පොහොට්ටු-ශ්රීලනිප නිල සාකච්චා අද මහින්දගේ කාර්යාලයේදී.. සහභාගී වන පිරිස මෙන්න..
March 14, 2019 at 8:40 am | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පෙරමුණ අතර පැවැත්වෙන නිල සාකච්චා අද දිනයේ ආරම්භ වීමට නියමිය.
විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම සාකච්චා පැවැත්වීමට නියමිතය.
දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, රෝහණ ලක්ෂමන් පියදාස යන මහත්වරුන් ශ්රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් එම සාකච්චා සදහා සහභාගී වෙයි.
මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ජගත් වැල්ල වත්ත යන මහත්වරුන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් සහභාගී වීමට නියමිතය.
පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම හා නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්චා කිරීමට නියමිතය.