පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..
January 22, 2022 at 5:30 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවමින් තිබූ ලාහුගල ප්රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගෙන තිබේ.
නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් දෙකට බෙදී ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් බලය තහවුරු කරගෙන තිබේ.
එම සභාවේ හිටපු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ලබා දීම විශේෂත්වයකි.
උනුත් එකයි මුනුත් එකයි එක වල්ලේ පොල්
සජි පුතානො මෙකෙන් චූන් වුනාට වැඩක් නෑ ජනපතිවරනෙදි උට ඇපත් නෑ.
සජිත් මොකට මේකෙන් චූන් වෙන්නද? සජිත්ගේ පක්ෂය සමගි ජන බලවේගය මිසක් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි.
ඔන්න පොහොට්ටු උද්දික පුතාලගෙ දේශපාලන දැනුම