පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධාන ගසා ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත‍්‍රි දෙන්න බෑ.. අපි යලි රැවටෙන්නේ නෑ..

March 17, 2019 at 3:00 pm | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධාන ගසා ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත‍්‍රි දෙන්න බෑ.. අපි යලි රැවටෙන්නේ නෑ..

පොහොට්ටු ශ‍්‍රී.ල.නි.ප සන්ධාන ගසා මෛත‍්‍රී නැවත ජනාධිපති කිරීමට සුදානම් නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවදාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව පෙරලීමට සන්ධාන ගත වීමට සුදානම් වුවද ඡන්දේ ඉල්ලීමට ශ‍්‍රී.ල.නි.පය සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් ජනතාව තුල කැමැත්තක් නැති බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘‘ගම සමග පිළිසදරක්’’ වැඩසටහන සම්බන්ධයෙන් නැදගමුව, කොටුගොඩ, පත්තඩුවන,කෙහෙල්බද්ධර, අස්ගිරිවල්පොල, කොට්ඨාශ නියෝජිතයින් දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමේදි රණතුංග මහතා මේ බව සදහන් කලේය. නැදගමුව විලේජ් උත්සව ශාලාවේදි රැුස්වීම පැවැත්විනි. මිනුවන්ගොඩ ප‍්‍රාදේ්ශීය සභාවේ සභාපතිතුමන් අරංගල්ල, මහතා ඇතුලූ එම කොට්ඨාශවල මන්ත‍්‍රී වරු සංවිධානය කර තිබූ රැුස්වීමට දහසකට ආසන්න නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්වරයා ඇතුලූ කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියෙනවා පොහොට්ටුව ශ‍්‍රීලනිපයට ඇදලා ආපහු මෛත‍්‍රී ජනාධිපති කරන්න. නමුත් මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මහින්ද මහතා රටේ නායකයා වෙන එකයි. අපි ? වැටුන වලේ දවල් වැටෙන්නේ නැහැ. සන්ධානයක් සැකසීම සදහා වන ශ‍්‍රීලනිප පොහොට්ටු සක්ච්ඡුා වලට අපේ කණ්ඩායම යන්නේ නිරවුල් මනසින්. හොද අවධානයෙන් මෙවර අපව රවටන්න කිසිවෙකුට බැහැ අපි එහෙම රැුවටෙන්නේ නැතැයිද රණතුංග මහතා මෙහිදි කියා සිටියේය.
රැුස්වීමේදි වැඩුදුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

‘‘අපි මහින්ද මහත්තයාව නැවත දේශපාලනයට ගෙනාවා වගේම ඔහුව නැවත රටේ නායකයා කිරීමේ උවමනාවෙනුයි කටයුතු කරන්නේ. ඊයේ පෙරේදා දයාසිරි ජයසේකර මහතා අපේ දේශපාලන වැඩපිලිවෙල විවේචනය කළා එතුමා කවුද අපේ දේශපාලන වැඩ පිළිවෙල විවේචනය කරන්න. එතුමාට පුලූවන් එතුමාගේ පක්‍ෂයේ වැඩ පිලිවෙල ගැන කථා කරන්න. අපි ප‍්‍රතිපත්තියක් මතයි. දේශපාලනය කරන්නේ වාසියට ප‍්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. වාසියට ගෙම්බෝ වගේ පැනලත් නැහැ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් කියනවා අපිට විනය පරීක්‍ෂ කරලා පක්‍ෂයෙන් ඉවත් කරන්න පුලූවන්ද කියලා. මම එදා මහ ඇමති තනතුර අත ඇරලා ඇවිල්ල ජනතාවගේ පැත්තේ හිටගත්තේ හෘ`ද සාක්ෂියට එකගවයි. මන්ත‍්‍රීකම නැති වුනත් අපි මේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යනවා. මේ ජනාධිපතිවරණයේදි අපේ අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. පොහොට්ටුවෙන් ඉදිරිපත් වන අපේෂකයා තමයි. මේ රටේ ඊලග ජනාධිපති ඒක වලක්වන්න කාටවත් බැහැ කිසිම ජගතෙකුට බැහැ.

