පොහොර නැව ආපසු ගෙන යන්න කොන්දේසි දමයි.. නැවු ගාස්තුත් ඉල්ලයි..

November 12, 2021 at 10:00 am | lanka C news
පොහොර නැව ආපසු ගෙන යන්න කොන්දේසි දමයි.. නැවු ගාස්තුත් ඉල්ලයි..

චීන පොහොර නැව මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් නාවික සැතපුම් 12 ක වපසරියට මායිම්ව කළුතරට නුදුරු ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම්ලා තිබේ.

මේ අතර අදාළ පොහොර තොගයේ ආනයනකරුවන් වන රජයේ පොහොර සමාගම් පැවසුවේ නැව ආපසු රැගෙන යාම සඳහා චින්දාවෝ සී වින්ග් බයෝටෙක් සමාගම රජයට කොන්දේසී කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

නැව ආපසු රැගෙන යාමට හේතුව ලෙස ශාක නිරෝධායන සේවයේ අනුමැතියකින් තොරව පැමිණිම පමණක් බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීම ඒ අතර ප්‍රධාන ඉල්ලීමකි.

නැව රැගෙන ගොස් ආපසු පැමිණිම සඳහාත් ප්‍රමාද වූ දින ගණන සඳහාත් අලාභය ගෙවිය යුතු බවට ද චින සමාගම කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කළේ, නැවට කිසිදු ගාස්තුවක් නොගෙවන බවයි.

ඇනවුම් නොකළ භාණඩයක් සඳහා කිසිදු මුදලක් ගෙවීමට නීතීමය බැඳීමක් නැතැයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

– newsfirst

54,286 views

15 Comments to “පොහොර නැව ආපසු ගෙන යන්න කොන්දේසි දමයි.. නැවු ගාස්තුත් ඉල්ලයි..”

  1. See eye see Buddi says:

    කෘෂි කරුමේ මෝඩයෝ අන්තර්ජාතික වෙළෙඳාම හා නීති නොදැන ගොං පාට් දානවා.

  2. Skr says:

    As per international regulation we are obliged to ships this vessel is 25 years old.Vessel sails with minimum fuel to load maximum cargo.Now may
    Be less fuel.need to settle this dispute fast.
    If our authories smart they could made claim against the vessel,that vessel is old, and not sea worthy
    During the passage bad weather may
    Have encounted could have got
    A insurance claim
    Instead fighting

  3. Skr says:

    I

Main News