පොහොර කෑන් විසිකරන ගොවීන්ට දඬුවම් කල යුතුයි.. සුවද ඕන නම් සෙන්ට් ගන්න..
December 24, 2021 at 10:00 am | lanka C news
කාබනික දියර පොහොර කෑන් විසිකරන ගොවියන්ට දඬුවම් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
මේවා සියල්ල ගොවීන්ට ලබා දෙන්නේ නොමිලේ බවත් ඒවා විසි කිරීම ජාතික අපරාධයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ගොවීන් විසි කරන්නේ මේ රටේ මහජනතාවගේ මුදල් නැතහොත් ජාතික ධනය බවද කී ඔහු කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ සත්ව අපද්‍රව්‍ය වලින් බවත් ඒවා සාමාන්‍යයෙන් ගඳ බවත් සඳහන් කළේය.
සුවඳ අවශ්‍ය නම් සුවඳ විලවුන් ලබාගත යුතු බවද කී ඔහු මෙම පොහොර විසි කරන ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසද ඉල්ලා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
Please can someone deliver few fertilizer cans to his home this new year ?