පොහොට්ටු-ශ්‍රීලනිප අද දෙවැනි සාකච්චාවත් සාර්ථකයි.. අද විස්තර මෙන්න..
March 21, 2019 at 1:20 pm | lanka C news
පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද පැවති දෙවැනි සාකච්චා වටයද සාර්ථක වූ බව ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
නව සන්ධානය ගොඩනැගීමට අදාල මූලික කාරණා 20ක් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්චා කල බවද ඔහු සදහන් කලේය.
මෙම සාකච්චා වටයේ තුන්වැන නිල සාකච්චාවන අපේ‍්‍රල් මස 10 වැනිදා පැවැත්වීමට දෙපාර්ශවය එකග වූ බවත් ඔහු පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්චා අද පැවැත්විය.
මොනවද අප්පා ඔච්චර සාර්ථක?
මොන සාකච්චාද? …….. ජනාධිපතිවරනේදී ඕකුන්ට චන්ද හිටින්නේ නෑ. නිදහස් පක්ෂයක් කියල එකක් ඉතුරු වෙන්නෙත් නෑ.