පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

November 1, 2021 at 12:40 pm | lanka C news
පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

හැටන් නගරයේ එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් නගරයේ කැරට් ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, මාළු මිරිස් තක්‍රිලෝව රුපියල් 440ත් 440ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 400ත් 420ත්, බෝංචි ක්‍රිලෝව රුපියල් 300ත් 320ත්, ගෝවා ක්‍රිලෝව රුපියල් 160ත් 180ත්, බිට් ක්‍රිලෝව රුපියල් 180ත් 200ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 300ත් 320ත්, නෝකොල් ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 220ත් 240ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 120ත් 130ත්, අමු ක්‍රිලෝව රුපියල් 350ත් 400ත්, දෙහි ක්‍රිලෝව රුපියල් 750ත් 800ත්, අතර මිලකට අලෙවි වනු ඇත.

එලවලු මිල මෙසේ ඉහල යාම පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

එලවලු මිල මෙසේ ඉහල යාම පිලිබදව අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් පවසනුයේ රට තුල පවතින පොහොර ප්‍රශ්නය මත එලවලු වගාවන් විනාශ විමත් සමග එලවලු තොග නිසි ලෙසට වෙලද පලට නොලැබෙන බවත් මෙම තත්වයන් මත වෙලද පලට ලැබෙන එලවලු තොග මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

එලවලු මිල මෙසේ ඉහල යාමෙන් තම එලවලු වෙලදාමද දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත තමන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

38,396 views

15 Comments to “පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..”

  1. SL Revolution says:

    වත්මන් රාජ්‍ය තුල ශ්‍රී ලාංකිකයන් භයානක හා අනතුරුදායක ලෙස ධ්‍රැවීකරණයකට ලක් වී ඇත.එම ධ්‍රැවීකරණයේ මූලික වශයෙන් ආකාර තුනකි.ආර්තික වශයෙන් පොහොසත් හා පීඩිත-දුප්පත්-අසරණ ධ්‍රැව.සමාජීය වශයෙන් සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමළ ධ්‍රැව. අවසානයේ කී සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමළ ධ්‍රැවීකරණයේ භයානකම දෙය නම් නිජභූමි පදනම් වූ භූමි,පලාත් හා දිස්ත්‍රික්ක පදනම් කරගෙන එකිනෙක ජනකොටස් කෙරෙහි ජනිත වූ අවිස්වාසයන්,බිය,වෛරය සහිතව එම ධ්‍රැවීකරණය වීමයි.මාතෘභූමිය වෙනම රාජ්‍ය වලට කැඩී යාමට මෙම ධ්‍රැවීකරණය හේතු විය හැක. මේ අනතුරෙන් රට ගලවා ගත හැකි එකම මොඩලය සමාජවාදයේ මූලධර්ම මත පදනම් වූ රාජ්‍යයක් පමණි.මන්ද අවුරැදු 73ක් ක්‍රියාවට නැගුණු රාජ්‍ය අසමත් හෙවත් fail බැවිනි. සමාජවාදයේ මූලධර්ම මත පදනම් රාජ්‍යයක් තුල ඉහත කී සියලු ධ්‍රැවීකරණයන් අවමවේ,රටේ භූමිය පොදු රාජ්‍ය දේපල වීම තුල ඉඩම් පිලිබඳ පවුද්ගලික අයිතිය අහෝසිි වී නිජබිම් උන්මාදයද සුව වේ.SL Revolution යනු ලංකාවේ විද්‍යාත්මක,අධ්‍යාත්මික,සාධාරණ “අනාගත විසදුමයි”. එය පසුගිය අවුරැදු 73ක දේශපාලනයට සම්බන්ධයක් නැති හා එහී කොටස්කරුවන් නොවූ,නොවන එමෙන්ම වත්මන් දේශපාලන පක්ෂ,සංධාන හා පෙරමුණු වලට පරිබාහිර වූ නව්‍යමය උපතකි.

