පොහොර ගෙන්වූ දේශීය සමාගමට මගේ ඥාතිත්වයක් ඇතත් ව්‍යාපාරවලට මා සම්බන්ද නෑ.. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත්

October 31, 2021 at 11:20 am | lanka C news
පොහොර ගෙන්වූ දේශීය සමාගමට මගේ ඥාතිත්වයක් ඇතත් ව්‍යාපාරවලට මා සම්බන්ද නෑ.. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත්

මෙරටට කාබනික පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයෙකුට තමාගේ ඥාතිත්වයක් ඇති බව සත්‍ය නමුත් එහි ව්‍යාපාර කටයුතුවලට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා සඳහන් කරයි.

එම සමාගමට ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදු කර නොමැති බව ද ඔහු කියා සිටියි.

තමන් එවන් මැදිහත්වීමක් හෝ බලපෑමක් කර ඇතැයි කිසිවෙකුට සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ ගැන විධිමත් පැමිණිල්ලක් සිදුකර ඕනෑම විමර්ශන ආයතනයකින් පරීක්‍ෂණ සිදු කරන ලෙසද ඒ මහතා ඉල්ලයි.

අදාල විමර්ශන සඳහා සහාය ලබාදීමට තමන් ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවත් ඔහු පවසයි.

කාබනික පොහොර ආනයනය පිළිබඳව පාර්ශවයක් ගණනාවක් සෘජුව හා වක්‍රව ඔහු වෙත එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වෙනුවෙන් අගමැති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කර සිටී.

26,529 views

23 Comments to “පොහොර ගෙන්වූ දේශීය සමාගමට මගේ ඥාතිත්වයක් ඇතත් ව්‍යාපාරවලට මා සම්බන්ද නෑ.. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත්”

  1. Game eka.. says:

    කවුරු මොනවා කිව්වත් හදවත දන්නවා අපි මොකද කරන්නේ කියලා .ඒකට බොරු කරන්න බෑ ..මැරෙනකොට එච්චරයි ගෙනියන්නේ .බැදුම්කර වංචාවක් ඔප්පු කරන්න බැරි වුණා … නමුත් කන්න නැතුව මැරෙන මිනිසුන්ගේ සාපේ ඕනම ආණ්ඩුවකට හරි දේ කරන්න නැත්තං ,ඒ වැඩ කරන මිනිස්සුන්ට මදිනවා .මැරෙන තැනටත් වදිනවා.නමෝ බුද්ධාය

  2. Sanka says:

    ගාමිණී සෙනරත් බබා කතාකරයි.

    සුප්පුව නැතිවෙලා බබා අඬනවා.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    බොරු චෝදනා වලට පිළිතුරු දුන්න එක ගොඩක් වටිනවා. ඔබතුමාට ජය.

  4. Murderer says:

    Minimaruwo kiyanneth maruwe naha kiyalai, usawiyedi oppu karana thuru ohu nirdoshi!

  5. Baba Ukkun says:

    Kalin thibuu nadu MonawaTada thibune aney. Redi hodanna Hodanna sudu wenawa kiyala hithanawaa ethi.

  6. Don says:

    Thoththa baba

  7. Sumudu says:

    නුවර එළියේ ඉඩම් මන්කොලෙකට හිටපු නගරාධිපති දොඩම්පෙගේ මල්ලිත් එක්ක පැටලිලා ඉන්නෙත් මෙයාම තමා

  8. Gune says:

    Meya kiyannema aththa…. Boru kiyada dannema ne

  9. maali says:

    mahinda always stayed with thieves that,’why he got defeated. We thought he had learnt a lesson so as to bring some sort of future for his Namal. It seems nothing has changed he is the same mahinda always behind the thieves to protect them saying he is a’ape man’. We thought Gota will change the system it seems he is allowing his brothers to eat and destroy the whole country. This is the end of Rajapaksha and pople will not come forward when Geneva starts its process .Rajapaksha clan will be taken to hague just like happened to sadam.
    This is the reality of future srilanka. Now we want someone who has not been in politics and who has no family connections to politics to get the power.

    • ගරසරප says:

      This craze of some maniacs to send Rajapaksa’s to The Hague really supported the perpetuation of the corrupt regime. It’s time to stop all such nonsense and leave Rajapaksa’s away from the limelight as much as one can.

  10. Manel says:

    You may not have a hand in this deal. However, you must resign from your job immediately as it’s damaging to PM.

Main News