පොහොට්ටු වේදිකාවට ගොඩවූ වරදට මහින්ද ඇතුළු ඒකාබදදයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 45ක මන්ත‍්‍රී ධුර අහෝසි කරන්න යයි..

February 11, 2018 at 6:48 pm | lanka C news
පොහොට්ටු වේදිකාවට ගොඩවූ වරදට මහින්ද ඇතුළු ඒකාබදදයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 45ක මන්ත‍්‍රී ධුර අහෝසි කරන්න යයි..

පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කල ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කර දැමීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්චාවක් ඇතිව තිබේ.

අධිකරණ ක‍්‍රියාමාර්ගයක් හරහා මෙසේ ඉවත් කිරීමට අදහස් කර සිටින මන්ත‍්‍රීන් පිරිස 45ක් වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂද එම පිරිසට අයත් වෙයි.

මෙසේ ඉවත් කරන මන්ත‍්‍රීන් වෙනුවට නව මන්ත‍්‍රීන් පත් කිරීමේ බලය ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා සතු වෙයි.

159 views

45 Comments to “පොහොට්ටු වේදිකාවට ගොඩවූ වරදට මහින්ද ඇතුළු ඒකාබදදයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 45ක මන්ත‍්‍රී ධුර අහෝසි කරන්න යයි..”

  1. රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

    අපි 2020 ජනාධිපතිවරණය තෙක් රනිල්තුමාව දිවිහිමියෙන් රැකගනිමු. එවිට ගෝඨාට 2020 ජනාධිපතිවරණය සඳහා රුපියලක හෝ වියදමක් කිරීමට අවශ්‍ය නොවනු ඇත.

    • samuvel says:

      අම්මපා මල්ලි , උඹේ කටේ දාන්න ඕනේ මසුරන් …. නෑ නෑ ඒ කටම රනිල්ගේ වෛ ෆයි…

  2. nalin says:

    ද්‍රෝහීන් එක්ක එකතුවී බලය අල්ලනවට වඩා තනියම විපක්ෂය අල්ලගෙන ඉන්න එක වටිනව කියල පොහොට්ටුව දන්නවද?

  3. ගමයා says:

    ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේරට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව පොදු පෙරමුණේ නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තය . එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස “ආණ්ඩු වෙනස” වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස , දෙක , සතිය දෙක , මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි . අපි ඒ සඳහා සුදානමින් බලාසිටිමු .

  4. Bakaladasa says:

    Ha ha ha!

    🙂

    Brilliant!
    Exactly what the doc ordered for SLFP.

    My3 , Ganjaman and Anagattha pora must permanently jettison the 45% of the total vote for ever!

    Now that’s some serious CHESS from the master!

  5. Aurora says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී තනතුරු නැතිකිරීමට ඇති හැකියාවේ නීතිමය පැත්ත ක්‍රියාත්මක කිරීම එතරම් පහසු එකක් නොවේ. නමුත් එහි දේශපාලනය පිළිබඳව නොසලකා කටයුතුකිරීමට තරම් ජනාධිපති සිරිසේන අඥානයකුයයි මම නොසිතමි. එවන් ක්‍රියාමාර්ගයක් සමාන කලහැක්කේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ JVP ඇතුළු පක්ෂ කීපයක් තහනම් කිරීම හෝ 6 වන ව්‍යවස්ථා සංශෝධනයට දිව්රුම් නොදුන් TULF මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් නෙරපීමට පමණි. මේ ක්‍රියාවන් නිසා ජාතියට අහිමිවූ ජීවිත සහ දේපල කොපමණද?

    එමනිසා ඒකාබද්ධ පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් නැතිකිරීමට පෙර JR හට පෙර අවස්ථා දෙකේදී අතපසුවූ යමක් සිදුකල යුතුව තිබේ. උක්ත ක්‍රියා නිසා කොතරම් මළමිනී සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලව මත ගොඩගැසේදැයි JR ඇස්තමේන්තු නොකළේය. නමුත් පැරණි අත්දැකීම් උපයෝගීකොටගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී තනතුරු නැතිකිරීම හේතුවෙන් පැනනගින විරෝධතාවයන් නිසා සිදුවන විනාශය කලින්ම ඇස්තමේන්තු කර ප්‍රකාශකරන්න.

  6. Supun says:

    ජනතාවගේ හද ගැස්ම හරියට තේරුම් ගැනීමට නොහැකිව, ජනාධිපතිගේ දෑත්
    ශක්තිමත් කිරීමට කියමින් ශ්‍රී ලංකා
    නිදහස් පක්ෂයට බැඳුන පියසිරි විජේනායක, ප්‍රියන්ජිත්
    විතාරන, වීරකුමාර දිසානායක, නිමල් ප්‍රේමවංශ,
    දිමුතු අබේකෝන් වැනි දේශපාලන අනාථයන්ට දැන් වහ කන්නට හිතෙනවා ඇති.

  7. Dr Laksman says:

    ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේරට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව පොදු පෙරමුණේ නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තය . එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස ආණ්ඩු වෙනස වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස , දෙක , සතිය දෙක , මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි . අපි ඒ සඳහා සුදානමින් බලාසිටිමු .

  8. වසමත් හබක් පරාදයි says:

    තමන්ගේ ග්‍රාමසේවක වසමත් පරද වුන ග්‍රාමසේවක පැරදුනේ චම්පක රාජිත කිරි අල්ලා ඇස්. බී, චන්ද්‍රික දුමින්ද වගේ මිසදුටුවෝ නිසයි දුකයි රාළහාමියේ. තවත් කාපන් රනිල් ගේ පරණ වඩේ.

Main News