පොහොර නෑ.. ස්ට්‍රෝබෙරි වගාකරුවන් වගා අතහරිති..

October 5, 2021 at 5:30 pm | lanka C news
පොහොර නෑ.. ස්ට්‍රෝබෙරි වගාකරුවන් වගා අතහරිති..

නුවරඑලිය සීත දේශගුණයට හිතකර වු බහුදේශිය පළතුරක් වශයෙන් හදුන්වන ස්ට්‍රෝබෙරි වගාවට නිසි වෙලදපොලක් සහ ස්ට්‍රෝබෙරි වගාවට යොදන රසායනික පොහොර නොමැති විම නිසා එම වගාවෙන් ඉවත් වි එලවළු වගාවට යොමු විමට ස්ට්‍රෝබෙරි වගාකරුවන් තිරණය කර ඇත.

නුවරඑලිය නගරය ආශ්‍රිතව මාගස්තොට, සිතාඑලිය, මිපිලිමාන, යන ප්‍රදේශවල ස්වයං රැකියාවක් වශයෙන් ගොවියන් විශාල පිරිසක් සහ වාණිජ වශයෙන් කිහිප දෙනෙකුම ස්ට්‍රෝබෙරි වගාවේ මේ වන විට නිරතව සිටියි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්පලාත් අතර සංචරණ සිමා පැනවිමත් සමග දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලිය  ප්‍රදේශයට නොපැමිණිම හේතුවෙන් නැවුම් ස්ට්‍රෝබෙරි අලෙවිය , ස්ට්‍රෝබෙරි ආශ්‍රිත නිෂ්පාදන සහ තමන්ගේ අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි තත්ත්වය හමුවේ ඵලදාවට දැඩි ලෙස හානි සිදු වි ඇති බවයි ස්ට්‍රෝබෙරි වගාකරුවන් කියා සිටියේ.

ස්ට්‍රෝබෙරි වගාවෙන් නිෂ්පාදිත ජැම්, අයිස්ක්‍රිම්, කැරමල්, පිට්සා සදහා දැඩි ඉල්ලුමක් එවකට පැවතිම හමුවේ ස්ට්‍රෝබෙරි වගාකරුවන් තම වගාවලින් හොද ආදායමක් උපයා ගත් අතර , වර්තමානයේ එම වගාව හුදෙක්ම නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු කුරුලු විශේෂයන්ට ආහාරයක් පමණක් වි ඇති බවයි එම වගාකරුවන් කියා සිටින්නේ.

නුවරඑලියේ ස්ට්‍රෝබෙරි වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දි සිය ස්ට්‍රෝබෙරි වගාව සදහා නිසි වෙලදපොලක් සකස් කරදෙන ලෙස නුවරඑලිය ස්ට්‍රෝබෙරි වගාකරුවන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,129 views

13 Comments to “පොහොර නෑ.. ස්ට්‍රෝබෙරි වගාකරුවන් වගා අතහරිති..”

  1. මොහාන් says:

    මීළඟ චන්දෙ කවදාදෝ……………………………………………………………?

    අනේ කියන්නකෝ…………………………………….!

    නොඉවසිල්ලෙන් ඉන්නේ…………………………………..!!!!

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    කිසිම අධ්‍යනයකින් තොරව එකපාරටම කාබනික මගුලක් ගෙනල්ලා , හීනලොකවල ඉන්න එවුන් උන්ගේ හීන ගෙඩිපිටින් පොලවෙ පැලකරහම එකෙන් දුක් විදින්නේ උන් නෙමෙයි , මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු , රටම සාගතයකට ඇද දාලා , කෘශිකාර්මාන්තය මූලික කරගත් රටක අනාගතයට කෙලලා , අනිත් පැත්තෙන් රටේ සම්පත් ටික ඔසේට දීලා දානවා. මුන් යයි මේ පහ කරලා උන්ගේ මව්රටවලට මෙහේ ඉන්න උන්ට වෙන්නේ අපාගත වෙන්න ,මේ රට වලපල්ලට ඇදලා දාපූ ගොං බෛයි හැතිකරේ මීක් සද්දයක් නෑ , තැරිදාර පුන්නක්කූ බෛයො හොයලා උන්ගේ චන්ද අයිතිය අහොසී කරලා දාන්න ඔනේ , මුම් එදා ඉදලා කලේ හොර නඩේට වහල් කං කරපු එක , කාලකන්නී හැත්ත.

