පොහොට්ටු වේදිකා අමතන ශ්රීලනිප මන්ත්රීන් පසුපස ඔත්තුකරුවන්.. මන්ත්රීකමෙන්, සාමාජිකත්වයෙන් එලවන්න තොරතුරු හොයයි…
December 18, 2017 at 3:50 pm | lanka C news
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රිවරුන් පළාත් පාලන මැතිවරණයේදී සිදු කරන දේශපාලන ක්රියාකාරකම් සොයා බැලීම සඳහා මැතිවරණ කොට්ඨාසයකට එක් පුද්ගලයකු බැගින් පත් කරන ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා එම පක්ෂයේ ජේයෂ්ඨ නායකයන් පිරිසකට උපදෙස් ලබාදී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මැතිවරණ ප්රචාරක රැස්වීම්වල සහභාගි වන එම මන්ත්රිවරුන්ගේ හඬපට ලබාගැනීම, ඡායාරූප රැස් කිරීම, වීඩියෝ ගත කිරීම් සහ රැස්වීම්වලදී බෙදා හරිනු ලබන පත්රිකා එක්රැස් කිරීම ඔවුන්ට පැවැරෙන වගකීම්ය.
අදාළ තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව සතිපතා ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි.
මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව පක්ෂයට එරෙහිව විනය කඩ කිරීමේ චෝදනා මත ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලනිප පාර්ලිමේන්තු මන්ත්රිවරුන් මෙන්ම එහි ජේයෂ්ඨ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා ද එම වාර්තා යොදා ගැනෙනු ඇත.
– Mawbima
This man is desperate to be in power, dictator.
මුන්ව අල්ලගන්න බල්ලන් හෝ ඌරන් පුහුනු කරමු
සිංහල බෞද්ධයාට, අති උතුම් බුද්ධ සාශනයට සිය එකම රටේ කුඩම්මාගේ සැලකිලි දීම ආණ්ඩුවට ගෙවා ගැනීමට අපහසු පාප කර්මයක් වනු ඇත.
අනිවාර්යයෙන්ම විය යුක්තක්
සිරිසේන බයේ වෙව්ලනවා තමුන්ගේ චන්ද ගොඩ <5%.ට වඩා අඩුවී JVP එකටත් වඩා පහලට යාවී කියා. රැස්වීම් තිබුනත් නැතත් ඒක තමයි යථාර්තය. මේ සැරේ චන්දෙ කරන්නේ දේශපාලකයෝ නොවෙයි, අපි. මේ යහපාලන සාපෙන් පීඩනයට පත්වී ඉන්න උන්.