පොහොර තහනමෙන් සාගතයක් එනවා… කෑම නැති වෙනවා..

June 12, 2021 at 6:20 am | lanka C news
පොහොර තහනමෙන් සාගතයක් එනවා… කෑම නැති වෙනවා..

අවිචාරවත් පොහොර ආනයන තහනම නිසා ජනාධිපතිවරයාට ‘එකක් කඩතොළු මකා ගන්නට ගොස් දෙකක් කඩතොළු හදාගත්‘ ඉඳුරුවේ ආචාරියාට වූ දේ සිදුවීම වැළැක්විය නොහැකි යැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක‍්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක‍්‍රියාදාමයක් බව ප‍්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප‍්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය පිටුපස විශාල ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට සැකයක් මතුව ඇති බවයි.

රජය සිදුකළ යුතුව තිබුණේ රසායනික පොහොර වල ප‍්‍රමිතිය වැඩිදියුණු කරමින් එහි අක‍්‍රමවත් භාවිතාවන් නිසා වන හානිය පාලනය කිරීම සඳහා නියාමන වැඩසටහනක් ක‍්‍රියාවට නංවමින් පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය භාවිතයට ගොවියන් පුහුණු කරමින් ක‍්‍රමිකව කාබනික පොහොර සඳහා යොමුවිය හැකි කෘෂි ක්ෂේත‍්‍ර ඒ සඳහා යොමු කරවීම බවයි. එහෙත් ඊට හාත්පසින් වෙනස් විනාශකාරී තීන්දුවකට ජනාධිපතිවරයා එළැඹ තිබීම අතිශය කනගාටුවට කරුණක් බවද ඒ මහතා ප‍්‍රකාශ කරන ලදී.

මේ නිසා තේ වගාව වැනි වසර 150ක් පමණ පැරණි අපනයන ක්ෂේත‍්‍රයක් සම්පූර්ණයෙන් විනාශ වී යෑමේ අවදානමක් ඇති බව පෙන්වා දෙන ලද ඒ මහතා තේ හෙක්ටයාරයක් සඳහා වර්තමාන වියදම වන ආසන්න වශයෙන් රුපියල් 31000 ක මිල මේ හේතුවෙන් රුපියල් 400,000 කට පමණ වැඩිවන බවත්, නිෂ්පාදන වියදම අසීමාන්තික ලෙස ඉහළ ගොස් තේවල අපනයන ආදායම බිඳ වැටීම තුළින් සිලෝන් ටී සන්නාමය විනාශ වී යා හැකි බවත් ප‍්‍රකාශ කරන ලදී.

රජය මෙම අවිචාරවත් පොහොර තහනම ගෙන ඒමට සමගාමීව දැනටමත් කාබනික පොහොර නැව් ගෙන්වීමට ඇතැම් පිරිස් සහ සමාගම් කටයුතු කරමින් තිබීම තුළින් මේ පිටුපස විශාල ජාවාරමක් පැවතිය හැකි බවට සැකයක් මතුවන බවත්, මෙකී ප‍්‍රායෝගික නොවන තීන්දු නිසා එළැඹෙන කන්නයේ වී, එළවළු ඇතුළු අනෙකුත් බෝගවල අස්වැන්න හරි අඩකින් අඩුවීමෙන් ශ‍්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාව පිළිබඳව බරපතළ අර්බුදයකට ලක්විය හැකි බවත් පෙන්වා දෙන චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වසංගත තත්ත්වයක් මැද රට ඒ සා විශාල අර්බුදයකට ලක් නොකළ යුතු බවත් පෙන්වා දෙන ලදී.

අකිත පෙරේරා
– divaina

27,131 views

32 Comments to “පොහොර තහනමෙන් සාගතයක් එනවා… කෑම නැති වෙනවා..”

  1. ජනජය says:

    හම්මේ ..හොඳ ලී පාට නැතේ..පාට ලී හොඳ නැතේ…..ඕක කියන්න උඹ කීයක් ගත්තද ..ඒක කියපං …එකක් කියන්නං…උඹ මැරෙන්නෙ පිස්සු හැදිල …ඊට කලින් ඔය කරගෙන යන විදිහට බඩුවක් ගහගෙන හිටහං දැං කොමිස් ගහන්න බැරි එකේ…!

  2. Duminda says:

    යකෝ සාගින්නේ අවුරුදු දෙකක් හරි ඉඳලා කාබනික පෝර වලට මාරු වුනොත් අපේ දරු පරම්පරාවට හොඳයි කියලා මේ මෝඩයා ට තේරෙන්නේ නැද්ද

  3. සෙනෙවිරත්න says:

    සාගින්⁣නට රසායනික පොහොර ගහපු ආහාර ආනනයනය කරමු. එතකොට අපි පිටරට විස කමු. නම්බුයිනේඒක බයියන්ට මොලේ හැර සියල්ල තියෙනව

    A

    • Prasantha Rajapakshe says:

      our main food is rice, if rice is organic we are safe even though we imported other food.

  4. ex hadaya says:

    බස්නාහිර සුරපුරයක් කල අපේ මැතිදා …..
    ඔබ අති විශිෂ්ඨයි……
    ඒත් කාලකන්නියි….
    චන්ද නං වානා……
    ලොං හැලිච්ච චම්පුක ….
    තුක් නොදකිං …..

  5. යමයා says:

    කෝ බං උබ හදපු නගර…..භූගත නගරයකුත් හදනවා කියලා නේද⁣ කිව්වෙ ….
    අන්තිමට කක්කුස්සක් වත් හැදුවේ නෑ නේද ?

    උබ නිකං කටෙං බතල හිටවන කයිවාරැ කාරයෙක් බං….
    යකඩ මිනිහ කියල පෝස්ටර් ගහල ගූ උ⁣නා නේද ???

  6. ටාටා says:

    නදී ට කියන්න ….

  7. Rajiiva says:

    Donkey.Go to hell.