනය වැරදියි.. ගම්මන්පිලගේ විශ්වාසභංගය පරදවනවා..”

  1. ගමයා says:

    අවසානයේදී තෙල් මිල වැඩි විය.

  2. උඩතලවින්නේ අප්පුහාමි says:

    තොපි ඔක්කොකම මකබැවිල ගියා නම් තමයි මේ රටට ගොඩාක් හොඳ කාලයක් උදා වෙන්නේ. අප්පාගේම පුතාලා.

  3. මහින්ද කුණාටුව says:

    හිට්ලර්ගේ ගේමක් දුන්නාම හරි .

  4. Gama says:

    පොදු පෙරමුණේ එකෙක්වත් ගම්ම්න්පිල ඇමතිවරයාව පරාජය කිරීමට අත ඉස්සිය යුතු නැත. එය මහා පාවාදීමක් මෙන්ම පාදඩ වැඩකි. එසේ වුවහොත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාත් විශේෂයෙන් අගමැති වරයාත් වගකිව යුතුතුය. ඉන්පසු ඇතිවන වෛරය කවදාවත් නොසන්සිදෙනු ඇත.

    • මහබැංකු කඩපු අර්ජුන් අයියා says:

      ඔන්න ලියල තියා ගනින්, මේ ගෙම්මන් පිල කියන්නේ රටට වැඩක් නැති නමුත් කාගේ හෝ පිහිටෙන් තම දේශපාලන ජීවිකාව රැකගන්න පරපෝෂිත ජීවියෙක් කියලා. හරියටම රනිල් වගේ. විෂන් එක මරු හැබැයි කෙරුවා ව ගූ ගොඩාක්. රටට හෙනයක් වෙලා මිනිස්සුන්ට කලකිරෙනවා.

  5. LalithM says:

    ඕව කරකර හිටපන්. රට දියුණු වෙනවා නියතයි

  6. Aurora says:

    මට පෙනෙන විධියට මේ ගම්මන්පිළ ට එරෙහිව පොහොට්ටු පශු පෙළ අරගළය මහා මෝඩ වැඩක්. මේ රට අද පත්වෙලා ඉන්න භයානක තත්වයෙන් ගොඩ එන්න මේ රන්ඩුවෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. තමුන් නොදන්න මුදල් ඇමතිකමක් කරන්න ගිහින් PB ජයසුන්දර වගේ හොරෙක්ගෙ අතට රට පත්කරපු මහින්ද අද තියන මහා විනාසෙට වගකියන්න ඕන. මහින්ද තමුන්ගෙන් පසු UNP එකට රට කරගෙන යන්න බැරිවෙන්න අටවපු ලොකුම උගුල තමයි රටට දරන්න බැරි තරම් විශාල රාජ්‍ය සේවයක් නිර්මාණය කරපු එක. ඒ මදිවට ඒකෙ වැටුප් පෞද්ගලික අංශෙට වඩා ඉහලින් තිබ්බ එක. ඒකෙ ප්‍රථිඵලය වුණේ රටට විදේශ විනිමය ගෙනාපු කර්මාන්තවල වැටුප් බිල දරන්න බැරිවෙලා කොටසක් වහලා දැම්ම, තව කොටසක් බංග්ලාදේශය, වියට්නාමය, අප්‍රිකාවේ රටවල් වලට ගෙන ගියා. දැන් ඒ කර්මාන්තශාලා වල ඇනවුම් සමාගමට තියනවා නමුත් රටට නැහැ. කර්මාන්තශාලා සියල්ලම වැහුනත් ආණ්ඩුවේ රාජ්‍ය සේවා බරව කකුල ඉදිරියටත් තියේවි.
    මේ අතරතුරේ රජයේ අයිතිය යටතේ තියන ආයතන සියල්ලේම නිෂ්පාදන ඒවායේ නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලට විකුණනවා. බලන්න බස් මගී ප්‍රවාහනයේ බස් ධාවනය කිරීමට වඩා බස් නවත්තලා තියෙන එක ලාබයි, අයකරන මුදල ප්‍රමාණවත් නැහැ, ඒ නිසා ඊට සමගාමිව දුවන පෞද්ගලික බස්වල මගින් අනුමත සංඛ්‍යාව මෙන් 2-3 ගුණයක් පටවන්න වෙලා. දුම්රියත් ඒ වගේමයි. විදුලි බල මණ්ඩලේ තවත් එකක්. ඒකෙ ඒකකයක් ජනතාවට සපයන මුදලට වඩා වැඩි වියදමක් යන නිසා ඔවුන්ට පෙට්‍රෝලියම් එකෙන් ගන්න තෙල් වලට ගෙවන්න මුදල් නැහැ. ජල සම්පාදන මන්ඩලෙත් වෙනසක් නැහැ, නිෂ්පාදන මිලට වඩා විකුණන මිල වැඩියි. මේ තමයි රටේ තියන ලොකුම ආයතන වල ස්වභාවය. මේ සියළුම ආයතන වලට නඩත්තුවෙන්න භාණ්ඩාගාරෙන් මුදල් ගෙවන්න වෙනවා. එහි තේරුම ඒ ආයතන වලින් සේවය නොලබන මිනිස්සුත් මේ බරවකකුල් නඩත්තු කරන්න ගෙවන්න ඕන භාණ්ඩාගාරේට. ඇත්තටම මේ රටේ තියෙන්නේ විවෘත ආර්ථිකයක් නොවේ, බරව කකුල් ආර්ථිකයක්.
    බලයට එන කිසිම ආණ්ඩුවකට එදා විපක්‍ෂයේ ඉන්න කාලකන්ණි රට පාලනය කරන්න දෙන්නේ නැහැ. ජනතාවට සහන දෙන්න ඕන, සහන කපන්න දෙන්න බැහැ ආදී ගොන් තර්ක අරන් ඇවිත් රටේ ආර්ථිකය විනාශ කරනවා. මේ වෙලාවේ වෙලා තියෙන්නේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂක කමට පොරකන කණ්ඩායම් දෙක අතර තියන සටනක්. නාමල් පෙරට දමා ඔහුට අපේක්‍ෂකත්වය දෙන්න උත්සාහ කරන මහින්ද සහ මහින්දගේ සහායක කණ්ඩායම වන විමල්, උදය, වාසු, වාමාංශික කණ්ඩායම් වලට එරෙහිව බැසිල් පෙරට දමා ඔහුට අපේක්‍ෂකත්වය දෙන්න උත්සාහ කරන පොහොට්ටු පසු පෙළ කණ්ඩායම් සටනට බැහැල තියෙන්නේ. මේ සටනේ අවසානය සටහන් වෙන්නේ 2024 ජනාධිපතිවරණේ ජයග්‍රහණය විපක්‍ෂයට පූජා කරමින්. ඊටත් වඩා තර්ජනය තියෙන්නේ මෙහෙම සටන් කරන්න තරම් ශක්තිමත් තැනක නොවේ රටේ ආර්ථිකය තියෙන්නේ. මුළු රටම ගිලෙන ආර්ථික අගාධයක් උඩ ඉඳගෙන මේ සියළු සටන් කරුවෝ මුළු රටම අගාධයට ගෙනයනවා.
    දැන් 2024 ජනාධිපතිවරනේදී අපේක්‍ෂකයා වෙනුවෙන් රණ්ඩු වෙන අතරේ ආණ්ඩු නැවම ගිලිලා සියළුදෙනාම චණ්ඩ රළ අතරට වැටෙන එක ගැනත් හිතුවොත් ඒක සියළුදෙනාගේම සෞඛ්‍යට හොඳයි.