දින 51 කේ ආණ්ඩුව ගන්නවාට මම නම් කැමති වුනේ නැහැ. දැන් ආපහු සන්ධාන කථාවක් ඇවිත් තියෙනවා. මම දැක්කා සමහර හිටපු ශ‍්‍රීලනිප ඇමතිවරු කියනවා. අර අයවැය විවාදයට බයේ යු.එන්.පී එකට බයේ ගෙදර ගිය අය කියනවා මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා ඊලග ජනාධිපති අපේෂකයාලූ. මම පැහැදිලිව ඒ අයට කියනවා අපි සන්ධාන ගහන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා නැවත ජනාධිපති කරන්න නෙවෙයි. මේ ¥ෂිත ආණ්ඩුව ගෙදර යවලා මේ රටට ආදරය කරන නායකයෙක්ව මේ රටේ ජනාධිපති කරන්න. මේවා කිව්වාම හෙට අනිද්දට විනය පරීක්‍ෂණ කැදවයි. මන්ත‍්‍රීකම නැතිකරන්න හදයි. අපි දන්නවා එදා වගේම අදත් ජනතාව අපිව ආරක්ෂා කරනවා කියලා ඒ නිසා මම බය නැහැ.

මේ පොහොට්ටුව හැදුවේ ජනතාව මේ පොහොට්ටුවේ සැබැ අයිතිකාරයෝ ජනතාව මහින්ද මහත්තයාව හොයාගෙන ගිහින් නැවත දේශපාලනයට ගෙනාපු අය තමයි මේ පොහොට්ටුව හැදුවේ. පොහොට්ටුව හදලා පලමු අවුරුද්ධ ඇතුලත පලාත් පාලන මැතිවරණයේ දි ප‍්‍රදාන පක්‍ෂ පරාජය කරලා ඉහලම ජයග‍්‍රහණ ලබලා අපිට පුලූවන් වුනා.

මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. ඡන්දයක් කිව්වාම ආන්ඩුවට මුත‍්‍රා යනවා. බස්නාහිර පළාත් සභාවේ නිල කාලය මේ අපේ‍්‍රල් මාසයේදි ඉවරයි. මොන ඡන්දය නොතිබ්බත් මොකට බයේ හැංගුනත් මේ ආණ්ඩුවට ජනාධිපතිවරණයෙන් පැනලා යන්න බැහැ අපි අපේ අපේක්ෂකයා තොරලා ඉවරයි. රටම බලාගෙන හිටපු ඒ අපේෂකයා කව්දැයි නිසි වෙලාවට මහින්ද මහත්තයා රටට කියයි. හැබැයි අපි එකක් කියනවා මේ අවුරුද්දේ අග වෙනකොට මේ රටේ ජනාදිපති පත්වෙන්නේ පොහොට්ටුවෙන්.

පොහොට්ටුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වගේ නෙවෙයි. බොරු කරන්න බැහැ. වැඩ කරන්න ඔනැ අපි දේශපාලනයෙන් හොදට තෙම්පරාදු වෙච්ච අය බොරු කරන්න කවුද කොහොමද කියලා අපි දන්නවා. පොහොට්ටුව කියන්නේ නිකන්ම නිකන් දේශපාලන පක්‍ෂයක් නෙවෙයි. මේ රට ගොඩ නගන්න පුලූවන්න. වැඩ පිලිවෙලක් සහිත දේශපාලන පක්‍ෂයක්

– ප‍්‍රදීප් අනුර කුමාර

37,464 Viewers

4 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධාන ගසා ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත‍්‍රි දෙන්න බෑ.. අපි යලි රැවටෙන්නේ නෑ..”

  1. Paul says:

    U keep on dancing until ranil becomes the president and next 10 year be in the opposition
    Only big talk. Can’t you see, current opposition is losing steam

  2. Saradiel says:

    ගොටාබය ජනාදිපති මැතිවරනයෙන් විශිෂ්ට ජයක් ගන්නවා

  3. Gayantha says:

    නියම කෙලින් මිනිහා. යන එන මන් නැති සිරිසේනගේ ලනු කාලා පොහොට්ටුව ටිකක් සවුත්තු වුනා. දැන් වත් කෙලින් ගමනක් යන්න ඉස්සර වගේ

Main News