පොහොර ගේනවා.. දෙසැම්බර මුල් සතියේ තොග එනවා.. ජනාධිපති අවසර දුන්නා…

November 22, 2021 at 11:20 am | lanka C news
පොහොර ගේනවා.. දෙසැම්බර මුල් සතියේ තොග එනවා.. ජනාධිපති අවසර දුන්නා…

‘දැන් ලංකාවේ තිබුනු පොහොර ටික බෙදනවා. ලබන මාසේ මුල් මාස දෙක ඇතුලත අවශ්‍ය කරන පොහොර ටික  මේ රටට එනවා. ඒ එක්කම අනෙකුත් බෝග වගා කරන අයට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් තුමා පණිවිඩයක් දුන්නා. ඒක වැරදි විදියට යම් යම් අය උපයෝගි කරගෙන තියෙනවා. ඒකෙන් කියන්නේ තුන්වැනි පන්තියේ සහ 4 වැනි පන්තියේ පොහොර මේ රටට ආනයනය කරන්න අවසර ලබල දෙන්න කියල. කාබනික පොහොර වලට යනකම් ගොවියාගේ ප්‍රශ්නය විසදන්න රජය මැදිහත් උනා. දැන් කියනවා ඔන්න හකුල ගත්ත කියනවා. වැඩේ කරනකොට හකුලගත්ත කියනවා.හැබැයි අපි සහණාධාරය දෙන්නේ කාබනික වගාවට. මේ රටේ ජනාධිපතිතුමා ජනතාවට කිව්ව දෙයක් තමයි ගොවියාට උදව් කරනව කියන දේ’ යයි කුඩා වැවිලිබෝග අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ පල්ලෙබැද්ද ප්‍රදේශයේ පැවැති අපනයන ගම්මාන පිහිටුවීමේ වැඩසටහනට එකතුවෙමිනි. මෙම අවස්ථව සදහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා සොයිසා මහත්මියද සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ලද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

‘දැන් තියෙන ප්‍රශ්නය ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නය. මම බඩ ඉරිගු සම්බන්ධව ඉන්න ඇමතිවරයා. මේ බඩ ඉරිගු ගොවියාගේ ප්‍රශ්නය අතිගරු ජනාධිපතිතුමාට කියල යූරියා මෙට්ට්‍රික් ටොන් 5000ක් බඩ ඉරිගු වගා කරන ගොවියාට ලබා දුන්නා. ඒ ගොවීන් දැන් ගොවිතැන කරනව. කුඩා තේ වතු හිමියන්ට ප්‍රශ්නයක් තිබුනා.කුඩා තේවතු හිමියන්ට පොහොර ටික ගේන්න ජනාධිපතිතුමා අවසරය දුන්නා.

අද බොරුව රජකරන යුගයක් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ ඩොලර් හිගයි අපි ඒක හංගන්නේ නැහැ. අපි අපේ රට ගොඩගන්න ඕන. ඒක පක්ෂ පාට ජාති ආගම් භේද නැතිව අපි ඔක්කොම එකතුවෙලා කටයුතු කලයුතුයි.

තව අවුරුදු තුනක් තියෙනව. දැන් අවුරුදු දෙකක් ගෙවුනා. යහපාලනයේ හිටිය අයයි තව කණ්ඩායමකුයි බලන් ඉන්නවා එලුව පස්සේ ගියා වගෙයි දැන් වැටෙයි දැන් වැටෙයි කියල කිය කිය යනවා. අපි කියනවා බලන් ඉන්න රටේ ජනතාවගේ ප්‍රශ්න විසදල මේ ජනාධිපතිතුමාම ඊලග ඡන්දයට ගෙනත් ඊලග පාරත් ජනාධිපති කරනව. මේ ආණ්ඩුව අපි හැදුවේ හරි අමාරුවෙන් තමුන්නාන්සේලා අපි කවුරුත් එකතුවෙලා.

