පොහොට්ටු-ශ්රීලනිප අපේක්ෂකට සහාය දෙනවා..- අමරවීර
August 3, 2019 at 1:20 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක්ව නම් කරන අපේක්ෂකයකුට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහාය දෙන බව බව සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවිර මහතා පවසයි.
පක්ෂ දෙක අතර නව සන්ධානය සදහා සාකච්ඡා ඉදිරියටද පවත්වාගෙන යන බවත් කී ඔහු ජනතාව ඉල්ලා සිටින ජනාධිපති අපේක්ෂකයා නායකයන් විසින් නම්කරනු ඇතැයිද සදහන් කලේය.
පක්ෂ දෙක අතර සන්ධානය බිහි කරන්නේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමට පමණක් නොව ඉදිරි සියළු මැතිවරණවලදී එක්ව තරග කිරීමට බවත් මහ ලේකම්වරයා තව දුරටත් පැවසීය.
MY3 should understand which party has got the closest policies to SLFP policies.