පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා අවලංගු කෙරේ.. ජනාධිපති-අගමැති අපේක්‍ෂකත්ව දෙන්න පොහොට්ටුව බෑ කියයි..

June 17, 2019 at 12:00 pm | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා අවලංගු කෙරේ.. ජනාධිපති-අගමැති අපේක්‍ෂකත්ව දෙන්න පොහොට්ටුව බෑ කියයි..

විපක්‍ෂ නායක කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්චාව අවලංගු කර තිබේ.

06 වන වටය සදහා අද මෙම සාකච්චාව පැවැත්වීමට නියමිතව තිබූ අතර නැවතත් එම සාකච්චාව 26 දිනයේ පැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි.

පක්‍ෂ දෙක එක්ව නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සදහා මෙම සාකච්චා පැවැත්වෙයි.

නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ශ‍්‍රීලනිපය විසින් ඉල්ලා සිටීමත් සමග පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් එල්ල විය.

පොදුජන පෙරමුණ දන්වා ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය හා අගමැති අපේක්‍ෂකත්වය වෙනත් කිසි පක්‍ෂයකට ලබා නොදෙන බවයි.

අවශ්‍ය නම් වෙනම තරග වැද එම ධුරයන් ලබා ගන්නා ලෙසද සදහන් කර තිබින.

45,418 Viewers

21 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා අවලංගු කෙරේ.. ජනාධිපති-අගමැති අපේක්‍ෂකත්ව දෙන්න පොහොට්ටුව බෑ කියයි..”

  1. RAYMOND says:

    හොද තීරණය ක්

    • මැදමුලනෙ මුත්තා says:

      කොහොම හරි ජනාධිපති ජන්දයට මෛත්‍රීපාලගෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙනුත් ජොකියෙක් දාල ජන්ද ලක්ෂ හතරක් පහක් කඩපල්ල, රනිල ගොඩ. තොපිට පඩ.

      • පොළොන්නරැ විදානේ says:

        හරියටම හරි. මෛත්‍රීපාල බැලුවෙ රනිල් එලවල, මහින්ද අගමැති කරල නැවත ජනාධිපති වෙන්න. මහින්ද ලණුව කාල තිබුන ජනප්‍රිය කම යංතරමකින් අඩුකර ගත්තා. දැන් මෛත්‍රීපාලට අල්ලපු අත්තඟගත් නෑ.පය තියපු අත්තත් නෑ. තව මාස කීපයකින් මොකුත්ම නෑ. හිටං රාජපක්ෂලා සමග දැන් කලින්ට වඩා තරහයි. ⁣මිනිහට උනා යන යකා කොරහ බිඳං යනව වගේ යන්න. ඒ නිසා ⁣මිනිහත් රාජපක්ෂලාගෙ ජන්ද ටිකක් කඩනව ශ්‍රීලංකා ජොකියෙක් දාල. දයාසිරි, මහින්ද අමරවීර, ශාන්ත බණ්ඩාරල දඟලන්නෙ ඒකයි.
        රනිලට උවමනා මුංගෙ ජන්ද ලක්ෂ 3 -4 ක් එහා මෙහා කරන්න. එතකොට දෙමළු ටිකයි තමිබියො ටිකයි දුන්නම ඌ ගොඩ.

  2. Critic says:

    Good decision! Let them contest alone!

  3. On looker says:

    “PASSA BIMA ANILATH THIYENA BORU MAANNAYA?

  4. Nim says:

    ” VERY GOOD DECISION ”
    POHOTTUWA TA JAYAWEWA
    SRI LANKA WATA JAYAWEWA.

  5. Prabath says:

    පොහෝට්ටුවෙත් අවසානය

  6. Aurora says:

    ආපහු සිරිසේනවගේ දෙපිටකාට්ටු, විශ්වාසය තියන්න බැරි, තකතීරු කථා කීම පමණක් ජනාධිපති ධුරයේ රාජකාරිය ලෙස හඳුනාගත්, තමන්ගේ සහ තම පව්ලේ වාසියට ඕනෑම කෂඩ වැඩක් කරණ මිනිහෙකුට රටේ මිනිස්සු චන්දෙ දෙයි කියල හිතන්න තරම් මෝඩයෝ ශ්‍රී ලංකාවේ නැහැ. ඒ අනුව පොහොට්ටුව හරියටම හරි. 2015 වනවිට අගේට දියුණුවෙමින් තිබුන රට රනිල් වික්‍රමසිංහට උලාකන්න දුන්න මෙවන් අපතයෙකුට රටට ආදරේ මිනිස්සු වෛර කරනවා, මොහුව පිළිකුල් කරනවා.

  7. Saradiel says:

    රනිල් සමග දීග ගිය කලු සුද්දන් සමග නැවත කතා උවමනා නැත

  8. Ekayana says:

    ශ්‍රිලංකා නිදහස් පක්ශයේ ජනප්‍රියත්වය උරගා බැලීමට තිබෙන හොඳ අවස්තාවක්.

  9. vishnu says:

    නියමයි

    • Rata Wenuwen says:

      නියමට නියමයි,දෙපිට කාට්ටුවන්ට පාඩමක් උගන්වමු

  10. Silk road says:

    225ත් එක්ක නැතිව ජනතාව අතරින් එන
    ඩබල් ගේම් ද්විත්ව පුරවැසි නොවන
    ගෑනි දරැවෝ එහේ, මං මෙහේ නොවන 100% ශ්‍රී ලාංකික
    උසස් අධ්‍යාපනයක්,හැදියාවක්,බුද්ධියක් ඇති එඩිතර දේශප්‍රේමියෙක්ට මෙවර අපේ සහයෝගය

  11. Sujith says:

    Good decision. SLFP is over now. No value.

  12. PULATHISI says:

    ඉතා හොඳ තීරණයක්.
    ශ්‍රී.ල.නි.ප. විනාශ කළ එහි ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද විනාශ කිරීමට යොදන උපාය උපක්‍රම දැන්වත් අවබෝධ කරගැනීම ජනතා අරමුණු ගරු කිරීමක් ලෙස අගය කළ යුතුය.

  13. මාතර සුනිල් says:

    Silk road ඔය කියන්නේ පචය වෙන්න ඇති. පුළුවන් නම් කොයි පැත්තකින් හරි දාල බලපන්කො. තණකොළ කාපු හැටදෙලක්ෂයක් හිටියේ 2015. ඒ ගොන්නු ටික පාස්කු වෙනකොට තම්බි මරාගෙන කාල ඉවරයි. මේ පාර මොකා ආවත් වැඩක් නැහැ. මල් පේමය වලෙන් නැගිටලා සොත්ති උපාලි එක්ක ආවත් වැඩක් නැහැ. මිනිස්සු තීරණය කරලා ඉවරයි. කතිරේ ගහන්න විතරයි. තියෙන්නේ.

  14. Gayantha says:

    ඔය යන එන මන් නැති පච වෙච්ච ශ්‍රිලනිප කාරයෝ ගත්තා කියන්නේ ඉතින් චන්දේ පරාද වුනා වගේ තමා.

  15. chandapala says:

    ශ්‍රීලනිප දේපිටකාට්ටුවන් සමග කතා එපා.. ශ්‍රීලනිපය කාබාසිනියා කල එවුන් දැන් පොහොට්ටුවටත් වැඩේ දෙන්නයි හදන්නේ. සාකච්චා නොකරන එක පොහොට්ටුවට හොඳයි..

Main News