පොහොර ඉල්ලා විරෝධතා.. වෙලදසැල් වසා හර්තාල්..

October 17, 2021 at 1:20 pm | lanka C news
පොහොර ඉල්ලා විරෝධතා.. වෙලදසැල් වසා හර්තාල්..

එලවළු වගාවට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉල්ලා රජයට බල කරමින් නුවරඑලිය එලවළු වගා ගොවින් , ගොවි සංවිධාන සහ ප්‍රදේශයේ මහ සංඝරත්නය එක්ව (17) දින උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසලට එක් වු ප්‍රදේශයේ ගොවි සංවිධාන, එහි සමාජිකයන් , නුවරඑලිය ව්‍යාපාරික ප්‍රජාව , ප්‍රදේශයේ මහ සංඝරත්නය එක්ව ප්‍රධාන තැපැල් කාර්යාලය අසල උද්ඝෝෂණය පවත්වා පසුව නුවරඑලිය නගරයේ විරෝධතා පෙලපාලියකද නිරත විය.

නුවරඑලිය එලවළු ගොවින්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වා නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් උද්ඝෝෂණය පැවැත් වු පැයකට ආසන්න කලායක් වෙලදසැල් වසා දමා උද්ඝෝෂණයට සහය දැක් විටම කටයුතු කලහ.

උද්ඝෝෂණයේ නිරතව සිටි නුවරඑලිය ගොවි සංවිධාන සමාජිකයන් සහ ගොවින් කියා සිටියේ කාලයක් තිස්සේ තමන් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් එලවළු වගාව සාර්ථකව සිදුකරගෙන පැමිණි බවයි.

තම වගාවන්ට  අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විමෙන් එලවළු වගාවේ ඵලදාව අඩු වි ගොවින් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි.

නුවරඑලිය එලවළු වගා ගොවින්ට රසායනික පොහොර සහ කෘෂි රසායනික දව්‍ය ලබාදෙන ලෙසත්, එසේ රසායනික පොහොර ලබාදිමට නොහැකි නම් ආනයනික පොහොර ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි නුවරඑලියේ එලවළු  රජයෙන් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,429 views

6 Comments to “පොහොර ඉල්ලා විරෝධතා.. වෙලදසැල් වසා හර්තාල්..”

  1. Power says:

    ජනාධිපතිගේ උද්දච්ච අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් වල ප්‍රතිඵල.. මේ වෙලාවේ කාබනික පොහොරමයි කිය කිය ඉදලා හරියන්නෙ නෑ. රටට ආහාර සොයා සපයා දෙන ගොවි ජනතාවට රජය ඇහුංකම් දිය යුතුය. කෘෂිකර්ම ඇමතිට කිව්වම කියනවා සියල්ලන්ටම වඩා ගොවි ජනතාවගේ වකුගඩුව මට වටිනවලු. කාටද මේ බයිලා කියන්නෙ. වකුගඩුව බේර ගන්ඩත් මිනිසුන් ජීවත් වෙලා ඉන්ඩ ඕනී කියන එක ඒ ඔලමොට්ටම කෘෂිකර්ම ඇමතියට තේරුම් ගන්ඩ බෑ.

  2. Sakshi says:

    No US dollars to but these that is the reason. Soon no oils?

  3. damith perera says:

    අපේ රටේ කවදාවත් සෞඛ්‍ය ට හිතකර පරිසරයක් හෝ හරිත රටවල් කරන්න බැ. මේ රටේ මිනිස්සු මේ මොහොතේ වාසිය විතරයි බලන්නෙ තමන්ගෙ අනුන්ගෙ සෞඛ්‍ය ගැන හිතන්නෙ නැ .හැබැයි නුවරඑළිය ගොවියො විකුණන්න හදන එළවළු කොටුයි ගෙදර කන්න හදන එළවළු කොටුවයි කියල දෙකක් හදන්නෙ සහ ගෙදර කොටුවට කෘමිනාශක රසායනික පොහොර දාන්නෙ නැත්තෙ ඇයි කියල අහන්න ඕන

  4. මහජනතාව says:

    පිටරටින් එළවළු පලතුරු ගේන්න ! හැබැයි කාබනික එව්වා ! අපි මිලදීගන්න සූදානම්

    • sharowana says:

      Come out of the “Frog in the Well Mentality” – Where do you find Organic fruits & vegetables in large volume to import to Sri Lanka? Do you know the price of organic items as such? Not only you but also for those who are super rich cannot afford them in the long-run. Just don’t show your ignorance.

Main News