පොහොර ප‍්‍රශ්ණයෙන් කැබිනෙට්ටුව රත්වෙයි.. පොහොර ආනයනය කල හැකි බව ජනාධිපති කියයි..

October 16, 2021 at 10:00 am | lanka C news
පොහොර ප‍්‍රශ්ණයෙන් කැබිනෙට්ටුව රත්වෙයි.. පොහොර ආනයනය කල හැකි බව ජනාධිපති කියයි..

රට පුරා ගොවීන් මුහුන දෙන පොහොර ප්‍රශ්නය මේ වන විට බරපතළ අර්බුදයක් බවට පත්වී ඇති බව ඇමතිවරුන් ගණනාවක් විසින් කැබිනට් මණ්ඩලයේ දී පවසා තිබේ.

අවසන්වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් ගණනාවක් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පොහොර ප්‍රශ්ණය විසඳීමට වහා මැදිහත් වන ලෙසයි.

මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත්වීමක් නොකළහොත් රජයටද ඒ ඉතා අවාසිදායක වනු ඇතැයි එම ඇමතිවරුන් පිරිස පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කාබනික වගාවට ගොවීන් යොමු කිරීමට තීරණය කරන ලද්දේ රටේ හෙට දවස ගැන වෙනුවෙන් බවත් එය ජනප්‍රිය තීරණයක් නොවන බව තමන් දන්නා බවත් ය.

තමන්ට අවශ්‍ය නම් ජනප්‍රිය තීන්දුවක් ගෙන රසායනික පොහොර ආනයනය කර දිය හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි ද වාර්තා වෙයි.

එහිදී අදහස් දක්වා ඇති කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

42,750 views

18 Comments to “පොහොර ප‍්‍රශ්ණයෙන් කැබිනෙට්ටුව රත්වෙයි.. පොහොර ආනයනය කල හැකි බව ජනාධිපති කියයි..”

  1. Banda says:

    Is this supposed to be some kind of a joke ?

  2. Gunaya says:

    No one knows present international prices of fertilizers. Let them to import it by themselves and let we see how they enjoy with new sky roketed prices with their farming.
    Most countries abondoned farming due to the high prices. Fortuy our president knowingly or unknowingly came to correct position in advancef

    • Toyya says:

      පෙට්‍රල් shed එකක් run කරපු බුවෙක් කොහොමද බන් කෘෂිකර්මය ගැන දන්නේ. ඔන්න ඕක ළමයෙක්ට දීපන් නන්දෙ. දීලා පුළුවන් දෙයක් කරපන්

    • Dr Bandaranaike says:

      හරිත කාර්ය සාධාන බලකායේ සබාපති ලෙස පත්කොට තිබෙන්නේ කෘසිකර්මාන්ත ගැන කිසිම උගත්කමක් නැති විශ්‍රාමලත් මේජ්ර්වයෙකු වන විජිත වැලිකල මහතායි. ඔහු සතු සිකිරුටි කොම්පැනියක් watch gurd නමින් තිබෙන අතර ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලි අචලා අලස්ගේ ස්වාමිපුර්ශයා වේ. මෙම තනතුරුවකට මීට වඩා සුදුස්සන් පත් කිරිමට අතිගරු ජනාධිපති තුමා දැනුවත් කල යුතුය

      • Jeewananda,R says:

        ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රජය සතු ව්‍යාපාරයක් වන ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගම විසින් රු. මිලියන තුනක් COVID-19 ට එරෙහිව සටන් කිරීමට රජය ගන්නා උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇත.

        රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගමේ සේවකයින් දෙදහසකට වැඩි පිරිසකගේ දිනක වැටුප් පරිත්‍යාග කිරීම මගින් මේ සඳහා දායක වූහ. රු. මිලියන 3 ක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී. රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගමේ සභාපති මේජර් (විශ්‍රාමික) විජිත් වැලිකල , ප්‍රධාන විධායක නිලධාරි මේජර් (විශ්‍රාමික) දුලත් විජේතිලකේ සහ අධ්‍යක්ෂ පරිපාලන කර්නල් (විශ්‍රාමික) තිලක් බානගොඩ යන අය එම අවස්ථාවට සහභාගි වූහ.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    රසායනික පොහොර එපා. බඩගින්නෙ ඉඳල හරි කාබනික දේට හුරුවෙමු.

