පොහොර නොමිලේ දෙනවා කියලා කිවුවේ.. අද සල්ලිවලටවත් ගන්න පොහොර නෑ..
February 19, 2020 at 5:30 pm | lanka C news
පොහොර සහනාධාරය ප්‍රධාන මාතෘකාවක් කරගනිමින් බලයට පැමිණි ආණ්ඩුව විසඳුමක් දීමට නොහැකිවීමෙන් ලතවෙමින් සිටින බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා නෙලුවේදී පැවසීය.
මේ ආණ්ඩුව බලයට එන්න පොහොර සහනාධාරය ප්‍රධාන මාතෘකාවක් කරගත්තා.ආණ්ඩුව පත්වෙලා මාස හතරක් ගතවුනත් තවම පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න හැකිවෙලා නැහැ..
ආණ්ඩුව ආවේ පොහොර නිකන් දෙනවා කියලා.නිකන් තියා සල්ලි වලටවත් ගන්න නැහැ..
ගොවියෝ අද ඉතාම අමාරු තත්වයකට පත්වෙලා. මිල ඉහල ගියාට අස්වැන්න අඩුවෙලා.
අස්වැන්න අඩුවෙන්න ප්‍රධාන සාධකයක් නිසි කලට පොහොර යෙදීමට නොහැකිවීම.
ඒ නිසා ආණ්ඩුව ගොවියාට දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕන..
ඒ සමගම ගොවියාට නොමිලයේ පොහොර ලබාදෙන්න ඕන.
– රනිල් ප්‍රියංක ගමගේ
අනේ යන්න මහත්තයෝ ඔයා සාගර විශ්ව විද්‍යාලයට කල අනර්තය සුදුසු නැති අය පත් කරල ඇම්බැට්ටයො ගෙනල්ල පුරවල මතකද?