පොහොර ඉල්ලා කදුකරයේ මහ විරෝධතා.. නගර රැසක් වසා දමති..

November 21, 2021 at 3:50 pm | lanka C news
පොහොර ඉල්ලා කදුකරයේ මහ විරෝධතා.. නගර රැසක් වසා දමති..

නුවරඑලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක් මහ සංඝ රත්නයද එක්ව කළු කොඩි අතතිව මහ කන්නය සදහා රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදෙන ලෙස රජයට බල කරමින් (21) දින නුවරඑලිය නගරයේ උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑලිය , කදපොල ,මිපිලිමාන , නානුඔය යන ප්‍රදේශවල නගරද වසා දමමින් එම ප්‍රදේශවල එලවළු ගොවින් , වෙලදුන් සහ ගොවිපොලවල් වල සේවය කරන කම්කරුවන් එක්වයි මෙම උද්ඝෝෂණය සිදු කරනු ලැබුවේ.

උද්ඝෝෂණයට සමගාමිව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට (21) දින නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවියන් එලවළු තොග ලබා නොදිම නිසා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද වසා දැමිමට එහි පාලන අධිකාරියට සිදු විය.

නුවරඑලිය ගාමිණි ජාතික පාසල ඉදිරිපිටින් ගොවින් උද්ඝෝෂණය ආරම්භ කර ප්‍රධාන මාර්ගය දිගේ පෙලපාලියකින් පැමිණ ගොවින් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය.

මහ කන්නය සදහා අවශ්‍ය රසායනික පොහොර සාධාරණ මිලට කඩිනමින් ලබාදිම ,ගොවින්ගේ වගාවට අවශ්‍ය පලිබෝධ නාශක , දියර පොහොර , බිරජ ඇට ,දිලිර නාශක වර්ග හිගයකින් තොරව සාධාරණ මිලට ලබාදිම ,ගොවි උපකරණ සාධාරණ මිලට ලබාදිම ඇතුළු ඉල්ලිම් අටක් මුල් කර ගනිමින් නුවරඑලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන සමාජිකයන් ඇතුළු පිරිස උද්ඝෝෂණයේ නිරත වුයේ.

මෙම ගැටළුවලට  සතියක් ඇතුලත විසදුමක් නොලද හොත් දැනට තම ගොවිපොලවල් වල වගා කර ඇති නිසරු එලවළු වගාව වෙලදපොලට නිකුත් කිරිම සම්පුර්ණයෙන්ම අත්හිට වන බවට නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් තමන් වෙත දැනුම් දි ඇති බවයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් වගා කරන උඩරට එලවළු (21) දින වෙලදපොලට නිකුත් නොකිරිම නිසා  වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු තොග සහ සිල්ලර මිල වෙනදාට වඩා වැඩි වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

20,391 views

6 Comments to “පොහොර ඉල්ලා කදුකරයේ මහ විරෝධතා.. නගර රැසක් වසා දමති..”

  1. Silva says:

    3% ජෙප්පන්ගේ යටිකූට්ටු වැඩ.

  2. Darshana abayakoon says:

    අතිගරු ජනාදිපති තුමනි මුන්ට හොද පාඩමක් උගන්නමු. එළවලු දෙන්න බැරි නම් ඉංදියාවෙන් හරි චීනෙන් හරි ආනයනය කරලා මුන්ගෙ කටවල් වහමු. පොහොට්ටු ජයග්‍රහනයට කැප වෙච්ච වියාපාරික මහත්වරු පොලිමේ ඉන්නව ආනයනය කරන්න බලාගෙන.

    • Perera says:

      Darshana Abekoon වෙත .
      ගොං හරකො අහින්සක ගොවීන් පෝර ඉල්ලන්නෙ උන්ගෙ වගාවන්ට කාබනික පොහොර කියල වැව්වල රොන්මඩ වේලල කියල . ගොං ආන්ඩුවෙ උන්ට තේරෙන්නෙ නැද්ද ගොවීන් ජිවත් වෙන්නේ ගොවිතැනින් ලැබෙන ආදායමින් කියල .
      උබ කියන්නෙ ඒ අහින්සක ගොවීන්ටද උබ පාඩම් උගන්නන්න යන්නෙ හැබැයි දර්ශන ගොං වස්සො පාඩම් ඉගෙන ගන්නෙ නූගත් ගොං නන්දසේන මිස ගොවින් නෙවෙයි .

  3. ගසා කෑමේ වයාපරය says:

    ටිකක් හිටපල්ලා….තාම ගු නැව බෑවෙත් නෑනේ.

  4. Pediatrician says:

    සෝවියට් දේශයේ හා මහජන චීන සමූහාණ්ඩුවේද සහය ලද ලංකාවේ මෙතෙක් බිහිවූ ප්‍රගතිශීලීම රජය වූ සමගි පෙරමුණට පහරදී දුර්වල කරන්න 1971දී CIA සංවිධානය විසින් ජවිපෙ ළදරු වලිප්පුව යොදා ගැනුනා.
    එදා සමගි පෙරමුණ රජයට එරෙහිව දියත් කල කැරැල්ල අනියමින් සෝවියට් හා චීන සහයෝගය ලංකාවේ ජනතාවට ලැබීම වැලැක්වීමට කල කඩාකප්පල්කාරී ත්‍රස්තවාදී ක්‍රියාවකි.
    තමන් වෙත අධිරාජ්‍යවාදී බලවේග විසින් පවරා ඇති එම ඓතිහාසික කාර්යය භාරය මේ වන විටත් ජවිපෙ සහ අනුර කුමාර ඉටු කරමින් ඇත.එය රාජපක්ෂ විරෝධය නම් අයිසිං තට්ටුවෙන් වසා සරසා ඇති චීන, රුසියන් හා ඉන්දියන් විරෝධයයි.
    අද වන විට මෙම ලදරු වලිප්පුව බෝවී අසාදනය වී ඇති ප්‍රමාණය තවත් වැඩියි.බටහිර අධිරාජ්‍යවාදීන්ට අවාසිසහගත ගිවිසුම් වලට ලංකාව වෙනත් රටවල් සමග එලඹීම වැලැක්වීමට මේ ලදරු වලිප්පුවෙන් පෙලෙන අනුර,විමල්,ගම්මන්පිල.ජවිපෙ,පෙරට්ටුවන්,හෙළ උරුම කල්ලිය,අන්තරේ ඉතාමත් සූක්ෂමව යොදා ගන්නවා. යොදා ගැනුනා.

  5. Ayotallah says:

    No wherein SL the vegetables could be cultivated without fertilizers and pesticides for a profit. with organic manure the production will be 50 % less Sri Lanka is facing a famine in Jan -Feb period and the Pohottuwa is responsible for this mayhem

Leave a Comment