පොහොට්ටු-වියත්මග නොක්කාඩුව තද වෙයි.. ගම්පහ ප‍්‍රසන්න-ගොඩහේවා හැප්පෙයි..

February 3, 2020 at 10:40 am | lanka C news
පොහොට්ටු-වියත්මග නොක්කාඩුව තද වෙයි.. ගම්පහ ප‍්‍රසන්න-ගොඩහේවා හැප්පෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයන් හා වියත්මග සංවිධානයේ සංවිධායකයන් අතර යම් මට්ටමකින් තිබෙන මතභේදාත්මක තත්වය ප‍්‍රසිද්ධ වීමක් මෑතකදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නායක ප්‍රසන්න රණතුංග මහතාට සහාය දෙන සමාජ ජාල කණ්ඩායම් විසින් නිර්මාණය කරන ලද නිර්මාණයක් විය එම දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත වියත්මග ප‍්‍රබලයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා මහතාට හිතවත් සමාජ ජාල විසින් අවභාවිත කර ඇතැයි චෝදනා කර සිටිති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක බැලීමේදී හෙළි වූයේ ඔවුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවයි.

වියත්මග සංවිධායකවෙකු වන මහාදචාර්ය චන්න ජයසුමන මහතාද මෑතකදී කියා සිටියේ පොදුජන පෙරමුණේ ඇතැම් සංවිධායකයක් විසින් වියත්මග නියෝජිතයන්ට බාධා කරන බවයි.

78,200 Viewers

30 Comments to “පොහොට්ටු-වියත්මග නොක්කාඩුව තද වෙයි.. ගම්පහ ප‍්‍රසන්න-ගොඩහේවා හැප්පෙයි..”

  1. rathna says:

    අපි කොහොමත් මෙ සැරෙ වියත් මගෙ කට්ටිය සමග විතරයි. හිටපු කාපලුවො අපට එපා.

    • kings says:

      exactly.

    • මොන උගතා බුද්දිමතා ගම්පහෙන් ඉල්ලුවට වැඩිම මනාප ගන්නබෑ මොකද? ගම්පහ මිනිස්සුන් උගත් බුද්දිමත්නේ. ඒකනිසා වැඩිම මනාප ගන්න නම් පබා රන්ජ විමුක්ති වගේ අදිබුද්දිමතෙක් වෙන්නමඕන

    • ගම්පහ හඬ says:

      ප්‍රසන්නලාගේ දේශපාලනය ගැන අපි දන්නේ රෙජි රණතුංගගේ කාලයේ සිටය. ඒ ගැන දන්නෝ දනිති. ප්‍රසන්න හිතනවා එයා ගම්පහ දෙයියෝ කියලා. ගම්පහ කියන්නේ ලොව පරණම රැකියාව කරන සිනමා නිලියක ද, රාජිත සේනාරත්න ගේ පුතා චතුර වැනි ගල් ඉබ්බෙක්කුට ද ඡන්දය දුන් ඡන්ද දායකයෝ ඉන්න ප්‍රදේශයකි!!!. ඒ කරපු පව් කමා කරගන්න නම්, ගම්පහ මිනිස්සු ඊ ලඟ මැතිවරණයේදි, කාපාලුවෙක් නොවෙන උගත් මනුස්සයෙකුට අවස්ථාවක් දෙයි කියා සිතමු. මේ සඳහා සුදුස්සා වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතායි.

    • Gamarala says:

      උගතුන් උනත් වැඩ බැරි ටාසන්ලා අපිට එපා.

    • ගමයා says:

      මට නාලක ගොඩහේවා එච්චර අල්ලනේ නැ. එත්, ප්‍රසන්නට වඩා ලක්ෂ වාරයක් හොඳයි. මේ සැරේ ජනපතිට වැඩක් කළහැකි පිරිසක් පාර්ලිමේන්තු යැවීම ලක් වැසියාගේ යුතුකමයි. නැතහොත් ආයෙත් බඩුම තමයි.

  2. As says:

    Gampaha inne buddhimath janathavak… hi hi hi….
    Bayavenna deyak naa. Ugathunva parliament yawai…

  3. SL says:

    Prasanna is best at doing these things.this must be his wor
    First of all prasanna should explain what services he has done to the nation.let alone his bribery cases in investigation

  4. George says:

    ප්‍රසන්න කියන්නේ කවුද කියල ගම්පහ ජනාතාව හොදාකාරව දමනවා ඒ වගේම ගොඩහේවා මහත්තය කවුද කියලත් දන්නවා. සහයෝගයෙන් කටයුතු නොකලොත් ප්‍රසන්නට ලැබෙන මනාපයත් නැතිව යනවා. දැන් ගම්පහ ජනතාව ඉතාම බුද්ධිමත්.

  5. හෙලයා says:

    ⁣2015 පෙබරවාරි දිනේෂ්ල. විමල්ලා ගම්මලා වාසුලා සංවිධාන කල මහින්ද සුලඟ රැස්වීම් වේදිකාවෙ නාලක හිටියෙත් නැහැ ප්‍රසන්න හිටියෙත් නැහැ. දැන් මේ අඩව් අල්ලන්නෙ කා වෙනුවෙන්ද? මේ දෙදනාම ජාතිකවාදියො නොවන බවය් මගේ අදහස.

  6. Janaranjana says:

    මහින්ද ගම්පහට තරග නොකලොත් ගොඩහේවා වාර්තාගත මනාප සංඛ්‍යවක් ලබාගන්නවා.

