පොහොට්ටු ලේකම් පසුබායි.. මාධ්‍ය හමුව අවලංගුයි.. දුරකතනයටත් පිලිතුරු නොදේ…

June 14, 2021 at 8:40 am | lanka C news
පොහොට්ටු ලේකම් පසුබායි.. මාධ්‍ය හමුව අවලංගුයි.. දුරකතනයටත් පිලිතුරු නොදේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් හදිසියේම අරමුණු කර ඇතැයි වාර්තා වෙයි.

ඉන්ධන මිල ඉහළ දැමිම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල ඇමතිවරයා වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නිවේදනයක් නිකුත්කිරීමෙන් පසු ඇතිව තිබෙන තත්ත්වය ගැන මෙම මාධ්‍ය හමුව කැඳවීමට තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රසිද්ධියේ අභියෝග කර සිටියේ සාගර කාරියවසම් මහතා එල්ල කරන චෝදනා සම්බන්දයෙන් තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් විමසීමට මහ ලේකම්වරයා දුරකතනයෙන් සම්බන්ද කර ගැනීමට මාධ්‍ය වේදීන් කිහිප දෙනෙකුම උත්සාහ කලද ඔහු දුරකතනයට ප‍්‍රතිචාර නොදක්වා ඇතැයිද වාර්තා වේ.

47,666 views

28 Comments to “පොහොට්ටු ලේකම් පසුබායි.. මාධ්‍ය හමුව අවලංගුයි.. දුරකතනයටත් පිලිතුරු නොදේ…”

  1. Piyarathne Gamage says:

    පොහොට්ටු ලේකම් ට අස්වෙන්න කියන්නෙ ත්‍රීවීලර් පක්ෂ වල කුක්කො….

Main News