පොහොර වෙනුවට රට හාල් නැවක් ඇවිත්.. පොහොර නැව ඊයේ රාත්‍රියේ එනවා කියා ඇත්තේ බොරු.. පොහොර නැව මේ සතියේවත් නෑ..
January 4, 2018 at 2:10 pm | lanka C news
ඊයේ රාත්‍රියේදි පොහොර නැවක් ශ්‍රී ලංකාවට එන බවත්, එදින රාත්‍රියේදිම එම පොහොර දිවයින පුරා බෙදාහැරීමට වරායේ විශේෂ අවසරයක් සහිතව සිදු කරන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කැබිනට් තීරණයන් දැනුම් දීමේ අවස්ථාවේදී ප්‍රකාශ කලේ ය.
මෙය රජයේ නිල නිවේදනයක් වන අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියේදී මෙසේ පැවසිය.
එහෙත් වරාය අභ්‍යන්තර ආරංචි මාර්ගයන් සඳහන් කරන්නේ ඊයේ රාත්‍රියේ දි එසේ පොහොර පටවා ගත් නැවක් වරායට සෙන්දු නොවු බවත් ඉන්දියාවේ සිට සහල් මෙට්‍රික් ටොන් 500000 කට අධික නැවක් වරායට සේන්දු වීමට නියමිතව තිබූ බවකි.
කෙසේ වෙතත් මෙරටේ ගොවි පවුල් ලක්ෂ 18 ක් පමණ තම ජීවිකාව ගෙවා ගන්නේ කෘෂිකාර්මික ආශ්රිත බෝග වගාවෙන් වුවත් පොහොර අවශ්‍ය කාලයට ආණ්ඩුව විසින් ගොවි ජනතාවට ලබාදීමට නොහැකි වීමෙන් රටේ සමස්ථ ගොවි ජනතාවම අසරණ වී ඇති බව මේ වනවිට රටේ සියලු ප්‍රදේශවලින් වාර්තා වේ.
ඒ අනුව මෙවර අලුත් අවුරුද්ද සැමරීමට එම ජනතාවට සිදු වනුයේ කාගේ හෝ පිහිටෙන් ලැබෙන උදව්වෙන් බවත් ගොවි ජනතාව සැක පහළ කරයි.
විශේෂයෙන්ම රජයේ අමාත්‍යවරුන් විසින් අද සිට නොකඩවා පොහොර ලබාදෙන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම නිසා අදත් ගොවි ජනතාව පොලීම් ගැසි ආණ්ඩුවේ පොහොර බෙදා දෙනු ලබන ස්ථානයන් අසල රැදි සිටී.
එහෙත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ සතියේදී වත් ආණ්ඩුවට පොහොර ලබාදීමට නොහැකි වන බවයි.
– අන්තර්ජාලයෙනි
පොහොර මක්කටෙයි බං…..කාපංං බං පාං පිටියි රසකාරකයි…
කෑවම පස්සෙන් යනදෙය පොහොර කර
කරනවනම් මොටද පොහොරම තනි කර
සල්ලාලයන් තනිකරම කසිප්පු බොර කර
කරනවිට රටටම ඕනැ නොව මළ බද්ද කර
හරි ඉතින් රට හාල් මොකද පොහොර මොකද? හරි නම් තණකොළ නැවක් ගෙන්නලා 62,00,000 ක් හරකුන්ට දෙන්න ඕන.
යමපාලනය පලකර තිබුනා ලොරි 200 කින් ෆොහොර බෙදාදුන්නා කියා බොරුකාරයන්ට චන්දය දීමෙන් වලකින්න
Pohora Makkatay? Oya Thiyennae Haaalma Avilla…
වෙද මාමා, ඔයා නම් ටක්කෙට කිව්ව දේ නම් හරියට හරි ” ඉතින් රට හාල් මොකද පොහොර මොකද? හරි නම් තණකොළ නැවක් ගෙන්නලා 62,00,000 ක් හරකුන්ට දෙන්න ඕන”. මේ කඩේ යන මීහරක් ඊට වඩා ජරාවක් ගෙනාවත් කයි. දැන් කටුසුප්පු සෙට් එකයි උන්ගේ ලොක්කයි කන ජරාව ගැන තමයි ජනතාව කතාව.
Rata haal kiyanneth e e ratawal satwa govipalawalwala kukul mas, uru mas, gembi mas etc. hedeemata ganna Pohora thanks itin. Pitaratin genaena mas kaala enga had a gannawata wadaa Honda nedda aaibovanda, e haal kelinma ape bokkata daagena enga had a ganna eka, needs man ahanne.
දොළොස් ලක්ෂයක් වූ ගොවියන් සිය දරුවන්ව පිටරට ආහාරවලට පුරුදුකර ඇත.ඉතින් පොහොර මක්කටෙයි..