පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…

November 20, 2021 at 5:30 pm | lanka C news
පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…

මල් වගාව සදහා රසායනික පොහොර සහ රසායනික දියර නොමැති විම නිසා නුවරඑලියේ මල් වගාව ජිවන උපාය වශයෙන් සිදු කරගෙන පැමිණි ගොවින් රැසක් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇත.

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගාව මෙන්ම ස්වයං රැකියාවක් වශයෙන් තම නිවාස වල පිහිටි ගෙවත්තේ මල් වගාව ව්‍යාපාරයක් වශයෙන් කාලයක් තිස්සේ සිදුකරගෙන පැමිණි මල් වගා ගොවින් පිරිසකුයි මෙසේ ගැටළු රැසකට මැදි වි ඇත්තේ.

මාස කිහිපයක් තිස්සේ මල් වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ මල් වාගවට යොදන රසායනික දියර වර්ග යොදා නොමැති විමෙන් මල් වල ඵලදාව මෙන්ම මලේ වැඩිමද අඩු වි ඇති බවත්,මේ දිනවල මල්වලට පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි විම හමුවේ මල්වගාවෙන් ඉවත් විමේ අවධානමක්ද පවතින බවයි නුවරඑලිය මල් වගාකරුවන් කියා සිටින්නේ.

මේ දිනවල ඇස්තුමේනියා , ටියුලිප් , ඩේසි , ජේබ්රාස් වැනි මල් වර්ග වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, පවත්නා තත්ත්වය මත නුවරඑලියේ මල් වගාකරුවන් එම වගාවෙන්  ඉවත් වුවහොත්  නුවරඑලිය සංචාරක කර්මාන්තයට බලපැමක් ඇති විය හැකි බවයි නුවරඑලිය මල් වගාකරුවන් අවධාරණය කර සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,360 views

12 Comments to “පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…”

  1. Silva says:

    පොහොර නැතිව නෙමේ ප්රශ්නෙ. මෙච්චර කල් අපි තනිකරම පිටරට පොහොර මත යැපිලා තියෙන්නේ . ලැජ්ජයි.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර සුනකයා says:

      මල්ලි මට කලින් කිව්වනම් ඩොලර් ඕන ටරම් දෙන්නද තිබ්බ, මම අද අපේ ලොකු දුවගේ මන-මාලයට පොඩි ජෙට් එකකක් දැවද්දට ඕඩර් කලා Boing Compani කාරයගෙන්.

      කොරෝන බෙහෙත් හදන company ලොක්කෝ මගේ යාලුවෝ මල්ලි මම පිනට බොන්නේ කට්ටිය එක්ක. . අපේ ගෙදර එක්කෙනාට හතර පාරකම ගැහුවා මල්ලි දැන් බය වෙන්ඩ දෙයක නැනේ. සල්ලි හම්බවෙනවානම් මොකෝ මල්ලියේ.

  2. කාබනික මල් වගාව says:

    කාබනික පොහොර යොදා වගාකරන මල් , විසිතුරු පත්‍ර වලින් එන පුසුඹ සහ ලස්සන රසායනික පොහොර යොදන එව්වගෙ නෑ. හොඳ මිලකුත් එව්වට තියෙනවා . කාබනික පොහොර විප්ලවයට ජය !

  3. Pol_Pot says:

    පොල් පොට් කැම්බෝඩියාව පාලනය කරනවා.

  4. කරුමෙට නේ says:

    සුද්දෝ සංචාරයේ එන්නේ උඹලෑ මල් බලන්ටෑ?

    • හම්පඩ සුද්දා says:

      නෝ නෝ අපි එන්නේ කටරොලු මල් සිඹින්ඩ.

  5. Ayotallah says:

    No country in the world is dependent on OM and the world only 2-3 % is organic. However due to illusion Sl wants to be the first country fully dependent on OM. Now what is the end result There is massive loss of production and steep rise in vegetable prices unknown in Sri Lanka. The total dependence on OM is manipulated by the Threes company AP AR and Yapa who convinced the HE president. The SL people have to deal with these 3 in future

  6. නන්ද සීනි says:

    මල් ඕන නෑ.
    පොහොට්ටු තිබ්බම ඇති.
    පොහොට්ටු යි පුන්නක්කුයි.
    10% යි.

  7. සහන් says:

    බතකා ඉවරයි බලපමින් හිටියොත්.
    ටික කලකින් සිංහල හාලේ..
    ගෝටා හරකා ලංකා පොළොවෙන්
    පන්නනට සැරසෙමු රාලේ.

  8. 3% ට බය බයියා. says:

    තාම 69 ලක්ෂයට මල පැනලා නැහැ .උන් තාම ඉන්නෙ පොහොට්ටුව පිපිලා පවුල ගොඩ දාලා ජනතාව කනත්තට ගෙනියන දවස කවදා ද එන්නෙ කියලා

  9. Ravi says:

    පෝලිම් සමග අභාග්‍යයේ දෙවසර හා හොරු සමග හෙළුවෙන් කියලා Title එක වෙනස් කලා නම් තමා නියම

  10. තණමල්විල අපි says:

    තණමල්විල අපිට නම් ඔය ප්‍රශ්න නැ..
    සෝක් එකට මල් පිපෙනවා..

Leave a Comment