පොහොර ලැබෙන බව තහවුරු වීමෙන් ගොවීන් කුඹුරු අස්වද්දති…

October 15, 2021 at 6:47 pm | lanka C news
පොහොර ලැබෙන බව තහවුරු වීමෙන්  ගොවීන් කුඹුරු අස්වද්දති…

මෙවර මහ කන්නය සඳහා අම්පාර ගොවීන්ට පොහොර ලැබෙන බවට විශ්වාසය ඇති වීමත් සමඟ කඩිනමින් වී ගොවිතැන සිදු වන ආකාරය අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරයකදී දැක ගත හැකි විය.

නියමිත පරිදි පොහොර ලැබෙනවා නම් තමන් ගොවිතැන් කරන බව එහි ගොවියෝ සඳහන් කරති.

අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින අයුරුද දැක ගත හැකි විය.

උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කරන බවත්, මේ මස අගවන විට නයිට්‍රජන් පොහොර ද අම්පාර ඇතුළු බහුලව වී ගොවිතැන් කරන දිස්ත්‍රික්වලට ලබා දිය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

මෙවර මහ කන්නයේ වී වගාවෙන් ආදායම අඩු වුව හොත් අඩු වන අදායම වෙනුවට රජයෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බවට රජය සහතික වීමත් සමඟ ගොවිතැනින් ඈත් වීමට තීරණය කර සිටි ගොවීන්ද දැන් තම කුඹුරු ඉඩම් වගා කීරිමට පෙළඹී ඇති බව දිස්ත්‍රික් බොහෝමයක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

11,915 views

3 Comments to “පොහොර ලැබෙන බව තහවුරු වීමෙන් ගොවීන් කුඹුරු අස්වද්දති…”

  1. sana says:

    Well done and grate to see the GR is dealing with this historic decision for a better for the country
    Thanks for your grate leadership sir – GR

  2. 3% නැති ජෙප්පා says:

    රෙදි රොල් කරලා ..කේ ගහං විස රසායනික පොහොරවලට කඩෙි ගිය ඊ….යා ගොම රාජ් වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක්….

  3. Dharshana Abeykoon says:

    ගොබිබ සජියයි ජෙපි වහල්ලු ටිකයි ඔීකටත් අංචියක් අදිිවි. උන්මෙි රට දියුනු වෙනවට කැමති නෑ උතුරේ ගොවියෝ අවිස්සන්ට කවිරැත් නෑ උන් විස පොහොර ඉල්ලලා කෑගහන්නෙත් නෑ. මෙිවා මෙි අවස්තාවාදි කුහක වැඩ. ජනාදිපතිතුමනි මොන බාදවක් අවත්ඉදිරියටම යමු ඔීනෙ නමි කන්න 2ක 3ක්වරදිවි. මෙි පාර 100% නැති උනත් කොහොමහරි වැඩෙි පටන් ගත්තොත් අර අසරන දුප්පත් මිනිස්සුන්ගේ වකුගඩු ටික හරි බෙිරේවි. උන් රැල්ලට පැනලා කුලප්පු උනාට පස්සේ හරි වැරැද්ද තේරැමි ගනිිවි.

Main News