  4. Toyya says:

    පෙට්‍රල් shed එකක් run කරපු බුවෙක් කොහොමද බන් කෘෂිකර්මය ගැන දන්නේ. ඔන්න ඕක ළමයෙක්ට දීපන් නන්දෙ. දීලා පුළුවන් දෙයක් කරපන්

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      ආ… ඔීක මොකක්ද මහපොලොවෙන් මතු උන ග්‍රාමසේවකලා ජනාදපති උන එකේ

    • Covid18+ says:

      රසායනික පොහොර එපා. පොඩි එවුන්ට එලවළුවක් පළතුරක් කවන්න බැරි කාලයක් උදාවෙලා තියෙන්නෙ. අපේ රට ඕවයෙන් බේරලා දෙන්න තමයි ඔබතුමාව ගෙනාවෙ. කාබනික පොහොර වෙනුවෙන් පෙනී ඉන්න. අපි සැමදා ඔබතුමා සමගයි.

  5. රටවැසි says:

    දිය යටින් ගින්දර ගෙනියන අය ඉන්න බව දැනගන්න කොට , පරක්කු වැඩිවෙයි වගේ .

  6. Kalu Albot says:

    Handen Haal Genemu!

  7. LalithM says:

    ලංකාවේ වගාව කියන්නේ කුඹුරු සහ කෙටි කාලීන භෝග විතරද. පොල් රබර් තේ වගාවලට අවශ්‍ය පොහොර භාවිතය කවුරුත් ගනන් හදන්නේ නෑ.පොල් පොහොර අවුරුදු දෙකක්ම නෑ.පොල් ගෙඩිය හැදිල ප්‍රයෝජනයට ගන්න තත්ත්වයට එන්න මාස16ක කාලයක් යනවා. දැනටම අවුරුදු දෙකක නොසලකන ලද ඉඩම්වල අස්වැන්න ලබන වසරේ අඩුවී තව තෙල් ආනයනය කිරී සහ එලොව පොල් පෙනෙන මිල වැඩිවීම පාලනය නොහැකි වෙනවා.

  8. The Funeral Director says:

    කාබනික පෝර දැමිමත් ගහට උරා ගන්නෙ රසායනික අංශු හැටියටම තමා. ඇමතියත් වලිගෙ පාගන්, ලොක්කත් දෙකොන පාගන්. ආචාර්ය , මහාචාර්ය විද්වත් කතිකාවක් අවශ්‍ය මොහොතක්. කාබනික කෙරැවාවට අවශ්‍ය , නිෂ්පාදන පහසුකම් හා අනෙක් යටිතල පහසුකම් මුලින් ඉෂ්ට කරලා හිටපල්ල බං.
    මට තදවුනොත් ගහනවා ගැසටි එකක් , අමුඩෙක අචිචු ගහල.

  9. ජනජය says:

    කැබිනට් එකේදී පොහොර ප්‍රශ්නය බරපතලයි කියූ ඇමැට්ටන්ට මොන්සැන්ටෝ එකෙන් හොඳට ගෙවනව ඇති….!

  10. 3% ජෙප්පා says:

    රසායනික පොහොර තහනම් කරද්දී බූරු පුතානෝ සහ ලප කුමාර හිරේ දාලා තියන්න තිබුණේ. මුන් කොටින්ට ආයුද දීලා යුද්ධය කරන අතර තුර ආන්ඩුව පෙරලන්න ආයුද සන්නද්ධ කුමන්ත්‍රණය කරපු අමානුෂික කාලකන්නි දේශපාලන අපතයන් දෙන්නෙක්. මුන් ඉන්න කල් ලන්කාවට සංවර්ධනය ගේන්න දෙන්නේ නැහැ.

    • 03% ජෙප්පා කියන්නේ රජයෙන් පඩියට වැඩ කරන තීරු ලියන්නෙක් කියල දන්නව. ඒත් අර කිංස්ලි ගොන්සිලිය වගේ නොවී ටිකක් හිතල ලිව්ව නම් හම්බ වෙන ගනනට වටිනාකමක් දුන්න හැකියි.

    • Sagara says:

      ජෙප්පො තමයි මේ රටට කිසිම හොඳක් වෙන්න දෙන්නෙ නැත්තෙ. උන්ගෙ සද්දෙ විතරයි. ඒ නිසා ඒවා ගනන් නොගෙන පොහොර තහනම දිගටම ක්‍රියාත්මක කර රටට ජයග්‍රහණය ලබා දිය යුතුයි.