පොහොර තහනමට විරෝධය.. පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රින් 50ට වැඩි පිරිසක් ජනපතිට ලිපියක්..

October 8, 2021 at 3:00 pm | lanka C news
පොහොර තහනමට විරෝධය.. පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රින් 50ට වැඩි පිරිසක් ජනපතිට ලිපියක්..

රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගන්නා ලද තීන්දුවට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විශාල පිරිසක් ලිපියකට අත්සන් තබමින් සිටී.

මන්ත්‍රීවරුන් 50ක ඉක්මවූ ප්‍රමාණයක් මෙම ලිපිය සඳහා අත්සන් තබමින් ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරිමට නියමිත මෙම ලිපිය මගින් කියා සිටින්නේ කෘෂිකාර්මික වගාවන් සඳහා අවශ්‍ය වන රසායනික පොහොර තහනම ක්‍රමානුකූලව සිදු නොකර එක්වරම කාබනික වගාවට යොමු කිරීම මගින් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වී තිබෙන බවයි.

කෙසේ වෙතත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා විසින් ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාවක් මත මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමු කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත

30,509 views

22 Comments to “පොහොර තහනමට විරෝධය.. පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රින් 50ට වැඩි පිරිසක් ජනපතිට ලිපියක්..”

  1. Karunarathna says:

    කාබනික පොහොර දාලා රටකට කන්න දෙන්න පුලුවන් නම් මීට කලින් එහෙම කරපු තැනක් ‍රටක් නගරයක් පෙන්නන්න ඕන.. මනෝරාජික ලෝකවල ඉදන් ප්ලෑන් නොකර ප්‍රායෝගිකව කරලා පෙන්නන්න කියන්න කාබනික ගොවිතැනට කඩේ යන උන්දැලට.. ඇමෙරිකාවෙ යුරෝපෙ කාබනික ගොවිතැනට කඩේ යන්නෙ ටොයියො කියලා කියාගන්න උදවිය.. ඒකටත් එක්ක මෙහෙ කඩේ යන්නෙ ඒකෙ අනිත් පැත්තෙ ඉන්න උන්… බයියොන්ට තියෙන්නෙ පරස්පර මතවාද කියන්නෙ ඔන්න ඕකයි

    • kamal says:

      ඇයි අපි අනුන් කරපු දෙයක්ම බලන්නේ අපිට වැරදුනේ මෙතන නේද. YouTube එකේ search කරලා බලන්න organic farms in Sri Lanka කියලා ඔබට වැටහේවි ඔබගේ අදබාල බව. මමහත්මයා මෙිකදේසපාලනකෝන වලින් බලන ප්‍රස්නයක් නෙමෙි. මෙි වැඩෙි කඩාකප්පල්කරොත් ආන්ඩුව වැටෙිවි වගේ අවස්තාවාදිව තාවකාලික වින්දනයක් ලබන දෙයක් නොවෙි 100% බැරි උනත් 70% හරි කරගත්තොත් අපි රටක් විදියට ගොඩ

  2. chamil says:

    Kudu gahapu ekata kudu one wage waha kapu ekata waha nathiwa baha… Salli thiyena miniha kohomath waha kanne Naha. U wadi Pura gewala organic kanawa. Duppath miniha thamai hamafama waha kanne.

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    කාබනික පොහොර ගගා වැලලෙන ගොබ්බයන්ට පුලුවන් එක්කො තමන්ගේ ව්ත්තේ පිටියේ වවාගන්න නැත්තං එවන් ඔර්ගැනික් / ගො’මේ ආහාර අලෙවිසැල් වලින් ලබා ගන්න ඒ ගැන කිසිම ගැටළුවක් නෑ , කාබනික පොහොර වලින් වවන්න කැමති ගොවියට පුලුවන් ඒ අංශයට යොමු වෙන්න , හැබැයි තොපී හැමිනෙන්න හදන්න එපා එක එක මරිමොලා කියන ලබු අහගෙන මුලු රටම කාබනික කරන්න කියාගෙන. දැනටමත් රටේ ආහාර සංචිත අඩුවේගන යනවා , එළවළු මිල ගනං වැඩිවේගන යනවා ,මේ රටේ ඉන්නේ සියට 40 ක් ඩොලර් 1 කට වඩා අඩුවෙන් ආදායමක් ලබන උදවිය , උන් කන්නේ උබලගේ අහවල් එකද ? ගොබ්බ පාදඩදෙනියලට , අතන මෙතන රතනයට ඔන්නං අර රහතා වවාගෙන කනවා වගේ වවාගෙන කාපල්ලා රටට කෙලින්නැතුව.

Main News