පොහොර නෑ කියා මිනිස්සු බනිනවා.. ඒකට ජනාධිපති හා ඇමති මහින්දානන්ද වගකිව යුතුයි..- දයාසිරි

June 15, 2021 at 10:40 am | lanka C news
පොහොර නෑ කියා මිනිස්සු බනිනවා.. ඒකට ජනාධිපති හා ඇමති මහින්දානන්ද වගකිව යුතුයි..- දයාසිරි

ඉන්ධන මිල වැඩි කිරීම සිදු කරනු ලද්දේ ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව ජීවන වියදම් කමිටුව තීන්දු කළ පසු ඉන්ධන මිල වැඩි කිරීමේ නිල බලය ඇත්තේ මුදල් අමාත්‍යවරයා වශයෙන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බවද ඔහු පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් ලෙස සියලු දෙනාම අකමැති නමුත් රටක් ලෙස ඇති වී තිබෙන ඩොලර් හිගය හේතුවෙන් ඊට මුහුණ දීම ට අකමැත්තෙන් වුවද සිදුවි ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුවක් නිසා සාමුහිකව එම තීන්දුවට සියලු දෙනාම බැඳී සිටින බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

එනිසා එම ඉන්ධන මිල වැඩි කිරීමේ චෝදනාව ගම්මන්පිල මහතාට විතරක් තනිව එල්ල තනිකර එල්ල කිරීම වැරදි බවත් පවසන ඔහු එසේ නම් අද වන විට ලංකාවේ ඇති විශාල පොහොර ප්‍රශ්නයට කැබිනට් පත‍්‍රිකාව දැමූ ජනාධිපතිවරයා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වග කිව යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ ආකාරයෙන් ගතහොත් ඇමතිවරුන් සියලු දෙනාටමත් ගෙදර යන තත්ත්වයක් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළ ඔහු මෙසේ පැවසීය.

28,056 views

13 Comments to “පොහොර නෑ කියා මිනිස්සු බනිනවා.. ඒකට ජනාධිපති හා ඇමති මහින්දානන්ද වගකිව යුතුයි..- දයාසිරි”

  1. saman says:

    එහෙම වග කියන්න කියල දෙයක් නෑ. පොහොර නැත්නම් නිකන් ඉන්න කියන්න බොරුවට ගොවිතැන් කරන්වා.

    • dev says:

      thamange kenekta waku gadu roga hadena kam, pilikawak hadena kam ona kenek wasa kawi

      • කෘමි නාශක වල් නාශක නොගෙන්වන එක හරි. ඔය කියන වකුගඩු ආබාධ වලට මූලිකම හේතුවක් වෙන්නෙ Cd,pb වගේ බැර ලෝහ මේව ගොඩක්ම තියෙන්නෙ ප්‍රමිතියෙන් තොර බාල පොහොර වල. කරන්න තියෙන්නෙ ගුණාත්මක රසායනික පොහොර ගෙන්වන ගමන් ක්‍රමයෙන් කාබනික පොහොර වලට මාරු වෙන එක. බැරි වෙලාවත් රටින් කාබනික පොහොර ගෙන්නුවත් ඒවගෙත් බැර ලෝහ තියෙන්න පුළුවන් නාගරික කසළ ගෙන්නල. කුඔුරු වලට එහෙම කොහොමටත් අමාරු වෙයි මෙහෙම ගියොත් පුරන් කුඔුරු අස්වද්දන්න නෙමෙයි තියෙන කුඔුරුත් පුරන් වෙයි.

    • අසරණ අපි says:

      ආයිත් අහලා. මේ කෝ අර ” කෝවින් ” එක දාලා බෑලූ පොර ලංකාවේ උන්ට බෝවෙනවද කියල?

    • Avatar says:

      Dayasiri is very famous for pooping in the plate off which he eats!

      Another fellow eying to the premiership at any cost to the country.