    • Aurora says:

      සුලු වැරැද්දක් තියනවා. එය පහත සදහන් ලෙස නිවැරදි කරන්න “ජල සම්පාදන මණ්ඩලෙත් වෙනසක් නැහැ, විකුණන මිලට වඩා නිෂ්පාදන වියදම වැඩියි”

    • wimale says:

      නිවැරදි විග්‍රහයක්. ස්තුතියි.

  7. ඇත්ත යථාර්ය says:

    ගම්පන්පිල, විමල් ආදීන් නැත් නම් ඔය කවුරුවත් අද පාර්ලිමේන්තුවේ නැත. සාගරලාත් නැත. සමහරවිට ගෝඨා ජනපති වීමකුත් නැත . මොනවා නැතත් මේ අය කළ මෙහෙය අගය කළ යුතුය. විශ්වාස බංග නොව හරි නම් මේ අයට තව හොද ඇමතිකම් දිය යුතුය.

    • සිහින අගමැති ටිකිරි කුමරු says:

      මොකද්ද බං මහා ලොකු පුට්ටුව බලයට ඇවිත් මේ රටට කරේ. අර වි8 227 ගෙන්න කැබිනට් පේපර් එකක් දාපු එකද ? නැත්නම් කොරෝනා අරමුදල අතුරුදහන් කරපු එකද ? රාජපක්ෂ ල හිතන් ඉන්නේ ඕන දෙයක් කරන්න පුළුවන් අම්මා අප්පා වේ බුදලේ කියලා මේක. යුද්දෙ දින්න කියලා එදා ඉඳන් කරේ මේ රට කාපු එක.

  8. අපි දිත් ව පුරවැසි says:

    තොපි ඉතුරු ටික කාලෙත් ඔය විදියටම ගතකරපියවි.ඊලග මහ ඡන්දයේදී සේරම ගෙදර. පඩේ සෞභාග්‍යය.

    • අඩො අපි දිත්ව පුරවැසි පොන්නයෝ තොපේ අගනා ආණ්ඩුව තිබුනානම් පකනිල් ගහලා පඩේ හිරවෙලා වලේ

  9. ගොනාට අo says:

    උදය ගම්මන්පිලට විරුද්ධව ගෙනෙන විශ්වාස භoග යෝජනාවට එතුමාගේ පිලිතුරු වරින්වර කලා. නමුත් ඒ පිලිතුරේදි අoග සම්පූර්ණව කරනවා ඇත. එතකොට මෝඩ පොහොට්ටු පශුන් උම්බෑ කියමින් කලිසම්, සරම් ගලවා හෙලුවෙන්ම ගමට යනහැටි බලන්න ආශාවෙන් සිටිමි.

  10. පීම්බූවාට බඩ ලේකම්ට බෑ වැඩ.... says:

    පිම්බූවාට බඩ ලෙවකමාට බෑ වැඩ. බූරු නාම්බා බිරුවට ආණ්ඩූව පෙරටම. සජිත්ට පෑඩ් අරන් යවාපල්ල. මොකද පූක බිම වදින සැරට.