පොහොට්ටු සාමාජිකත්වය ගැනීම අනවශ්‍යයි.. 16 කණ්ඩායමට පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න මහින්ද අනුමැතිය දෙයි..

June 16, 2018 at 11:20 am | lanka C news
පොහොට්ටු සාමාජිකත්වය ගැනීම අනවශ්‍යයි.. 16 කණ්ඩායමට පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න මහින්ද අනුමැතිය දෙයි..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනා ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූයේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනවිරත්න මහතා පවසයි.

එම මැතිවරණයේදී 16 කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සමගින් සන්ධානගත වී මැතිවරණයට තරග කරන බවද ඔහු කියයි.

ඒ අනුව ඉක්මනින්ම එකී පුළුල් පෙරමුණ සකස් කර මැතිවරණයට මුහුණ දීම සදහා කටයුතු ආරම්භ කරන බවද හිටපු ඇමතිවරයා සදහන් කරයි.

16 කණ්ඩායම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත යුතු යයි එහි නායකයන් පවසා තිබුණද සාමාජිකත්වය නොගෙන සන්ධානයකින් මැතිවරණයට තරග කළ හැකි යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

7 views

8 Comments to “පොහොට්ටු සාමාජිකත්වය ගැනීම අනවශ්‍යයි.. 16 කණ්ඩායමට පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න මහින්ද අනුමැතිය දෙයි..”

  1. Narada says:

    චන්දෙ ඉල්ලපන්කො ….අපි බලාගන්නන්කො සෙල්ලම..

  2. Rohitha says:

    We need not get excited about this. Mahinda knows that according to Machiavelli in ‘The Prince’ “The promise given was a necessity of the past: the word broken is a necessity of the present”; also that there is a Sanskrit saying which goes: “The crooked deserve crooked treatment”. The JO needs the 16 and more at this moment. When the time comes, the founder members of the SLPP must take charge. Just follow Mahinda’s leadership.Only he will know what to do when.

  3. Nim says:

    NEETHI DAMA
    POHOTTUWA TA SAMAJIKATH WAYA
    GATH THOTH HARA
    AHIGUN TA KA YANTA
    BALAYATA AMATA
    POHOTTUWA PALAMAK
    NOVIYA UTHIEE.

  4. බන්ඩා says:

    යහපාලන කටු කෑ16 කල්ලිය පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන එක ප්‍රශ්ණයක් කර ගන්න තරම් ජනතාව මෝඩ නැහැ. නම්‍ුත් උන්ට මංත්‍රි වෙන්න තරම් මනාප ගන්න එක නම් හිතන තරම් ලෙහෙසි වෙන්නෙ නැහැ.

  5. බබා උක්කුන් says:

    දැනට තියෙන පක්ෂ පමණයි වෙනම කණ්ඩායම් හැටියට සන්ධාන ගත වෙන්නේ. ශ්‍රී ලංකා එකෙන් එන හැම කෙනෙක්ම පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඕන.වෙනම කණ්ඩායම් හැටියට පිළිගන්න එපා. ඔය මුට්ටිය දාන්නේ, සිරාට කඩේ යන්න. දිනලා සිරාට හේත්තු වෙන්න. මුන් කරන්නේ කොන්තරාත් එකක්. ඔය දෙපිට කාට්ටුවෝ එකෙක් වත් නොගෙන ඉන්නවා නම් තමයි හොද.
    තොපි වරෙල්ලකෝ චන්දෙට අපි බලාගන්නම්

  6. Samuvel says:

    චන්දෙ ඉල්ලන්න නොවේ, මීටින් එකක වත් කතා කරන්න එපා . හූ පාර තමයි. අපි චියර් කරන්නේ හැමදාම මහින්ද රජු ලඟ හිටිය කට්ටියට විතරයි.

  7. dasum says:

    Mun pohottuwen awath manapa denna EPA.Gedarama yawamu.

Main News