    • Alapaluwa says:

      අනේ පල පර බල්ලො. තොපිට තේරෙන්නෙ නැහැ සංවර්ධනය කියන්නෙ මොකක්ද කියලා.

  3. Dp says:

    ස්ට්‍රෝබෙරි වගාවෙන් අයින් වෙලා එළවළු වවන්න පටන් ගන්නවලු.. එතකොට එළවළු ගොවීන් කරන්නේ බොරුව. සැබෑ තත්වය ගොවීන් මහා පරිමාණයෙන් කෘෂි රසායනික වලට පුරුදු වුණා. එකෙන් වුණේ ජනතාව රෝහල් වලට පෝලිමේ යෑම. ටික ටික organic වගාවට හුරු වුණොත් හොඳ අපනයන මාකට් එකක් නිකන්ම හැදෙනවා. මෙයාලට අවශ්‍ය උපදෙස් හරියට දෙන්න ඕනේ. ඒ වගේම negative mind එකක් තියෙන ජෙප්පෝ මේකෙන් අයින් කරගන්න ඕනේ.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ඇයි බන් උබලා ඔච්චරටම මොට්ට මෝල් ? යකො එළවළු විතරක් වැව්වහම ඇතිද ? අනික ගොං මීමො නුවරඑළිය ,බදුල්ල ,බණ්ඩාරවෙල ගොවිය කියන දේවල් අහපිය , කැරට් ,බීට් ,ගොවා සහ අර්තාපල් වගාවලට අද වෙල තියන දේ ? නිසි පොහොර නැතුව , ඵලදාව අඩුවෙලා , හීන වෙලා. අනේ බං උබයි ,උබලගේ කාබනික ලබ්බොයි දන්න කෙහෙල්මල.

      • Farmer says:

        ….ගොවිය කියන දේවල් අහපිය…. This is the root cause of most of our problems. Not listening to what the people say..their concerns…

      • කොට මොඩල් says:

        උඹ හැමෝටම බැන බැන කිසිම දෙයක් නොකරන උත්ගෝෂන විතරක්ම කරන ජෙප්පෙක් වෙන්න ඇති. එළවළු වලටයි ස්ට්‍රෝබෙරි වලටයි වෙනම කාබනික පොහොර නෑ. මමත් ගෙවතු වගාව සාර්ථකව කරන කෙනෙක් . ගොවියන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ පොහොර වලට වඩා කෘෂි රසායනික නැතිකම. ඒවා තමයි වහ. කුඩා පරිමාණයෙන් අපි ඒක කරහත්තත් ගෝවියන්ට ඒකට ක්‍රමයෙන් හුරුවෙන්න වෙයි.

  4. 3% ට බය බයියා. says:

    පොහොර ප්‍රශ්නට ස්ථිර විසදුමක් දිය හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .හැම රජයකම නාස්තිය වංචාව දූෂණය බුද්ධිමත් ජනතාවට හෙලිදරව් කර අධිකරණය ඉදිරියට ගෙන යන්නේ ජේවිපි පමණයි .

    • Mangala says:

      වැඩේ තියෙන්නේ උන් මුල ටික හොඳට කරනවා .. ඊට පස්සේ ඒවට ගිනි තියලා දානවා පොදු දේපල කියලා.

  5. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ අනාගෙන නිසා රටේම කෘෂි කර්මය වට්ටා ගෙන යනවා. මිනිස්සුන්ට දැනෙන කොට ආණ්ඩුවෙ පැවැත්මට පරක්කු වැඩි වෙය්.

  6. nilu perera says:

    පොහොර ප්‍රශ්නට ස්ථිර විසදුමක් දිය හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .හැම රජයකම නාස්තිය වංචාව දූෂණය බුද්ධිමත් ජනතාවට හෙලිදරව් කර අධිකරණය ඉදිරියට ගෙන යන්නේ ජේවිපි පමණයි .

  7. කුහක පුට්ටුව says:

    පොහොර ප්‍රශ්නට ස්ථිර විසදුමක් දිය හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .හැම රජයකම නාස්තිය වංචාව දූෂණය බුද්ධිමත් ජනතාවට හෙලිදරව් කර අධිකරණය ඉදිරියට ගෙන යන්නේ ජේවිපි පමණයි .

  8. KD says:

    No one should eat pesticide/chemical fertilizer strawberries anyway.

Main News