  7. Eiffel says:

    රට වැසියනී මෙදා පාර උගතුන් විතරක් ඡන්දෙ දෙමු. මැරකමෙන් දේශපාලනය කරන උන්ව නූගතුන්ව, දූශිතයන්ව, සාම්ප්‍රදායික දේසපාලුවන්ව අයින් කරමු. ජනපතිට ගැලපෙන මිනිස්සු පාර්ලිමේන්තු යවමු..

  8. Araliya says:

    Hondama de thamai aluth pirisak parliament yawana eka. Nethinam wenne pera weradi thiyena aya veradi thiyena nisa newatha weradi karanawa. Ehema nethinam purudda ta weradi karanawa.

  9. Rohan says:

    Sarana gunawardanat kiwwanam goda. Ranathungalage budalayakda ethkota gampha

  10. Dev says:

    වෙනසක් ඕනෙනම් අලුත් 50ක් 60ක් පාර්ලිමේන්තු යවන්නම වෙනවා. දැනට ඒකට විභවය තියෙන්නෙ වියත්මගේ තමයි. යූන්පී එකත් අලුත්, රටට හිතැති කන්ඩායමක් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ජේවීපී එක ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ. ඉන්න එවුන් ආවත් අලුතෙන් ආවත් ඕක වටේ ඉන්නෙ දේශද්‍රෝහී පාන්කඩ විතරයි.

  11. TP says:

    උගතුන් කියාලා උපාධියටම බර කරන්න බැහැ. බැඳුම්කර හොරුන් බලන්න සේරම උපාධි තියෙන උගත් හොරුන්.එතකොට මොනවද කියන්නේ,උපාදිය කියන්නේ එක මිනුම් දණ්ඩක් පමණයි. නවලෝක මුදලාලි,ඥානම් මුදලාලි බලන්න,උපාධිකාරයෝ කිදෙනක් එතුමන්ලා ගාව වැඩ කළා, උපාධිකාරන්ට එතුමන්ලාගේ පරිපාලන,ආර්ථික, දැනීම ළඟටවත් කිට්ටු වෙන්න බැහැ. උගත් කමයි හැදියාවයි දෙකම බලන්න ඕනේ.

  12. මෝඩයා says:

    අපිට ඕනා රට හදන්න මිස පවුල් හදන්න නොවේ. අපිට ඩුප්ලිකේට් හොදයි

  13. හාවා says:

    ඌරො කැකුණ තලනකොට හබන් කුකුල්ලුන්ට රජ මගුල් ලු

  14. බන්ඩා says:

    උගත්කමෙන් බුද්ධිමත් කම සහ හැකියාව මනින්න බැහැ. වැඩ බැරි Phd කාරයො කොච්චර ඉන්නවද? නාලක ගැන කියනවා නෙවෙය්.

    • Gamarala says:

      උගතුන් උනත් වැඩ බැරි ටාසන්ලා අපිට එපා.

  15. Kalana says:

    Prasanna mokekdha? Hambayange salli walata paawaa deepu ekek, molayak nathi mee harakek

  16. Sampath says:

    ඒ කියන්නෙ ගොඩහේව මහත්තය ගාව ඉන්න උදවියට හරියට තමන්ගෙ උත්සහයෙන් හොරකමක් වංචාවක් නොකර post එකක් වත් හදාගන්න බැහැ කියන එකද,,ඔය කොයි කාටත් අන්තිමට වරදින්නෙ වටේ ඉන්න මෝඩයො නිසා

    • ගොඩහේවා says:

      මගෙ මිනිස්සු නම් හොරු වන්චා කාරයො නෙවෙයි ඒ උනාට අනිත් අයගෙනම් මම දන්නෙ නැහැ ,අනික මේක මම දැනුවත්ව වෙච්ච දෙයකුත් නෙවෙයි

      • අනුර කුමාර says:

        තමන්ගෙ වටේ ඉන්න අය වැරැද්දක් කලහම ඔහොම ඇග බේර ගන්න බැහැ මහත්තයො ,රට හදන්න කලින් වටේ ඉන්න අය හදාගන්න..කොහොම උනත් අපේ රජයක් යටතේ හැමෝටම දඩුවම් කරනව

        • Ranjan says:

          ඔය කාගෙ කාගෙත් voice recording තියෙනව එලියට දාන්නද ?

          • Sajith2020 says:

            ජයවේවා ගමන සුබයි ජය නියතයි ගෝටාබය ජනපති මම අගමැති

  17. Kadiya says:

    වියත් මඟෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන් සමඟ පටලගන්න කවුරු හරි උත්සාහ කරනවානම් ඒ උන්ගේ ගොන්කම නිසා කරන දෙයක්. මොකද UNP චන්ද දායකයෝ රංජා, පබා, චතුර වගේ අපතයන්ට චන්දෙ දුන්නට පොහොට්ටු චන්ද දායකයෝ බුද්ධිමත් කණ්ඩායමක්. ඒ නිසා තග දාල ගොඩ වැඩිකරගන්න සුත්තරේ මේ සැරේ වැඩකරන්නේ නැහැ. කාටද පුන්නක්කු දෙන්න ඕන, කාටද කේක් දෙන්න ඕන කියන එක අපි හොඳින් දන්නවා.

  18. amanaya says:

    “වියත් මඟෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන් සමඟ පටලගන්න කවුරු හරි උත්සාහ කරනවානම් ඒ උන්ගේ ගොන්කම නිසා කරන දෙයක්”.- Kadiya

    “කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක බැලීමේදී හෙළි වූයේ ඔවුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවයි”.

    “කාටද පුන්නක්කු දෙන්න ඕන, කාටද කේක් දෙන්න ඕන කියන එක අපි හොඳින් දන්නවා” Kadiya Good Comment.