පොහොට්ටු-ශ්රීලනිප එක්වන සුබ නැකත ජනවාරියේ.. නව ලකුණකින් මැතිවරණයට..
December 27, 2018 at 12:00 pm | lanka C news
ඉදිරි ජනවාරි මාසයේදී යෙෙදී ඇති සුභ නැකතකින් ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ එකතු වීමට නියමිත යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ටී.බී. ඒකනායක මහතා කියයි.
මන්ත්රීවරයා සදහන් කරන්නේ ඉදිරි මැතිවරණ සදහා පොදු ලකුණක් යටතේ පක්ෂ දෙක එකතු වී තරග කරන බවත් ඒ ගැන අවසන් සාකච්චා මේ දිනවල පැවැත්වෙන බවත්ය.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දිම සදහා පක්ෂ දෙකම ශක්තිමත් වී සිටින බවද මන්ත්රීවරයා වැඩි දුරටත් කියයි.