පොහොර නැවට මහජන බැංකුව ඩොලර් මිලියන 6.9ක් ගෙවයි..

January 7, 2022 at 8:40 am | lanka C news
පොහොර නැවට මහජන බැංකුව ඩොලර් මිලියන 6.9ක් ගෙවයි..

අහිතකර බැක්ටිරියා ඇතැයි මෙරට විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද චීන පොහොර තොගය සදහා මුදල් ගෙවීමට මහජන බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව අදාල චීන සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද දිනයේ ගෙවන බව මහජන බැංකුව කියයි.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම ගෙවීම් අත්හිටුවමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම නිසා මෙම මුදල් ගෙවීමට තීරණය වී ඇත.

පොහොර තොගය භාර නොගත්ත ද යලිත් ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් ලබාදෙන බවට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මහජන බැංකුව හරහා අදාළ සමාගමට මුදල් ගෙවීමට නියමිතය

17,564 views

14 Comments to “පොහොර නැවට මහජන බැංකුව ඩොලර් මිලියන 6.9ක් ගෙවයි..”

  1. Shan says:

    එන්න අපි ජෙප්පොන්ට බනිමූ

  2. api donanna ඩොලර් says:

    1 vote = 1 dollar

Main News