පොහොර ගෙන්වා මහා වංචාවක්.. කඩිනම් පරීක්ෂණ..
November 13, 2020 at 4:40 pm | lanka C news
වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා පොහොර සමාගම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළා මොහාන් සිල්වා, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන් ලරාජ්ය නිලධාරීන්, පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතා ඇතුළු නිලධාරීන් ද මීට එක්ව සිටියා.
2015 වසරේ දියර පොහොර මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචාවක් පිළිබඳව මෙහිදී නිලධාරීන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කරුණු ඉදිරිපත් කළා. මීට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කොට ඇති අතරල අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කර ඇති බවයි මෙහිදී හෙළිදරව් වුණේ.
ලංකා පොහොර සමාගමට දෛනිකව පොහොර ටොන් 2,500ක් ලබා ගන්නා අතර, පොහොර මෙට්‍රික් ටොන් 2000ක් දෛනිකව නිකුත් කරනවා. වී ගොවිතැනට අවශ්‍ය දිවයින පුරා පොහොර බෙදා හැරීමේ ප්‍රධානම කාර්ය සිදු කරන්නේ ලංකා පොහොර සමාගමයි. පොහොර සමාගමේ වත්තල පිහිටි සියලු ගබඩා සංකිර්ණ ද මෙහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කළා. කල් ඉකුත්ව ගබඩාකොට ඇති දියර පොහොර ලීටර් 118000කට අධික ප්‍රමාණය ද අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කරනු ලැබුවා. පොහොර සමාගමේ නිලධාරීන්ගේ ද විරුද්ධත්වය නොසලකා හරිමින් 2015 වර්ෂයේ මෙම දියර පොහොර මිලදී ගෙන ඇත්තේ බැංකු පහසුකම් ඇතුළු රාජ්‍ය වරප්‍රසාද රැසක් ලබා ගනිමින්ල මෙම ප්‍රමිතියෙන් තොර දියර පොහොර ලංකා පොහොර සමාගමට මිලදී ගෙන ඇති අතර, විද්‍යාගාර පරීක්ෂණවලින් ප්‍රමිතිය නොමැති බව තහවුරු කර තිබියදීත් අඛණ්ඩව වංචනිකව එවකට බලධාරින් මෙම පාඩුව රජයට සිදු කළ බවයි අමාත්‍යවරයාට අදාළ නිලධාරීන් කරුණු ඉදිරිපත් කළේ. එසේම එවකට පොහොර සමාගම් භූමියේ කාපට් අසුරා සකස් කිරීමේදී ලක්ෂ 88ක මුදලක් වංචා කළ බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ. සමාගමේ නීති නිලධාරියා ඇතුළු නිලධාරීන්ගෙන් මෙම වංචාවන්ට අදාළ විමර්ශනවල ප්‍රගතිය විමසූ අමාත්‍යවරයාල වහාම විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දුන්නා.
ලංකා පොහොර සමාගම සතුව ගබඩා 46 ක් දිවයින පුරා පවතිනවාග වෙලාවට පොහොර ටික ගොවියාට ලබා දීමත්, අපහසුතාවයට පත් නොවන පරිදි එය සිදුකිරීමත් අත්‍යවශ්‍ය බවයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එසේම කිළිනොච්චි හා අනුරාධපුර තලාව ප්‍රදේශයේ නව පොහොර ගබඩා ඉදිකිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ද මෙහිදී ගනු ලැබුවා. මිනිපේ ප්‍රදේශයේ පොහොර හිඟයක් ඇති බවට නැගෙන ගොවි ගැටළු ගැන වහාම සොයා බලන ලෙසත්, පොහොර ඇසුරුමේ සිට මහා පරිමාණ සමාගම දක්වා විවිධ වංචාවන් ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා.
එසේම පොහොර සංස්ථා භූමියේ සියලු මාර්ග කාපට් අතුරා කඩිනමින් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද මෙම නිරීක්ෂණ චාරිකාවේදී ගනු ලැබුවා. සංස්ථාවේ වැටුප් විෂමතාවයක් පිළිබඳව නිලධාරීන් කරුණු ඉදිරිපත් කළ අතර, රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට ඊට විසඳුම් ලබාදෙන බවයි අමාත්‍යවරයා දැනුම්දෙනු ලැබුවේ. පොහොර බෙදාහැරීමේ ජාලය ඇතුළු කාර්යක්ෂම සේවාවක් සඳහා වූ පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඇති පුරප්පාඩු පුරවාල වී ගොවියාට උපරිම සේවාවක් ලබාදීමේ පොහොර සංස්ථාවේ වගකීම කර මතට ගෙන ඉටුකරන ලෙසයි මෙහිදී අදාල පාලනාධිකාරියෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.
පොහොර ගෙන්වීම, මිශ්‍රණය, ගබඩා කිරීමල බෙදාහැරීම සීමාසහිත ලංකා පොහොර සමාගම සිදුකරන අතර, ඇතැම් පෞද්ගලික සමාගම් වැරදි ලෙස පොහොර ගෙන්වීම, වංචනික ලිපි ලේඛන ඉදිරිපත් කරමින් පොහොර ගෙන්වීම, වංචනික ලෙස බෙදාහැරීම, වංචනික මිශ්‍රකිරීම සියල්ල ද සිදු කරන බවත්, ඒ පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න වහාම තමන් වෙත වාර්තා කරන ලෙසත්, පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට හා ලංකා පොහොර සමාගමේ නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම නිරීක්ෂණ චාරිකාවේ දී දැනුම් දෙනු ලැබුවා. අනතුරුව මාධ්‍ය වෙත ද අමාත්‍යවරයා අදහස් පළ කළා.
මීට එක්වූ රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා මහතා ප්‍රකාශ කළේ, කාබනික පොහොර භාවිතය ගැන ජනතාව දැනුවත්කොට නිසි ක්‍රමවේදයක් හරහා භාවිතයට හුරු කිරීමට සැලසුම් සහගත ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි, කෙටිකාලීනල දිගුකාලීන ලෙස ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියා.
– සුජිත් විතානපතිරණ
එංගලන්තයේ ඉගෙනගෙන ලංකාවට ඇවිත් රනිල් යටතේ internship එකක් කරන ඉහල පෙලේ උග්‍ර එජාප සාමාජිකයෙක්ගේ පුතෙක් මට 2016 දී කීවේ හිතා ගන්නත් බැරි වංචා ඇමතිවරුන්ේ අනුග්‍රහයෙන් සිදුවන බවය්.
දැන් ආරoචි නොදන්නා මගඩි ඊට වැඩියි….මහින්දානන්ද….හික්….
Gonjata kiyala baluwanam hora kapu ewun elaikarayi.Naha yahapane Gonjath hitiya nisa saddayak nathuwa idiyi.
එකක් නැර හොයලා සමාජගත කල යුතු අතර නම් හෙලිකල යුතුමඊ දඩුවම් දිය යුතුමඊ
අලුත්ම ප්‍රස්ථාව පිරැළ :: මහින්දානන්ද හොරැ අල්ලන්න ගියා වගේ … හුකෑස් හුකෑස්….