    • බන්ඩා says:

      මෑත දියුනු උන සිංගප්පූරැව කොරියාව මැලේසියාව වගේ ඔක්කොම රටවල් දියුනු උනේ එක ජාතියක්සහ භාෂාවක් මුල් කරගෙන බව ⁣බූරැවන්ට නොපෙනේ

      • Karunarathna says:

        උබ සිංගප්පූරැවට මැලේසියාවට ගිහිල්ලා බලපන් එක බාසාවද තියෙන්නෙ කියලා..සිංගප්පූරැවෙ විතරක් බාසා 4ක් නිල බාසා..

  2. dev says:

    pahugiya kaleth oya gana tibua ne
    munge tawa boruwak oka. pohora tiyana kaleth Nov.Dec ganan tamai oya

    komis kutti wada karanwada

  3. හැටනවයේ බයියා says:

    ලෝක වෙලඳපොලේ එලවලු මිල වැඩිවෙලා වගේ

    • North Korea says:

      “ජවිපෙ ගිණුම්වල රුපියල් බිලියන 6-7ක්..” තියනවා කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා.
      සත්ගුණවත් ජනතාවාදී ජවිපෙ ගුරු වැටුප් විෂමතා,ගොවි ගැටලු වලට සහන දෙන්න තම පක්ෂ ගිණුමෙන් රු බිලියනයක් පරිත්‍යාග කරන්න සූදානම් කියලා ආරංචියි.

  4. Power says:

    කොච්චර එළවළු, හාල්, සීනී, ගණන් ගියත් මහ පඹයටයි, පවුලේ උන්ටයි කන්න නැති වෙන්නෙ නෑනේ. මහ පඹයටයි, පවුලේ උන්ටයි එක දවසක් හරි කන්න නැති උනා නම් තමයි මේ කාබනික කෙරුවාව නිසා රටේ මිනිසුන් බඩගින්න නිසා විඳින වේදනාව තේරෙන්නෙ.

  5. Power says:

    දැන් එළවළු මිළ එහෙම කොහොමද? දැන් හාල් කීයද? බොම්බයි ළුෑණූ එහෙම කනවද? දැන් ගෑස් මිළ එහෙම කොහොමද? දැන් සැපද? මෙය කවුරුන් විසින් කා හට පවසන ලද්දක්ද? 😂

  6. saman says:

    බඩු ගන්න ගියාට අපිට ඉන්න රටක් තියනවා. සජියා අවනම් මීටත් වඩා ගනන් යනවා. කන්න නැතිම වෙනවා.ඉන්න රටකුත් නැති වෙනවා.

    • බුවනෙක says:

      Thawath innawa thopi wage kalakanni, boru deshapramayi, takaram thahaduwatai, bathmulatai thamange athmayama pawadena, hena gahunath thamange pakshayata kade yana hingana hatta.

    • Nizar says:

      ආච්චිගේ රෙද්ද කොහොමද යකෝ ඉන්න රටක් තියෙනවද කාලකන්නි රාජපක්ෂලා හොර නඩය ගෙඩිය පිටින් විකුණමින් මේ රට කාබාසිනිය කරලා තවමත් උන්ට කඩේ යනවා

  7. බන්ඩා says:

    තේ ගහට ඉහින්නෙ නැති ‘නැනෝ නයිට්‍රිජන්’ බෝග වලට අමතර පොහොරක් මිස ⁣පසට දමන පොහොරට substitute එකක් නොවන බව හොඳ කොම්පොස්ට් සහ ඩය්ගෙස්ටිං දියර පොහොර හදන අපි වග කීමෙන් කියනවා. ගොවියා ගිනිපිග් කර රටම අමාරැවේ දමන්න එපා stupid.

  8. සී අයි සේ says:

    එළවලු මිල අඩු වැඩි වන්නේ දේශගුණ හේතු මත

  9. Gorilla says:

    කොස් දෙල් පොලොස්සුත් දැන් ඉස්සර වගේ නැ. ආහාර හිගයක් අනිවා එනවා අපිට සොරි ඩොට්කොම් වෙයි වගේ.

  10. Nizar says:

    මේ රට විනාශ කලේ රාජපක්ෂ කාලකන්නින්ට උඩ දාගෙන චන්දය දාපු 69ලක්ෂයේ අම්බරුවෝ ටික ඕකුන් තමයි මේ රට විනාශ කලේ

Main News