පොහොර ඉල්ලා විරෝධතා කරන්නේ SJB-JVP ගොවියෝ.. සජිත් ඔවුනට අරක්කු, බත් පැකට් දෙනවා..

November 4, 2021 at 1:20 pm | lanka C news
පොහොර ඉල්ලා විරෝධතා කරන්නේ SJB-JVP ගොවියෝ.. සජිත් ඔවුනට අරක්කු, බත් පැකට් දෙනවා..

අද රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ සමගින් ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණේ ගොවියන් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

නමුත් කාබනික පොහොර වලින් වගා කළ හැකි බව කියන ගොවි මහත්වරුන් ද සිටිනා බවත් ඇමතිවරයා පවසයි.

පොහොර ප්‍රශ්නය නිසා ගොවීන් දේශපාලන පක්ෂ වලට බෙදී සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන ජනතාවට අරක්කු බෝතල්, විරෝධතා පුවරු, බත් පැකට් කොපමන අවශ්‍යදැයි විමසමින් විපක්ෂ නායකවරයා ගම්වලට ගොස් ජනතාව උසි ගන්වමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

16,776 views

20 Comments to “පොහොර ඉල්ලා විරෝධතා කරන්නේ SJB-JVP ගොවියෝ.. සජිත් ඔවුනට අරක්කු, බත් පැකට් දෙනවා..”

  1. Darshana abayakoon says:

    භූමිතෙල් පොලිම් ඇති, කිරිපිටි පොලිම් ඇති, ගෑස් නැතු ඇති, සිමෙන්ති නැතු ඇති, සීනි නැතු ඇති, දරුවන්ට අවුරුද්දකට වැඩි කාලයක් අධ්‍යාපනයක් නැතු ඇති. ගොවියන්ට පොහොර නැතු ඇති,බඩු මිල වැඩි වෙලා ඇති, හැබැයි අමතක කරන්න එපා ජනතාව මේ කෙටි කාලය තුල ලබා ගත් ජයග්‍රහන ඊට වඩා කිහිප ගුනයක් විශාල බව. මේ රජයට 2/3ක බලයක් ලැබුනට අති ගරු ජනාදිපති තුමා ඇතුලු මැති ඇමතිවරු ගනනාවකට නඩු හබ දාල හිර කරලා තිබ්බේ. එතුමන්ලට රට සංවර්දනය කරන්න නම් ඉස්සෙල්ලා ඒ නඩු හබ ඉවත් කරලා මානසික සහනයක් ලබා දෙන්න ඔනේ. ඒකට තමයි අති ගරු ජනාධිපති තුමා ඇතුලු රජය ප්‍රමුකත්වය දුන්නේ. තව රජය බලයට ගේන්න කැපවුනු නිශ්ෂංක සේනාධිපති, විල්මා පිරමිඩ් මව්සූද්, බ්‍රැන්ඩික්ස් ඔමාර් වගේ මහත්වරු. ඒ මහත්වරු චන්දේට මිලියන ගනන් වියදම් කරා. ඒ නිසා රජයට වගකීමක් තියෙනව ජනතාවට ඒ අත්කර දුන්න ජයග්‍රහනය වෙනුවෙන් ඒ මහත්තුරුන්ට සලකන්න. ඒවගේම ගලබොඩ අත්තේ හිමි බණ 200 කට වඩා කිව්වා, දිගන, වද බ්‍රා, වද කොත්තු සිද්ධි වලදි මූලිකත්වය ගත්ත ඒ නිසා උන්නසෙට වගේම පන්සල පක්ශයවෙනුවෙන් කැප කරපු අභයාරම හාමුදුරුවොන්ට වගේ අයට මුලින් සලකල ඉන්න එක ඉතාවටිනව. ඒවගේම අපිට චීනෙත් අමතක කරන්න බෑ. රාජපක්ශවරු වෙනුවෙන් ඩොලර් මිලියන ගානක් වියදම් කරපු රටක් චීනේ ඉතින් චීනෙන් නැවක් එවනකොට බාන්න බෑ කියන්න බෑ නෙ. කොහොමත් 69 ලක්ශයක් බලාපොරොත්තු වෙච්ච වෙනස ලැබිල තියෙනවා. ඔවුන් කවදාවත් කන්න ඉල්ලුවෙ නෑ. පැතූ වෙනස මෙයයි

  2. Thilina says:

    Oya kiyana widihata Sajith mara wadakarayek ne ban…Ochchara eliyata bassanna puluwan kiyanne patta wada karayek…ane thopi wage nikammu…Mala kadapu unata puluwanda ban ratata wadaka karanna

  3. saman says:

    ඔව් සජියා තමයි මේක කරන්නේ. ගොවියො එකෙක්වත් එන්නේ නෑ, බත් දුන්නත් සමහරක් එන්නේ නෑ

  4. chinaman says:

    Me wage gon katha nisa thamai prashna visadanna bari

  5. මාලි says:

    මාල කඩපු හොරෙක්ට තේරෙයි ද ගොවිකමක අමාරුව… උබලත් බත් පැකට් වලටයි අරක්කු බෝතල් වලටයි නේ චන්දේ අරන් තියෙන්නෙ..

  6. Citizen says:

    What an insult to the Farmers of Sri Lanka…

  7. Open mind says:

    කළුතර විනාකිරි වෙන්න ඇති. හොඳින් ම දන්නේ ඒ නිසා.

  8. Power says:

    ඇයි මේ කොහේ හරි තියන කාබනික එළවළු පාත්ති ටිකක් දැකලා සියල්ල ක්ෂණිකව කාබනික කරන්න පුළුවන් කියලා හිතන්නෙ? තේ, කුරුදු වගේ අපේ රටට දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන බෝග කාබනික වලින් වගා කරන්න පුළුවන් ද කියලා හොයලා බලලා කතා කරන්න. ඇයි ඒවා ගැන කතා නැත්තෙ? කාබනික පොහොර වලිනුත් මේ කඩි මුඩියේ වගා කරන්න පුළුවන් සමහර එළවළු වර්ග විතරයි. අනෙක් වගාවන් වලට යනවා නම්, වසර කිහිපයක සැලසුමකට අනුව එය සිදු කළ යුතුයි. මොකද ඒවට එන දිලීර ආසාදන වලට කාබනික පිලියම් තියනවද? තමුන්නැහැලා වගේ උදවිය කෘෂිකාර්මික මහාචාර්යවරු වෙන්න ගියාම රටට තව ටිකක් කෙලවිලා යන එක පුදුමයක් නෙමෙයි. 😂

  9. LalithM says:

    ජීවිතේට පැලයක් හිටවපු නැති මේ වගේ අපතයන් කියන කථා ඇහුවම මුංව මරාගෙන මැරෙන්න හිතෙනව. කාබනික කියල විකුණන ප්‍රමිතියක් නැති නාගරික කුනු වලින් පසට එකතු වෙන බැර ලෝහ, වෙනත් ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් නිසා පසට වන හානිය අති මහත් විනාශයක මුල.

  10. baමුනා says:

    මේ වගේ බූරුවන්නේ රට පාලනය කරන්නෙ…

Main News