ලක්ෂ දොලොස් දහසක පැල මේ රටේ ජනතාවට මේ වර්ෂයේදී ලබාදෙනවා. ජනාධිපතිතුමා කියල තියෙන්නේ වගා කරන අයට උදව් කරන්න කියල. මේ බෝග වැව්වාම රටට ආධායමක්. ඩොලර් අපේ රටට ආව‍ෙ නැහැ පසුගිය ආණ්ඩු කාලේ මේ අපනයන බෝග සංවර්ධනයක් වුනේ නැහැ. අපනයන ආධායම වැඩි කලොත් විතරමයි අපේ රටට පිටින් බඩු ගේන්න පුලුවන් වෙන්නේ’

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

34,640 views

12 Comments to “පොහොර ගේනවා.. දෙසැම්බර මුල් සතියේ තොග එනවා.. ජනාධිපති අවසර දුන්නා…”

  1. නාරද says:

    ජනපතිතුමා කියන එක පහලට නොයැම ගැටළුවක්, ඒ සමගම ජනපතිව අන්දන කියත්ලා වටේ සෙට් පිළිලයක්.

  2. LalithM says:

    හොර එලුවෝ කණ්ඩායමක් පස්සෙන් යන්නේ නුඹලායි. මහජනතාව උන්ගේ හැටි දන්නවා.නැවත අතීත මෝඩ වැඩ නෑ.

    • DilithM says:

      ජනතාව කියන්නේ 3% ගොන්බුරැවෝ නෙමෙි. ඔක්කෝටම වැඩිය උන්ගේ හැටි ජනතාව හොදින් දන්නවා.

      • Sahan says:

        අනිවාර්යෙන්, අපි 2025 බැසිල් රාජපක්ෂ ජනාධිපති කරමු.
        බැසිල් එක්ක වැලලෙමු

  3. Kaspersky says:

    සෝවියට් දේශයේ හා මහජන චීන සමූහාණ්ඩුවේද සහය ලද, ලංකාවේ මෙතෙක් බිහිවූ ප්‍රගතිශීලීම රජය වූ සමගි පෙරමුණට පහරදී දුර්වල කරන්න 1971දී CIA සංවිධනය විසින් ජවිපෙ ළදරු වලිප්පුව යොදා ගැනුනා.
    එදා සමගි පෙරමුණ රජයට එරෙහිව දියත් කල කැරැල්ල අනියමින් සෝවියට් හා චීන සහයෝගය ලංකාවේ ජනතාවට ලැබීම වැලැක්වීමට කල කඩාකප්පල්කාරී ත්‍රස්තවාදී ක්‍රියාවකි.
    තමන් වෙත අධිරාජ්‍යවාදී බලවේග විසින් පවරා ඇති එම ඓතිහාසික කාර්යය භාරය මේ වන විටත් ජවිපෙ සහ අනුර කුමාර ඉටු කරමින් ඇත.එය රාජපක්ෂ විරෝධය නම් අයිසිං තට්ටුවෙන් වසා සරසා යට ඇති ඇති චීන,රුසියන් හා ඉන්දියන් විරෝධයයි.
    අද වන විට මෙම ලදරු වලිප්පුව බෝවී අසාදනය වී ඇති ප්‍රමාණය 1971ට වඩා තවත් වැඩියි.බටහිර අධිරාජ්‍යවාදීන්ට අවාසිසහගත ගිවිසුම් වලට ලංකාව වෙනත් රටවල් සමග එලඹීම වැලැක්වීමට මේ ලදරු වලිප්පුවෙන් පෙලෙන අනුර, විමල්, ගම්මන්පිල. ජවිපෙ, පෙරට්ටුවන්,හෙළ උරුම කල්ලිය,අන්තරේ ඉතාමත් සූක්ෂමව යොදා ගන්නවා. යොදා ගැනුනා.

  4. බන්ඩා says:

    කාබනික පොහොර මාපියාව ට නායකත්වය දුන් ඇමති කුට්ටම ඉල්ලා අස්විය යුතුය්.

  5. MM says:

    කන්දෙගම මහත්මයා කරන උපදේශක සේවාවට මුළු මහත් ජාතිය ම ගෞරවය හිමි වියයුතු යි.

  6. jude perera says:

    dan nam pora one nehe labeta ratin elovalu palathuru hal gennamu

  7. saman says:

    පොහොර ගේනවද? නැත්නම් ශාක පෝෂකද?

  8. Love nature says:

    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි |

  9. Kevin Nash says:

    Now eat shit after messing all

Leave a Comment