  2. Saman says:

    විවිෂ රසායනික පොහොර නිසා මෙරට වසරකට වාර්තා වන වකුගඩු රෝගි මරණ ගණන 3500 ක්. මෙය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී …

  3. Red Line says:

    බටහිර බලවතුන්ට හා මූල්‍ය පතාකයන්ට ලංකාවේ පාලකයන් හා ආණ්ඩු සම්බන්ධයෙන් රතුඉර කුමක්ද?මානව හිමිකම්ද..යුද අපරාධද..මාධ්‍ය නිදහසද? නෑ ඒ එකක්වත් නොවේ.ඒ රතුඉර ඔවුන්ට අය විය යුතු ණය වාරික හා පොලී ඩොලර් වලින් නියමිත වේලාවට ගෙවා දමන සහතිකයයි.
    මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම කල ලෙසටම ගෝටා-මහින්ද ආණ්ඩුවද මූලික පූජනීය රාජ්‍ය කර්තව්‍යය ලෙස,බටහිර මූල්‍ය ආයතන වලට ගෙවිය යුතු ණය වාරික හා පොලී ඩොලර් වලින් ගෙවා දමමින් සිටී.වාහන ආනයනය පොහොර ආනයනය අත්හිටුවා,බදු බරින් ‌බොටු මිරිකා IMF හා World Bank අල්තාර මත දොහොත් මුදුන් තබා පුදන ඩොලර් වලින් මහත් ආනිසංස ලැබේ.ඔවුන්ට ඇති මානව හිමිකම්,යුද අපරාධද, මාධ්‍ය නිදහස චෝදනා අපල දුරී භූත වේ.පිටරට වසන තම දරුපවුුල් වලටද සෙත ශාන්තිය රැකවරණය උදා වේ.
    මෙතෙක් පැවති සියලුම ආණ්ඩු හරියටම සාර්තකවම ඉටු කර ඇති එක දෙයක් ඇත..ඒ කුමක්ද? ඒ බටහිරට අය විය යුතු ණය ගෙවා දැමීමේ කාර්යයයි.

  4. Kuse Ginna says:

    In very near future, there will be a food scarcity in the country. No foreign exchange to import too.

  5. ක්‍රිමිනල් says:

    වෙන්ඩ “උගත්” කියාගන්න පොරවල් රට කරනකොට ඔහොම වෙනවා , මෙහෙමයි කාබනික පොහොර නෙමෙයි , ඔනම දෙයක් රට හමුවේ තබන්න ක්‍රියාවලියක් තියෙනවා , ආහාර ක්‍රියන්නේ මේ රටේ ප්‍රමුඛත්වය , එවැනි දේයක් පිලිබද තීන්දූ තීරණ ගන්න ඔනේ පියවරෙන් පියවර , උද්‍යාණ හදනව වගේ එකපාරට ඩෝසර් කරලා , පහුවෙනිදට ගල් අල්ලලා , හොටොපු ගස් උගුල්ලලා රීපාලන්ට් කරලා හදනවා වගේ බෑ , කාබනික පොහොර හදුන්වලා දෙනවනං , ප්‍රමුඛතාවය හදුනාගෙන පියවරෙන් පියවර රට පෙලගස්සනවා මිස ඕවර් නයිට් මේ වැඩේ කරන්න බෑ කියලා , මේ රටේ බහුතරයක් ජනතාව දන්නවා ,එත් අපේ කරුමෙට උයන්පල්ලෙක් රජ වෙලා , හොදටෝම පිස්සු නටනවා . හාර්ඩ් කෝර් බෛයො හුරේ දානවා. අනිතිමට උන් රට යයි ,අපිට වෙන්නේ බෛයො කරපු කරුමෙට ඔටෝ කරගහන්න.
    ප.ලී. මෙහෙමත් ගොබ්බ පාණ්ඩුවක් 😂😂

  6. SAMAN says:

    CONVERTING CONVENTIONAL TO ORGANIC IS BRILIENT AND MUST DO IDEA!.
    BUT,MUST PLAN WELL FOR EXECUTION AND AS PER TODAY IT IS EVIDENT WITH LESS PROBABILITY FOR SUCESS !.

  7. Gamini says:

    Government will give all farmers a cool down period don’t cultivate be free for 6months.

  8. Love nature says:

    කුබුරුවලට ගිනි සිරියා කොළ පොහොර කම්මලක් බදුය. ගිනිසීරියා සාකයෙන් වාතයේ නයිට්‍රජන් විසාල ප්‍රමාණයක් ලබාගත හැකිය. අක්කරයකට ගිනි සිරියා ගස් 200ක් ප්‍රමාණවත්ය.

  9. Hesh says:

    විශාල පොහොර හිගය තියෙන්නේ සිරසේ. මූ රට තොට ගැන දැනගන්නේ සිරසෙන්ද කොහෙදො.