පොහොර සහනාධාරය නිසා ගොවීන් උවමනා ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක් පොහොර දමනවා..

May 13, 2021 at 5:30 pm | lanka C news
පොහොර සහනාධාරය නිසා ගොවීන් උවමනා ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක් පොහොර දමනවා..

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙරටට ආනයනය කර පොහොර ආනයනය කර සමාගම් වල සහ පෞද්ගලික අංශයේ ගබඩා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදි විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රසායනික පොහොර ආනයනයට විරෝධය පාමින් ගොවින් පිරිසක් දිවයිනේ ස්ථානය කිහිපයකම උද්ඝෝන සිදු කර ඇති බවයි.

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ අසු පන්දහසක් මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යවා ඇති බවත්,රජය මගින් ගොවින්ට සහනාදාර යටතේ රසායනික පොහොර ලබාදිම නිසා කාබනික පොහෙරෙ භාවිතය වෙනුවට ගොවින් 300% ප්‍රමාණයක් රසායනික පොහොර භාවිතා කර ඇති බවයි.

මේ රටේ වි ගොවිතැනට අවශ්‍යය රසායනික පොහොර අවශ්‍ය තරම් ඇති බවත්, අනෙකුත් බෝග සදහා රසායනික පොහොර හිගයක් පැවතියද එම හිගයද පියවිමට රජය කටයුතු කරන නිසා ඒ සදහා අනිසි බියක් ගොවින් ඇති නොකරගත යුතු බවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය නතර කිරිමට ක්ෂණිකව ගත් තිරණයක් නොවන බවත්, එය කාලයක් තිස්සේ අධ්‍යනය කරමින් කෘෂිකර්මාන්තයේ නියැලි සිටින සියළු දෙනා සමග සාකච්ඡා කර ගත් තිරණයක් බවයි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරිම දේශපාලනිකරණය නොකර ගන්නා ලෙසට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,110 views

12 Comments to “පොහොර සහනාධාරය නිසා ගොවීන් උවමනා ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක් පොහොර දමනවා..”

  1. මෝඩ බයියා says:

    අපේ උන් බත් කනවත් වැඩියි වී වවන් නැතුව තණකොල වවමු.

  2. අමල් says:

    .

    පොහොර සහනාධාරය නිසා ගොවීන් උවමනා ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක් පොහොර දමනවා..

    සහනාධාරයට එච්චර පොහොර දෙනවද?
    දන්නෙ අදනේ…

  3. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    ඇත්තෙන්ම මේ පුට්ටු ආණ්ඩුව එන්න කලින් මිනිස්සු ගොවිතැන ට වැඩිපුර පෝර දැම්මේ ම නැද්ද ? අපේ ගොවියෝත් මේ රජය අපහසු කරන්න වැඩියෙන් පෝර දාල පෝර හිගයි කියලා කියනවද කියල සැකයි. පෝර නොදා ඵලදාවව ගන්නම බැරිද ? මොකෝ ආණ්ඩුවට සල්ලි නැතුව එහෙම නෙමේ නේ.

  4. Banda says:

    Kabara kata kebara dodanava.

  5. sunimal says:

    බෝගවලට කෘමිනාසක ගහලා දවස් 4ක් යන්න පළමුවෙන් වෙළද පොලට යවන බුරුවොත් අපේ රටේ ඉන්නවා.

    • මහනුවර අක්‍රම් says:

      නුවර එලියෙන් උදේට ලොරියට පටවන්න කලින් දවසේ රෑත් ගහනවා……. උන්ගේ පවුල් වලට කන්ඩ බෙහෙත් නොගහා කොටසක් තියා ගන්නවා!

      • ක්‍රිස් says:

        මේ කියන්නෙ රසායනික පොහොර ගැන විසාරදවරුනි..

  6. දැන් ෂැපයි බයියා says:

    පොල් තෙල් 550/= ඉදිරියේ දි හාල් 350/=වෙනවා කියලා තමයි ඔය කියන්නේ .හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  7. saman says:

    දැන්ද යකො ඕක දන්නේ? ජන්ද කාලේ බොරු කියලා ගොවිය රවට්ටලා ජන්දේ ගත්ත. අයිත් ජන්දයක් එනකොට පොහොර නිකන් දෙනවා කියල කියයි.

  8. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    අපිට බත් එපා පුන්නක්කු දියව්

  9. S.Vitharana says:

    පුනක්කු හොඳ මදි. තණකොල දියවු!

  10. Nadee says:

    Permit dena nisa deshapaluvoth onivata vada vahana use karanava

Main News