පොහොර නෑ.. එළවලු අස්වැන්න අඩුවේ.. නුවරඑලියේ ගොවියෝ අසීරුවේ…

October 14, 2021 at 2:03 am | lanka C news
පොහොර නෑ.. එළවලු අස්වැන්න අඩුවේ.. නුවරඑලියේ ගොවියෝ අසීරුවේ…

රසායනික පොහොර නොමැති නිසා කාබනික පොහොර භාවිතයෙන් නුවරඑලියේ එලවළු වගා කල ගොවින් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මේ වන විට මැදිහත් වි ඇති බව නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා (13) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ පොහොර නැති වෙලා දැන් මාස ගණනාවක් වෙනවා ඒකට රජය තවම පිලිතුරක් ලබාදිලා නැ. මහින්දානන්ද මහතා එකක් කියනවා, ජනාධිපතිතුමා එකක් කියනවා.

රු 1600 පොහොර මිටියක් අද 5600 දක්වා ඉහල ගිහින් ගොවියා අන්ත අසරණ වෙලා තියෙනවා.

අපි සහනාදාර ඉල්ලන්නේ නැ  අපි ඉල්ලන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර.

කාබනික වගාව ගැන කතා කරනවා හැමෝම ඒ අයට ප්‍රායෝගික දැනුමක් නැතුව තමයි කතා කරන්නේ. කාබනික වගාව සිදු කරන්න කාලයක් යනවා.

උදාහරණයක් විදිහට අක්කරයකින් කැරට් කිලෝ 5000  ගත්තොත්,දැන ගන්න වෙලා තියෙන්නේ අක්කරයට කිලෝ 2000 පමණ.

රටේ ආර්ථිකයට මෙහෙවරක් කරන ගොවියා ගැන රජය හිතන්නේ නැ, එයාලගේ තනි මතයට තමයි වැඩ කරන්නේ.

වි ගොවියා අන්ත අසරණතාවයට පත් වෙලා තියෙනවා , වි මෝල් හිමියන් තමයි මිල තිරණය කරන්නේ.

රජය මේ විදිහට ගොවියා වැට්ටුවොත් , රටේ දැඩි ආහාර හිගයක් එනවා , ගොවියා අසරණ වෙනවා සුළු ගොවියා මහ පරිමාණ ගොවියා.

හැම දේශපාලඥයෙක්ම , ජනාධිපති කෙනෙක්ම බලයට එන්න කලින් කියන්නේ රටින් හාල්, බි ළුණු , අල  ගෙන්නේ නැ , ගොවියා ශක්තිමත් කරනවා කියලා. ගොවියා ශක්තිමත් කරනවා කියලා.

ඒක ක්‍රියාත්මක වෙන්නේ මාස දෙකයි ඊට පස්සේ ආයේ රටින් ඒ ටික ගෙනල්ලා ගොවියා අසරණ කරනවා.

අපි රජයෙන් ඉල්ලන්නේ රටින් ගෙන්වනවා වෙනුවට අපේ රටේ නිෂ්පාදන පිටරට යවන්න පුළුවන් විදිහට කටයුතු කරන්න කියලා.

ලංකාවේ හැදෙන ගුණාත්මක එලවළු ලෝකේ කොහෙවත් හැදෙන්නේ නැ , එලවළු මිල වැඩි උනාම ඔක්කොම කතා කරනවා , එලවළු මිල අඩු උනාම කටයුතු කරන්න කවුරුත් නැ.

රටට අවශ්‍යය එලවළු තියාගෙන අතිරික්තය පිටරට යවන්න කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා, යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,095 views

5 Comments to “පොහොර නෑ.. එළවලු අස්වැන්න අඩුවේ.. නුවරඑලියේ ගොවියෝ අසීරුවේ…”

  1. සියළ්ලන්ටම කැපයි, යහපතයි,.! says:

