පොහොට්ටු ලේකම් මාධ්‍ය කැදවයි… ලේකම්ගේ නිවේදනය ගැන පොහොට්ටු නායක මහින්ද කිසිත් නොදනී..

June 13, 2021 at 10:02 pm | lanka C news
පොහොට්ටු ලේකම් මාධ්‍ය කැදවයි… ලේකම්ගේ නිවේදනය ගැන පොහොට්ටු නායක මහින්ද කිසිත් නොදනී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

ආන්දෝලනාත්මක මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමෙන් පසු ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එහිදී පැහැදිලි කිරීමක් සිදුකරනු ඇතැයිද වාර්තා වෙයි.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්දයෙන් වගකීම ගෙන උදය ගම්මන්පිල මහතාට අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ලෙස දැනුම් දෙමින් මහ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් ඇමැති උදය ගම්මන්පිල මහතා අද දැඩි ප්‍රතිචාරයක් දැක්විය.

මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පක්‍ෂ මහලේකම්වරයා විසින් උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වන ලෙස දන්වමින් නිකුත් කරන ලද නිවේදනය ගැනත් දැනුවත් වීමක් නොතිබූ බවයි. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග එ් බව තහවුරු කලේය.

එමෙන්ම උදය ගම්මන්පිල මහතා ද මාධ්‍ය හමුවේ දී කියා සිටියේ පක්‍ෂ නායකයා වන අග්‍රාමාත්‍යවරයා එම නිවේදනය සම්බන්ධයෙන් කිසිදු දැනුවත්භාවයක් නොතිබූ බව තමන් සමඟ පැවසූ බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වන ඇමති ජී.එල්. පීරිස් මහතාද ඒ සම්බන්ධයෙන් නොදැන සිටි බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

67,530 views

18 Comments to “පොහොට්ටු ලේකම් මාධ්‍ය කැදවයි… ලේකම්ගේ නිවේදනය ගැන පොහොට්ටු නායක මහින්ද කිසිත් නොදනී..”

  1. මහ මොළකරු says:

    හෙට අනිද්දා GSP+ එකත් නැතිවෙන්නයි යන්නේ. එදාට අපිට වෙන්නේ ඉතියෝපියාවෙනුත් ණයට ගන්නයි.