    නිදහසේ කාළය ගෙවීම ඉදිරියේදී සියළ්ලන්ටම කැපයි, යහපතයි,.!
    ”’නාකි අලියකු කරපින්නාගනිමින් බුරැවන්ට යාහැකි දුර ඉතාමත් සිමිතයි ,..! ”””බුරැ පස්දෙනාගේ යල්පැනගිය ”නාකි අලි” ආර්ථික න්‍යායන්ට රට විනාශ කිරිමට ඉඩ නොතැබිමට සියළු ඉඩකඩ අහුරා දැමිය යුතුයි,.! ,අන්තර්ඡාතික මංපහරන්නන්ගේ කොල්ලකරැවන්ගේ ග්‍රහණයට ශ්‍රීලංකාව පත් වීමට පෙර ,දේශීයත්වය රැකගනිමින්, දේශීය දේ පරිහරණය කරමින් සියළු ආනයනික භාන්ඩ රටතුළට ඇතුළුවිම නවතාදමා, කොස් දෙල් පොල් අල බතල පිලිබඳව සියල්ලන් ඇල්ම ඇතිකරවාගනිමින්, ආදායමට සරිලන ඡීවිතයකට ඇතුළු වී,.. නිදහසේ කාළය ගෙවීම ඉදිරියේදී සියළ්ලන්ටම කැපයි, යහපතයි,.!

  2. saman says:

    රට දියුනු උනාම ඔහොම තමයි. කැපකිරීම් කරලා හොරුන්ට ඇති තරම් හොරා කන්න ඉඩ දෙන්න ඔනේ.

  3. MD says:

    කන්නයක් දෙකක් පාඩු වු පමණින්ම තමන් හම්බුකරගෙන කන දේ පොලොවේ ගහලා පුච්චලා මිරිකලා දාන ඔය අහිංසකයි කියලා හිතාගෙන ඉන්න ගොවියාට දෙවියෝ බලයිද යා දෙයිද අඩුම ගානේ ආණ්ඩුව බලන්නෙත් නැතුව යයි.කෙහෙල් කැන් පිටින් කපලා පොලොවේ ගහනවා පව්කාරයන්.ගෙවන්න ගෙවන්න සසර පුරා දුකින්ම ඉන්න වෙයි.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ගස් බල්ලො ! දන්න ලබ්බක් කියහං , කන්නයක් දෙකක් පාඩු විදින්න , තොපේ මහ එකා උන්ට සල්ලි දෙනවද නඩත්තූ වෙන්න , ඕක කියපං මේ රටේ සාරය උරාගෙන බීලා ආතල් එකෙ ඉන්න උබලා කඩේ යන රජපවුලට , ගෙවල් උගස් කරලා , ණය වෙලා , රත්තරං බඩු ටික උකස් කරලා කරන වගාවට කනකොකා හඩනවනං මේ මිනිස්සුන්ට වෙන්නේ සිය දිවි හානිකරගන්න , තොට වගේ කීබොර්ඩ් එක උඩ වාඩිවෙලා කෙටිවා කියලා පිනට ගානක් හම්බ වෙන්නෑ මේ මිනිස්සුන්ට ,පොලවත් එක්ක ඔට්ටු වෙලා , මහන්සී වෙලා එකෙන් ප්‍රථිපලයක් නැත්තං බාල වූ වගාවෙන් ගහන්න ඔනේ පොලොවට නෙමේ , මේ ගොං තීරණ ගන්න ගොබ්බයන්ගේ ඔලු පැලෙන්න. ඒ කේන්තිය තමයි යකො ඔය පොලේ ගහලා පිට කරන්නේ.

      • MD says:

        අහිංසක ගොවියා කියලා දැන් කිසිම ගොවියෙක් නැහැ.ඵයාල රසායණික පොහොර යොදලා වල් නාශක ගහලා දිනකට මරණ සත්තු ගාණ කෙසේ වෙතත් කෙහෙල් කැනට වී ටිකට ඵළවලු පළතුරු වලට කොස් මදුලට පලා මිටියට මස් මාලු කෑල්ලට ගහන රසායනික දියර ටික බඩ පිරෙන්න ලැබෙනවා.ඊට පස්සෙ වකුගඩුවක් දාන්න යන වියදම අපි දෙන්න ඕන.ඵ්ක මාර වැඩක්නෙ.ඵයාලා ඇඟේ මහන්සිය මකා ගන්න අඩියක් ගහලා අසනීප වුනාම මහ ඉස්පිරිතාලෙට ආවහම ඵයාට බෙහෙත් වලට අපි ගෙවන්න ඕන.මාර වැඩක්නෙ ඵ්ක

Leave a Comment

Main News